කොළඹ LPL කණ්ඩායමට අලුත් හිමිකරුවෙක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

3054

2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියට එක් වන Colombo Stars කණ්ඩායමේ හිමිකාරිත්වය Softlogic Holdings සමාගමට හිමිව තිබෙනවා.

ඒ අනුව එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාගේ හිමිකාරිත්වය යටතේ කොළඹ කණ්ඩායම LPL තරගාවලියේ දෙවැනි අදියරට තරග කරනු ඇත. පළමු අදියරේ දී Colombo Kings යන නමින් තරග වැදුණු කොළඹ කණ්ඩායම මෙවර ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට ඉදිරිපත්ව සිටියේ Colombo Stars යන නමින්

Colombo Stars සංචිතය: Chris Gayle, Dushmantha Cheemara, Ahmed Shehzad, Dilshan Munaweera, Mohammad Irfan, Al Amin Hossain, Taskin Ahmed, Pathum Nissanka Silva, Lakshan Sandakan, Seekkuge Prasanna, Manpreet Singh, Gihan Rupasinghe, Lahiru Gamage, TM Sampath, Nuwanidu Fernando, Jehan Kieth Zeon Daniel.

අතිරේක ක්‍රීඩකයින්: Malindu Maduranga, Nalin Priyadarshana, Hashan Dumindu Ranasinghe, Kanagarathinam Kabilraj.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 05 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර එහි මූලික වටයේ තරග කොළඹ දී හා අවසන් වටයේ තරග හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<