කුසල්ට මේ ලෝක කුසලානයත් අහිමි වෙයි ද?

556
Kusal perera

දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරගාවලිය අතරතුර දී ආබාධයකට ගොදුරුව නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණ සිටින කුසල් ජනිත් පෙරේරාට සති 12ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබා දී තිබේ. එම තත්ත්වය මත එළඹෙන මැයි මස අවසානයේ සිට එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව බොහෝ දුරට කුසල්ට අහිමි වීමේ ඉඩකඩක් මේ වන විට නිර්මාණය වී තිබේ.

හතුරුසිංහට හදිසි කැඳවීමක්, පුහුණුකරු තනතුර වෙනත් අයෙක්ට

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන

ඩර්බන් හිදී ඉකුත් 10 වැනිදා පැවති තෙවැනි එක්දින තරගය අතරතුර පන්දු රකිමින් සිටිය දී වම් පාදයේ කලව ප්‍රදේශයේ ආබාධයකට කුසල් ගොදුරු වූ අතර පසුව කරන ලද ස්කෑන් පරීක්ෂණයේ දී එම ආබාධය තෙවැනි ශ්‍රේණියට හෙවත් බරපතළ ගණයට අයත් ආබාධයක් බවට වෛද්‍යවරුන් හඳුනා ගෙන තිබේ.

මේ පිළිබඳව ‘ThePapare.com’ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්යසාධන අංශ ප්‍රධානියා වන අසංක ගුරුසිංහ මහතාගෙන් කරන ලද විමසීමක දී සඳහන් කර සිටියේ කුසල්ට ඇතිවී තිබෙන ආබාධය හේතුවෙන් සති 12ක පමණ කාලයක් විවේක ගැනීමට වෛද්‍ය උපදෙස් ලබා දී තිබෙන බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා සිටි ගුරුසිංහ මහතා, “කුසල්ගේ ආබාධය දරුණුතම ගණයේ එකක් කියලා තමයි දැනට තියෙන වාර්තා අනුව පෙනී යන්නේ. එයාගේ ආබාධය වර්ග කිරීමක් කළොත් ග්‍රේඩ් 3 කැටගරි එකේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ හොඳ වෙන්න සෑහෙන්න කල් යන ආකාරයේ ආබාධයක්. දැනට බලල තියෙන විදියට සති 12ක් විතර යනවා. ඒ කියන්නේ ජුනි මාසේ මැද විතර වෙයි. ජුනි මාසෙ මැද කියන්නේ වර්ල්ඩ් කප් එකේ අන්තිම හරිය. එහෙම වුණොත් නම් කුසල්ට මේ වර්ල්ඩ් කප් එක ක්‍රීඩා කරන්න බැරි වෙනවා” යනුවෙන් පැවසීය.

මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූලි මස 07 වැනිදා දක්වා එංගලන්තයේ දී පැවැත්වෙන අතර මූලික වටයේ තරග ජූලි 06 වැනිදා අවසන් වීමට නියමිතව ඇත. ගුරුසිංහ මහතාගේ අදහස් දැක්වීමට අනුව කුසල්ට මූලික වටය යටතේ පැවැත්වෙන තරග ගණනාවකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇත.

පරාජිත කාන්තා ක්‍රිකට් ගමන හරි එංගලන්ත තරගාවලියෙදිවත් තිත තබයි ද?

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 2021 වසරේ දී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට

දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ දී නොදැවී ලකුණු 153ක් වාර්තා කරමින් එම තරගයේ ජයග්‍රහණය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යමින් කලකට අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් විය. එම ඉනිම ප්‍රධාන කොට එම තරගාවලියට සාර්ථක පන්නරයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදා වූ අතර ඉන් නොනැවතුණු ඔවුහු දෙවැනි තරගය ද ජය ගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය නිජ බිමෙහි ටෙස්ට් තරගාවලියක් පරාජයට පත් කරන ලද පළමු ආසියානු රට බවට පත්වීමට සමත් වූහ.

“කුසල් ආවේ ඊයේ. දැනට තියෙන තත්ත්වය තමයි සති 12ක කාලයක් විවේක ගන්න වෙන එක. ඒත් ඉදිරි දවස් දෙක තුනේදීත් අපි එයාව මොනිටර් කරනවා. සමහර විට ඒක සති 10කින් හොඳ වීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. ඒත් ඒ ගැන හරි දෙයක් තවම කියන්න බෑ” යැයි එක්දින තරග අංශයට වැදගත්ම පිතිකරුවකු බවට පත්ව තිබෙන කුසල් ශ්‍රී ලංකාවට අහිමි වීමේ පාඩුව පිළිබඳව විස්තර කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී තිබෙන අසාර්ථකත්වය මත කුසල් ද අහිමි වීම යනු දරාගත නොහැකි පාඩුවක් වනු ඇත. එවන් තත්ත්වයක ඔහුගේ වටිනාකම ගුරුසිංහ තරම් දන්නා කෙනෙකු නැති තරම්ය. එම ආබාධිත තත්ත්වය ‘ThePapare.com’ හමුවේ විස්තර කිරීමේ දී කුසල් ජනිත්ට ඇතිවී ඇත්තේ නුවන් ප්‍රදීප්ට ඇතිවුණ ආකාරයේ ආබාධයක් බව ඔහු සඳහන් කර සිටියේය.

ඉකුත් වසරේ ශ්‍රී ලංකාවේ දී පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වූ අතර වෛද්‍ය උපදෙස් අනුව ඔහුට මාස 6ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වූ අතර යළිත් කණ්ඩායමට පැමිණීමේ දී එතරම්ම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ප්‍රදීප් අසමත් විය. වේගපන්දු යවන්නෙකු බවට පත්වීම නිසා සිය ආබාධය යථා තත්ත්වයට පත්වීමට නුවන් ප්‍රදීප්ට මාස 6ක තරම් කාලයක් ගත වූ නමුත්, කුසල් පෙරේරා පිතිකරුවෙකු වන බැවින් ප්‍රදීප්ට තරම් කලක් කුසල්ට ගත නොවනු ඇති බව තමා අනුමාන කරන බව ද මෙහි දී ගුරුසිංහ අනාවරණය කර සිටියේය.

යුද්ධය, භීතිය සහ ක්‍රිකට්

යුද්ධය කියන්නේ අපි බොහෝමයක් දෙනාට ඉතා අමිහිරි අත්දැකීමක්. යුද්ධයක් ඇතිවුණාම සමාජයේ සෑම පැතිකඩකටම ඉන්

“නිදහස් කුසලාන තරගාවලියේ දී නුවන් ප්‍රදීප්ට ආවෙත් මේ වගේ හැම්ස්ටිංන්ග් (කලවයේ ආබාධය) එකක්. ඒ කියන්නේ ග්‍රේඩ් ත්‍රී ආකාරයේ. ඒක හොඳ වෙන්න මාස 6ක කාලයක් ගියා. නමුත් නුවන් පන්දු යවන්නෙක්. කුසල් පිතිකරුවෙක් නිසා නුවන්ට වඩා කලින් සුව වීමේ අවස්ථාවක් කුසල්ට තියෙනවා” යැයි ඉහළ කාර්යසාධන ප්‍රධානී අදහස් දැක්වීය.

කෙසේ වෙතත් අදාළ ආබාධිත තත්ත්වයෙන් කුසල්ව මුදවා ගැනීම සඳහා කළ හැකි උපරිමය යොදවන බව ද සඳහන් කළ ගුරුසිංහ මහතා ඇතැම් විට ඒ සඳහා විදෙස් ගතවීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ද පහසුකම් සලසා දීමට මේ වන විටත් සැලසුම් යොදා අවසන් බව සඳහන් කර සිටියේය.

“අපිට ඕන කුසල්ව පුළුවන් තරම් ඉක්මනට වර්ල්ඩ් කප් එක වෙනකොට රෙඩි කරන්න. ඒ වෙනුවෙන් අපි අපේ මැක්සිමම් යොදවනවා. ඉදිරි දවස් දෙක තුනේ දී බලල එයාව පිට රටකට යවලා හොඳ කිරීමේ හැකියාව තියෙනවා නම් ඒ දේත් සූදානම් කරලා දෙන්න අපි කටයුතු යොදනවා” යැයි ගුරුසිංහ පවසයි.

දකුණු අප්‍රිකානු සංචාරය යටතේ ආබාධයට ලක් වුණු සිව්වැනි ක්‍රීඩකයා බවට කුසල් ජනිත් පෙරේරා පත් වුණු අතර ඔහුට ප්‍රථම දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර ආබාධවලට මුහුණ දුන්හ. තහනම් උත්තේජක ලබා ගත් බවට කරන ලද පරීක්ෂණයක වාර්තාවක් කුසල්ගේ හරහට හිටීම නිසා 2016 වසරේ ඉන්දියාවේ දී පැවති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද කුසල් පෙරේරාට අහිමි විය. එහෙත් එම පරීක්ෂණය සිදු කරන ලද ආයතනය විසින් ලබා දී ඇත්තේ වැරදි වාර්තාවක් බවට පසුව හෙළි වීම නිසා එම චෝදනාවෙන් නිදහස් වීමට කුසල්ට හැකි විය. එපමණක් නොව එවකට ක්‍රිකට් සභාපතිවරයාව සිටි තිලංග සුමතිපාල මහතාගේ උපදෙස් පරිදි  කුසල්ගේ නමට සිදු වූ හානිය වෙනුවෙන් විශාල වන්දි මුදලක් ලබා ගැනීමට ද කුසල්ට හැකි විය.

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<