යුද්ධය, භීතිය සහ ක්‍රිකට්

294

යුද්ධය කියන්නේ අපි බොහෝමයක් දෙනාට ඉතා අමිහිරි අත්දැකීමක්. යුද්ධයක් ඇතිවුණාම සමාජයේ සෑම පැතිකඩකටම ඉන් බලපෑමක් ඇතිවෙනවා. අපි බොහෝම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවටත් ඉන් ගැලවීමක් නැහැ. අද අපි කතා කරන්නේ ‍යුද්ධයට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ වූ අවස්ථාවන් කිහිපයක් ගැනයි.

විස්සයි විස්ස අවසන් තරගයෙන් බිහි වූ අපූරු වාර්තාව

2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ….

  • ක්‍රිකට් පන්දුවෙන් අත්බෝම්බයක්

පළමු ලෝක යුද්ධය පැවති සමයේ බ්‍රිතාන්‍ය ජාතිකයින් ක්‍රිකට් පන්දුවකට සමාන අත්බෝම්බ විශේෂයක් ආයුධයක් ලෙසින් භාවිතා කළේය. ක්‍රිකට් පන්දු අත්බෝම්බය (Cricket Ball Grenade) ලෙසින් හැඳින්වූ මෙම අත්බෝම්බය හැඩයෙන් ද ක්‍රිකට් පන්දුවකට සමාන විය.

එමෙන්ම මෙම අත්බෝම්බය ඈත දුරකට විසිකිරීමට පන්දු යවන ආකාරයේ විශේෂ පුහුණුවක් සෙබළුන්ට ලබා දුන් බව ද සඳහන්ව පවතී. ගැලිපොලි යුද ව්‍යාපාරය අතරතුර මෙම ක්‍රිකට් අත්බෝම්බය යොදාගත් බවට ද සාක්ෂි තිබේ.  විවිධ ක්‍රීඩාවල නිරතවීමෙන් අනතුරුව ලෝක යුද්ධයට සම්බන්ධ වූ සෙබළුන්ට සුවිශේෂී තැනක් හිමි වූ බවට ද ඉතිහාසය සාක්ෂි දරයි.

ක්‍රිකට් පන්දු අත්බෝම්බයක් (Cricket Ball Grenade) – ඡායාරූපය : www.pinterest.com
  • පන්දු යැවීමේ ඉරියව්වෙන් බෝම්බ. – ඡායාරූපය: https://behindtheirlines.blogspot.com

    බ්‍රැඩ්මන් නාමයෙන් යුධ සටන්

ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ලොව එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම පිතිකරුවා ලෙසයි බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. නමුත් දෙවැනි ලෝක යුද්ධය අතරතුර මිත්‍ර හමුදා විසින් ඉතාලියේ දී තමන් එල්ල කළ ප්‍රහාරයකට ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ නම ඈඳාගත් බැව් ඔබ දන්නවා ද? 1944 වසරේ මිත්‍ර හමුදා ඉතාලියේ මොන්ට් කැසීනෝ හීදී එල්ල කළ ප්‍රධාන පෙළේ ප්‍රහාරයකට රහස් සංකේතයක් ලෙස යොදා ගනු ලැබුවේ “Bradman will be batting tomorrow” යන්නයි.

බ්‍රැඩ්මන්ගේ ශ්‍රී නාමයෙන් යුද්ධයට පවා ගැලවෙන්නට නොහැකි වූ සැටි.

  • ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් යුද සේවයේ. – ඡායාරූපය: www.awm.gov.au

    ඒ මා යැවූ අවසාන පන්දුව විය හැකියි.

ඒ පළමු ලෝක යුද්ධය පැවති සමයයි. මැද පෙරදිග කලාපයේ යුද වැදී සිටි සෙබළෙකු හදිස්සියේ මඩ ගුලියකින් තනා ගත් ක්‍රිකට් පන්දුවක් ආකාරයේ යමක් ක්‍රිකට් ක්‍රීඩකයෙකු පන්දු යවන ආකාරයකින් ඈතට විසි කළේය.

” මොකක් නමුත් සිදු වෙන්නයි යන්නේ. ඒ මා යැවූ අවසාන පන්දුව වෙන්න පුළුවන් . (That’s my last bowl. Something’s going to happen) ” ඒ සමගම ඔහුගේ මුවින් පිටවිය. ඉහත සිදුවීමෙන් පැය ගණනකට පසු වෙඩි ප්‍රහාරයකට ලක්වූ සෙබළා ජීවිතයට සමුදුන්නේය.

මෙන්ඩිස්.. ඔව් ඔහු ශ්‍රේෂ්ඨතමයෙක්!

පසුගිය කාලයේ දී සමාජ මාධ්‍ය තුළ ඉතා ජනප්‍රිය වදන් …..

ඇල්බට් කොටර් නම් මියගිය සෙබළා එසේ මෙසේ අයෙකු නොවේ. ඔහු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග 21 දී නියෝජනය කරමින් එහි දී කඩුලු 89ක් දවා ගත් අයෙකි. ඕස්ට්‍රේලියාව මෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නියෝජනය කළ වේගපන්දු යවන්නෙකු වූ කොටර් යුද බිමේ මියගොස් වසර සීයකටත් වැඩිමුත් අදටත් ඕස්ට්‍රේලියානුවන්ගේ වීරත්වයෙන් පිදුම් ලබන්නේය.

  • සුප්‍රසිද්ධ ක්‍රිකට් විචාරකයා යුද බිමේ සිට මවගෙන් ඉල්ලූ දේ.

 

ඇල්බට් කොටර් පන්දු යවමින් – ඡායාරූපය : www.cricketaustralia.com.au

BBC ගුවන් විදුලි සේවාවට සම්බන්ධ සුප්‍රසිද්ධ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ බ්‍රයන් ජොන්ස්ටන් දෙවැනි ලෝක යුද්ධය අතරතුර තම රට වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් සැපයූ අයෙකි. ඔහුගේ නිර්භීතභාවය සහ නායකත්වය යුද බිමේ දී ඉහළින් කැපී පෙණුනි. ඔහු ඒ වෙනුවෙන් සම්මාන පවා දිනා ගත්තේය.

වරෙක ජර්මනියේ යුද බිමක සිට ඔහු තමාගේ මවට ලිපියක් ලිව්වේය. එහි සටහන් වූයේ මෙවන් පණිවුඩයකි.

“ඔබට හැකි නම් ක්‍රිකට් කමීස තුනකුත්, සුදු සපත්තු මේස් ජෝඩු තුනකුත්, කඩුලු රකින්නන් පලඳින අත් ආවරණ දෙකකුත් මෙහි එවන්න.”

සැබෑ ක්‍රිකට් ප්‍රේමියෙකුගේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආලය යුද්ධයකට නැවැත්විය හැකි ද?

  • බ්‍රයන් ජොන්ස්ටන් -ඡායාරූපය : www.bbc.co.uk

    මරණාසන්න අවස්ථාවකින් ක්‍රිකට් පිටියට

පළමු ලෝක යුද්ධය පැවති සමයේ එංගලන්ත ජාතිකයෙකු ක්‍රියාන්විත රාජකාරි අතර ඛේදජනක ඉරණමකට මුහුණදු න්නේය.

හැරී ලී නම් මෙම එංගලන්ත ජාතිකයාගේ පාදයකට යුද බිමේ දී වෙඩි වැදී තිබුණි. වෙඩි වැදුණ ලී දින තුනක් තිස්සේ කාගේ හෝ පිළිසරණක් නොමැතිව බිම වැතිර සිටියේය. ඔහු මියගිය අයෙකු ලෙස සලකා අවමංගල්‍යය මෙහෙයක් පවා සිදු කරන්නට සෙස්සෝ කටයුතු කළහ. නමුත් අවමංගල්‍යය උත්සවයට සහභාගිවූවෝ ලී ජීවතුන් අතර සිටින බව දැන සිටියේ නැත. ඔහු ඒ වන විට සිටියේ ජර්මානු සිරකරුවෙකු ලෙස කඳවුරක රඳවා ගෙනය. පසුව ජර්මානුවන් ලී නිදහස් කළ අතර ඔහු නැවත එංගලන්තයට පැමිණියේය.

නැවත එංගලන්තයට පැමිණි ලී මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් පළමුපෙළ තරග හාරසීයකට වඩා ක්‍රීඩා කළේය. එමෙන්ම හැරී ලී 1930/31 තරගවාරයේ දී එංගලන්තය වෙනුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ජොහැන්ස්බර්ග් හිදී ටෙස්ට් වරම් දිනා ගත්තේය. ඔහු තමන්ගේ ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කළ එකම ජාත්‍යන්තර තරගය ලෙස මෙම ජොහැන්ස්බර්ග් ටෙස්ට් තරගය වාර්තා පොත්වල සනිටුහන්ව තිබේ

  • හැරී ලී – ඡායාරූපය: www.cricketcountry.com

    හිට්ලර්ට හිතගිය ක්‍රිකට්

ඇඩොල්ෆ් හිට්ලර් නම් සුප්‍රකට ජර්මානු චාන්සෙලර්වරයා ක්‍රිකට් රසිකයෙකු බැව් ඔබ දන්නවා ද? තම සෙබළුන්ගේ පුහුණුවීම් වලට ගැලපෙනම ක්‍රීඩාව ක්‍රිකට් බව හිට්ලර් අදහස් කරගෙන සිටියේය. ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික හරය ඉගෙන ගත්ත ද ඔහු එතරම් ගැඹුරු නීතීන් ගැන අධ්‍යනය කිරීමට කැමැත්තක් දැක්වූයේ නැත. එමෙන්ම දිගින් දිගටම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණ ඔහු ක්‍රිකට් යනු තමා බලාපොරොත්තු වන අන්දමේ හිංසාකාරි ක්‍රීඩාවක් නොවන බව ද පසුව සඳහන් කළේය. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොදා ගත් පා ආවරණ ජර්මානුවන්ගේ පිරිමි ගතියට නොගැළපෙන බවටත් ඔහු චෝදනා කළේය.

බොහෝ විට සිරකරුවන් ලෙස හෝ ආබාධිත තත්වයෙන් අසුවන බ්‍රිතාන්‍ය සෙබළුන් හරහා මෙලෙස ජර්මානුවන් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රගුණ කළ බව කියවේ.  

  • හැරී ලී – ඡායාරූපය: www.cricketcountry.com

    ඔසාමා බින් ලාඩන් සමඟ ක්‍රිකට්

ජෙෆ් ලෝසන් නම් හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කාලයක් කටයුතු කළේය. ඒ කාල සමය ගැන ලෝසන් අපූරු අත්දැකීමක් පසුව හෙළි කළේය.

“පාකිස්තානු කණ්ඩායම බොහෝ විට පුහුණුවීම් කළ ක්‍රීඩාංගණයට ගමන් කරන මාර්ගයේ ඇති එක්තරා අත්භූත ගොඩනැගිල්ලක් නිතර මගේ සිතේ සැකයක් ඇති කළා. එය තරමක විශාල නමුත් හුදෙකලාව පිහිටි ගොඩනැගිල්ලක්. පසු කලෙක දැන ගත් පරිදි එය ඔසාමා බින් ලාඩන් සැඟවී සිටීමට භාවිතා කළ ස්ථානයයි.

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික විරුවා

“1981 වසරේ පෙබරවාරි පළමු වැනිදා සවස 5.42ට…..

බින් ලාඩන් සැඟව සිටි ස්ථානය පිළිබඳව පුවත ලැබෙද්දී මා සිටියේ රූපවාහිනිය නරඹමින්. පාකිස්තානයේ ඔහු සැඟව සිටි බව කියවෙද්දී මට එය එතරම් දැනුණේ නැහැ. නමුත් ඔහු සැඟව සිටි ස්ථානයේ රූප රාමු දකින විට හිඳගෙන සිටි අසුනෙන් මා ඉහළට විසිවුණා. දෙයියනේ අපි උදේ හවා පුහුණුවීම්වලට ගොස් ඇත්තේ ඔසාමා බින් ලාඩන් සැඟව සිටි ස්ථානය පසු කරගෙන නොවේ ද? “

  • ජෙෆ් ලෝසන් – ඡායාරූපය: Getty Images

    එකම දිනයේ ක්‍රිකට් පිටියේත් යුද බිමේත් පරාජය වූ ඉංග්‍රීසි ජාතිකයෝ.

2007 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානයේ එකම දිනයේ එංගලන්ත කණ්ඩායම් දෙකක් පරාජය කරන්නට ඕස්ට්‍රේලියානුවන් සමත් වූහ. පෝල් කොලින්වුඩ්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායම, ඕස්ට්‍රේලියානුවන් අතින් කේප්ටවුන් හිදී කඩුලු 08ක දරුණු පරාජයක් ලැබූහ. එම දිනයේම ඉරාකයේ සටන් වදිමින් සිටි එංගලන්ත ජාතිකයින්ගෙන් සමන්විත සොල්දාදුවන් කණ්ඩායමක් ද ඕස්ට්‍රේලියානු සොල්දාදුවන්ගෙන් සැදුම්ලත් ක්‍රිකට් කණ්ඩායමක් හමුවේ දරුණු පරාජයක් ලැබූහ. ඉරාකයේ ටලීල්හි පැවති මෙම තරගයෙන් ද එංගලන්ත කණ්ඩායම පරාජය වූයේ දෛවෝපගත ලෙස කඩුලු 08කිනි.

පෝල් කොලින්වුඩ්ගේ එංගලන්තයටත් දරුණු පරාජයක් – ඡායාරූපය : Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<