පසුගිය දා අවසන් වූ බෝර්නියෝ සත්සාමාජික රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකාවෙන් දිස්වූයේ කණගාටුදායක ක්‍රීඩා විලාශයකි. කෙසේ වෙතත් එළඹෙන අප්‍රේල් මස 7 වන දා සිට 9 වන දා දක්වා හොංකොං හිදී පැවැත්වෙන ‘ලෝක කුසලාන සත්සාමාජික රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට’ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එක්කිරීමට රග්බි තේරීම් කමිටුව තීරණය කොට ඇත.

පාසල් රග්බි ලීගයේ ලකුණු එකතු වීම සිදුවන්නේ කෙසේද?

මේ වසරේ පාසල් රග්බි ලීගයට කණ්ඩායම් 13ක් එක්වීමත් සමඟ, එම කණ්ඩායම් සම සමව කාණ්ඩ දෙකකට බෙදිය නොහැකි බැවින් …

පිට කොන්දේ ආබාධයකට ලක්ව සිටි හිටපු නායක ෆසිල් මරීජා සහ දණහිසේ ආබාධයක් හේතුවෙන් තරග වාර දෙකක්ම අහිමි වූ අනුරුද්ධ විල්වර, නැවත ආගමනයට සූදානම්ව සිටියි. මහනුවර කණ්ඩායමේ සෙන්ටර් ක්‍රීඩක ගයාන් වීරරත්න, කලව ප්‍රදේශයේ මස්පිඩු ඉරීමක් නිසා පුහුණුවීම් වලට සහභාගී නොවෙයි.

අත්දැකීම් සහිත ක්‍රීඩකයන් එක්වීම නිසා ශ්‍රී ලංකා සංචිතය වඩා සවිමත් වී ඇතත් ආබාධවලින් සුවය ලැබූ පමණින් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය සත්සාමාජික තරගවලට උචිත පරිදි සකස් වී ඇති දැයි නිශ්චය කරගත නොහැක. හොංකොං කණ්ඩායමට එරෙහිව බිහිසුණු ධාවනයන් සිදු කර ඇති විල්වර පමණක් ඔවුන්ට හිසරදයක් වනු ඇතැයි සිතිය හැක.

ඊට අමතරව හැව්ලොක් කණ්ඩායමේ වේගවත් ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක සුදම් සූරියආරච්චි සහ CR&FC කණ්ඩායමේ අනුරාධ හේරත්, පුහුණු වන සංචිතයේ සිටියි. සිය මංගල තරගාවලියේ දී දක්ෂ අයුරින් ක්‍රීඩා කළ හේරත් “2015 බෝර්නියෝ සෙවන්ස්” තරගාවලියේ දී ටොන්ගා දේශයේ ක්‍රීඩකයන් බිම දමමින් වාර්තා කළ උත්සාහක දිනුම තවමත් මතකයේ රැඳුනකි.

ශ්‍රී ලංකා කනිෂ්ඨ සංචිතය නියෝජනය කළ නිශෝන් පෙරේරා, තනුජ මධුරංග සහ  සුපුන් ඩිල්ශාන් යන ක්‍රීඩකයන් ද පුහුණු සංචිතයට එක්කොට ඇත.

ශ්‍රී ලංකාව අප්‍රේල් 07 වන දා හොංකොං සහ චිලී දේශය සමඟින් තරග වැදීමට නියමිත අතර අප්‍රේල් 08 වන දා ඔවුන් ක්‍රීඩා කරන්නේ නැමීබියාවට එරෙහිවයි.

කාණ්ඩ

  • “G” කාණ්ඩය – පැපුවා නිව් ගිනියා, උරුගුවේ, ස්පාඤ්ඤය, ගයානා.
  • “E” කාණ්ඩය – ටොන්ගා, උගන්ඩාව, ජර්මනිය, ජැමෙයිකාව.
  • “F” කාණ්ඩය – ශ්‍රී ලංකාව, හොංකොං, චිලී, නැමීබියාව.

පුහුණු සංචිතය

  • මහනුවර – ධනුෂ්ක රන්ජන්, ෆසිල් මරීජා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ධනුෂ් දයාන්, ජේසන් දිසානායක, සුහිරු ඇන්තනී, රිචඩ් ධර්මපාල, අනුරුද්ධ විල්වර.
  • හැව්ලොක් – සුදර්ශන මුතුතන්ත්‍රී, කෙවින් ඩික්සන්, නිශෝන් පෙරේරා, සුදම් සූරියආරච්චි.
  • CR&FC – කවිඳු පෙරේරා, ඔමල්ක ගුණරත්න, අනුරාධ හේරත්, රෙහාන් සිල්වා.
  • නාවික – චානක චන්දිමාල්, සුපුන් දිල්ශාන්, සාලිය හඳපාන්ගොඩ, තනුජ මධුරංග, සමිත් ධනංජය.
  • පොලිස් – රීසා රෆයිඩීන්.
 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට