කොමසාරු සහ රමේෂ් දක්ෂතා දක්වයි

SLC Major Club 3 Day Tournament 2023

417

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තුන් දින ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද ද (25) ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැති අතර එහි දී කැපී පෙණෙන දක්ෂතා දැක්වීමට දඟ පන්දු යවන්නන් වූ චානක කොමසාරු සහ රමේෂ් මෙන්ඩිස් සමත් වූවා.

Baduraliya කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන 40 හැවිරිදි වියේ පසුවෙන චානක කොමසාරු අද තමන් මුහුණ දුන් 175 වැනි පළමු පෙළ තරගයේ දී කඩුලු 700 කඩඉම පසු කළා.

ඔහු මෙම දක්ෂතාව කළේ Bloomfield කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 66කට කඩුලු 3ක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 96කට කඩුලු 8ක් දවා ගනිමිනුයි. දෙවැනි ඉනිමේ දී ඔහු පෑ දක්ෂතාව ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම බවට පත් වූ අතර තරගයේ දී ලකුණු 162කට කඩුලු 11ක් දවා ගත් ඔහු එය තම තරග දිවියේ තරගයක හොඳම පන්දු යැවීම බවට ද පත් කර ගත්තා.

මේ අතර Moors කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන, නායක රමේෂ් මෙන්ඩිස් Police කණ්ඩායමට එරෙහිව ලකුණු 80කට කඩුලු 7ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 82ක ඉනිමක හොඳම පන්දු යැවීමයි.

පිතිකරුවන් අතුරින් Galle කණ්ඩායමේ ඕෂඳ ප්‍රනාන්දු සහ ශාලිත් ප්‍රනාන්දු යුද හමුදා කණ්ඩායමට එරෙහිව ශතක වාර්තා කිරීමට කැපී පෙණුනා. ඕෂද ප්‍රනාන්දු පන්දු 174කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සමඟින් ලකුණු 150ක් ලබා ගනිද්දී, ශාලිත් ප්‍රනාන්දු පන්දු 218කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 146ක් ද ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව සිවු වැනි කඩුල්ල සඳහා ලකුණු 228ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වුනා.

මේ අතර අද දවසේ දී Panadura කණ්ඩායමේ රොෂාන් විජේනායක, CCC කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සහ අංජල බණ්ඩාර, Colts කණ්ඩායමේ සංගීත් කුරේ, Baduraliya කණ්ඩායමේ අයන සිරිවර්ධන, Bloomfield කණ්ඩායමේ නිපුන් කරුණානායක සහ ලහිරු මධුශංක, Sebastianites කණ්ඩායමේ ලොහාන් ද සොයිසා, දුශාන් විමුක්ති, ප්‍රමෝද් මධුවන්ත සහ සචිත ජයතිලක, SSC කණ්ඩායමේ නිසල තාරක සහ Kandy Customs කණ්ඩායමේ ඉමාල් ලියනගේ අර්ධ ශතක වාර්තා කරමින් කැපී පෙණෙන මෙහෙවරක නිරත වූවා.

පන්දු යැවීමේ දී BRC කණ්ඩායමේ දුශාන් හේමන්ත, Ragama කණ්ඩායමේ ශෂික දුල්ශාන් සහ යුද හමුදා කණ්ඩායමේ කෞමාල් නානායක්කාර කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

Group A

  • Ragama CC සහ CCC

o ක්‍රීඩාංගණය – P Sara Oval, කොළඹ

o කාසියේ වාසිය – CCC

Ragama – පළමු ඉනිම පන්දුවාර 54.4ක දී සියලුම දෙනා දැවී 194 (නිශාන් මධුශ්ක 101, ජනිත් ලියනගේ 47, අවිශ්ක තරිඳු 26, විශ්ව ප්‍රනාන්දු 2/26, අසිත ප්‍රනාන්දු 3/42, අශාන් ප්‍රියංජන් 5/45

CCC – පළමු ඉනිම පන්දුවාර 78.4ක දී සියලුම දෙනා දැවී 262 (මිනෝද් භානුක 32, කමිඳු මෙන්ඩිස් 89, අංජල බණ්ඩාර නොදැවී 50, සංතුශ් ගුණතිලක 2/25, සංජුල බණ්ඩාර 2/58, ශෂික දුල්ශාන් 5/51)

Ragama – දෙවැනි ඉනිම පන්දුවාර 6.0ක දී කඩුල්ලක් දැවී 31 (සමින්ද ප්‍රනාන්දු නොදැවී 26)

  • BRC සහ Panadura

o ක්‍රීඩාංගණය – BRC, කොළඹ

o කාසියේ වාසිය – BRC

BRC – පළමු ඉනිම පන්දුවාර 97ක දී සියලුම දෙනා දැවී 369 (Abhishek Raman 35, රිසිර වීරසූරිය 35, දුශාන් හේමන්ත 102, දුලාශ් උදයංග 51, ලක්ෂාන් ගමගේ 22, නිමන්ද මධුශංක 28, දුවිඳු තිලකරත්න 34, රජීව වීරසිංහ 6/95, විශ්ව ලංකා 2/69)

Panadura – පළමු ඉනිම පන්දුවාර 62.3ක දී සියලුම දෙනා දැවී 217 (රිශික දවටගේ 35, පවන් ද සිල්වා 21, රොෂාන් විජේනායක 55, ඉන්දික ද සේරම් 35, මොහොමඩ් ශිරාස් 2/38, දුශාන් හේමන්ත 5/55)

BRC – දෙවැනි ඉනිම පන්දුවාර 21.4ක දී කඩුලු 6ක් දැවී 67 (දුශාන් හේමන්ත නොදැවී 32, ලක්ෂාන් ගමගේ 26, රජීව වීරසිංහ 4/31)

  • Negombo සහ Colts

o ක්‍රීඩාංගණය – Colts, කොළඹ

o කාසියේ වාසිය – Colts

Negombo – පළමු ඉනිම පන්දුවාර 43.0ක දී සියලුම දෙනා දැවී 147 (Jatin Saxena 80, කවිශ්ක අංජුල 2/41, උදිත් මධුශාන් 4/24, අකිල ධනංජය 3/20)

Colts – පළමු ඉනිම පන්දුවාර 72.2ක දී සියලුම දෙනා දැවී 220 (සංගීත් කුරේ 71, රවිඳු රසාන්ත 44, අකිල ධනංජය 33, නිශාන් පීරිස් 3/89, උපුල් ඉන්ද්‍රසිරි 4/46)

Negombo – දෙවැනි ඉනිම පන්දුවාර 50.0ක දී කඩුලු 5ක් දැවී 133 (අශේන් සිල්වා 43, පසිඳු ලක්ෂාන් 32, හිමාෂ ලියනගේ 42, අකිල ධනංජය 3/66, සංගීත් කුරේ 2/09)

Galle සහ Sri Lanka Army

o ක්‍රීඩාංගණය – Galle

o කාසියේ වාසිය – Galle

Galle – පළමු ඉනිම පන්දුවාර 102.1ක දී සියලුම දෙනා දැවී 408 (ඕෂඳ ප්‍රනාන්දු 150, ශාලිත් ප්‍රනාන්දු 146, තරින්ද ගුරුගේ 25, හේෂාන් හෙට්ටිආරච්චි 2/79, කෞමාල් නානායක්කාර 5/136, සුමින්ද ලක්ෂාන් 2/55)

Group B

Ace Capital සහ Tamil Union

o ක්‍රීඩාංගණය – FTZ, කටුනායක

o කාසියේ වාසිය – Tamil Union

Tamil Union – පළමු ඉනිම පන්දුවාර 48.1ක දී සියලුම දෙනා දැවී 124 (නවෝද් පරණවිතාන 25, ධනංජය ද සිල්වා නොදැවී 55, රොෂාන් ජයතිස්ස 4/58, වනුජ සහන් 6/46)

Ace Capital – පළමු ඉනිම පන්දුවාර 41.3ක දී සියලුම දෙනා දැවී 112 (කවිඳු අමන්ත 20, ශිරාන් ප්‍රනාන්දු 4/29, විජයකාන්ත් වියස්කාන්ත් 2/06, නවොද් පරණවිතාන 2/03)

Tamil Union – දෙවැනි ඉනිම පන්දුවාර 42.2ක දී කඩුලු 6ක් දැවී 161 (නවෝද් පරණවිතාන 40, සිතාර හපුහින්න 26, ධනංජය ද සිල්වා නොදැවී 49, රොෂාන් ජයතිස්ස 4/81)

Baduraliya සහ Bloomfield

o ක්‍රීඩාංගණය – Surrey Village, මග්ගොන

o කාසියේ වාසිය – Baduraliya

Bloomfield – පළමු ඉනිම් පන්දුවාර 50.4ක දී සියලුම දෙනා දැවී 120 (Hasnain Bokhari 59, Parvez Rasool 6/43, චානක කොමසාරු 3/66)

Baduraliya – පළමු ඉනිම පන්දුවාර 30.0ක දී කඩුලු 8ක් දැවී 122 (Parvez Rasool 24, මධුරංග සොයිසා නොදැවී 44, රොහාන් සංජය නොදැවී 30, සහන් නානායක්කාර 5/49, අසිත වන්නිනායක 2/27)

Bloomfield – දෙවැනි ඉනිම පන්දුවාර 65.1ක දී සියලුම දෙනා දැවී 240 (නිපුන් කරුණානායක 70, ලහිරු මධුශංක 56, මිනෙත් ප්‍රේමරත්න 33, Parvez Rasool 2/125, චානක කොමසාරු 8/96)

Baduraliya – දෙවැනි ඉනිම පන්දුවාර 21.0ක දී කඩුලු 5ක් දැවී 122 (Parvez Rasool නොදැවී 38, අයන සිරිවර්ධන නොදැවී 60, සහන් නානායක්කාර 4/47)

Sebastianites සහ Chilaw Marians

o ක්‍රීඩාංගණය – ද සොයිසා, මොරටුව

o කාසියේ වාසිය – Sebastianites

Sebastianites – පළමු ඉනිම පන්දුවාර 86.5ක දී කඩුලු 8ක් දැවී 342 (ලොහාන් ද සොයිසා 65, අදීශ නානායක්කාර 29, දුශාන් විමුක්ති 73, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 74, සචිත ජයතිලක 66, අවිඳු තීක්ෂණ 3/91, ලසිත් ලක්ෂාන් 2/60, චමෝද් සඳරු 2/01)

Chilaw Marians – පළමු ඉනිම පන්දුවාර 15.0ක දී කිසිවෙක් නොදැවී 25

Moors සහ Police

o ක්‍රීඩාංගණය – Moors, කොළඹ

o කාසියේ වාසිය – Police

Moors – පළමු ඉනිම පන්දුවාර 40.1ක දී සියලුම දෙනා දැවී 154 (ජනිශ්ක පෙරේරා 52, සොහාන් ද ලිවේරා 49, ප්‍රවීන් ජයවික්‍රම 34, මාලින්ද පුෂ්පකුමාර 5/68, නලින් ප්‍රියංකර 2/50)

Police – පළමු ඉනිම පන්දුවාර 71.5ක දී සියලුම දෙනා දැවී 265 (කුසල් පෙරේරා 34, Gitansh Khera 75, ප්‍රියමාල් පෙරේරා 78, දනාල් හේමානන්ද 35, මිලාන් රත්නායක 2/48, රමේෂ් මෙන්ඩිස් 7/80)

Moors – දෙවැනි ඉනිම පන්දුවාර 9.0ක දී කඩුල්ලක් දැවී 41 (ඉම්තියාස් ස්ලාසා නොදැවී 27)

SSC සහ Kandy Customs

o ක්‍රීඩාංගණය – SSC, කොළඹ

o කාසියේ වාසිය – Kandy Customs

SSC – පළමු ඉනිම පන්දුවාර 99.0ක දී කඩුලු 9ක් දැවී 454 (අවිශ්ක ප්‍රනාන්දු 27, ෂෙවෝන් ඩැනියෙල් 21, කුසල් මෙන්ඩිස් 45, නුවනිඳු ප්‍රනාන්දු 105, දසුන් ශානක 96, මනෝජ් සරත්චන්ද්‍ර 54, චමිඳු වික්‍රමසිංහ 23, ලක්ෂිත මනසිංහ 20, නිසල තාරක නොදැවී 52, බුද්ධික සංජීව 3/106, ගයාන් සිරිසෝම 4/129)

Kandy Customs – පළමු ඉනිම පන්දුවාර 63.1ක දී සියලුම දෙනා දැවී 312 (ඉමාල් ලියනගේ 69, දේශාන් ඩයස් 22, සමීන් කඳනාරච්චි 40, ඉමේෂ් උදයංග 38, නිසල තාරක 3/34, නිම්නක ජයතිලක 4/107)

SSC – දෙවැනි ඉනිම පන්දුවාර 11.0ක දී කඩුලු 2ක් දැවී 61 (අවිශ්ක ප්‍රනාන්ද 30, සදීශ රාජපක්ෂ නොදැවී 23, ගයාන් සිරිසෝම 2/05)

NCC සහ Air Force

o ක්‍රීඩාංගණය – Air Force, කටුනායක

o කාසියේ වාසිය – Air Force

Air Force – පළමු ඉනිම පන්දුවාර 37.1ක දී සියලුම දෙනා දැවී 153 (රොස්කෝ තටිල් 63, මොවින් සුබසිංහ 21, අනුශ ප්‍රේමරත්න 23, ලසිත් ඇඹුල්දෙණිය 4/72, අශේන් ඩැනියෙල් 5/51)

NCC – පළමු ඉනිම පන්දුවාර 80.4ක දී සියලුම දෙනා දැවී 282 (ලහිරු උදාර 53, කමිල් මිෂාර නොදැවී 61, සහන් ආරච්චිගේ 29, මොවින් සුබසිංහ 4/68, චතුර රන්දුණු 2/34, රොස්කෝ තටිල් 2/34)

Air Force – දෙවැනි ඉනිම පන්දුවාර 7.1ක දී කඩුල්ලක් දැවී 29

මෙම තරග සියල්ල හෙට (26) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<