ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ඉන්දු – ශ්‍රී ලංකා 1 වැනි ටෙස්ට් තරගයේ 2 වැනි දිනය නිමා වෙද්දී සංචාරක ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 460ක් ලබා සිටියා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී ප්‍රභාත් ජයසූරිය සහ කේශර නුවන්ත ගේ පන්දු යැවීම් දැඩි ප්‍රහාරයකට ලක් වූවත් ඉන්දීය ඉනිමේ මේ වන විට දැවී ගිය කඩුලු 9න් කඩුලු 7ක් ම තමන් සතු කර ගනිමින්, දිනයේ සාර්ථක පන්දු යවන්නන් බවට පත්වීමට ඔවුන් දෙදෙනා සමත් වුණා.
අද (16) තරගය ආරම්භ වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 288ක් ලබා සිටියා. ඒ වෙද්දී Devdutt Padikkal නොදැවී ලකුණු 131ක් ද සහ Rishabh Pant නොදැවී ලකුණු 27ක් ද ලබා සිටියා.
පැවැති වර්ශාව හේතුවෙන් තරගය අද ආරම්භ වෙන්නේ දිවා විවේකයෙන් ද අනතුරුවයි. දිනයේ යැවුණ 8 වැනි පන්දුවාරයේ දී 2 වැනි නව පන්දුව ගත් ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම පන්දුවෙන් තරගයේ පාලනය තමන් වෙත නතු කර ගත්තා.
කේශර නුවන්ත විසින් යැවුණ එම පන්දුවාරයේ 3 වැනි පන්දුවේ දී Rishabh Pant දවා ගන්නා ඔහු තම ටෙස්ට් තරග දිවියේ මංගල කඩුල්ල දවා ගැනීමේ සතුට සැමරුවා. Rishabh Pant, 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වූයේ පෙර දින ආබාධිත තත්ත්වයක් මත පිටියෙන් ඉවත් ව ගිය KL Rahul. ඔහු ඒ වෙද්දී නොදැවී ලකුණු 77ක් ලබා සිටි අතර ඔහුගේ ඉනිමේ දෙවැනි ආයු කාලය පන්දු 13ක ලකුණු 5කට සීමා කිරීමට නැවත වතාවක් කේශර නුවන්ත සමත් වෙනවා.
ඉනිමේ සිව් වැනි කඩුල්ලට KL Rahul දැවී යද්දී පන්දු 175කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 82ක් ලබා සිටියා. එය ඔහුගේ ටෙස්ට් තරග 69ක 21 වැනි අර්ධ ශතක ඉනිමයි.
- ඉන්දු – ශ්‍රී ලංකා වසර 44ක ටෙස්ට් තරග ඉතිහාසය
- පළමු දිනයේ ම මොවින්ගෙන් මල්වෙඩිවන් ඉනිමක්
- පුහුණු තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව අභිබවා යයි
- Galle Gallants, LPL අදියර 3ක වාඩුව ගනී
- දිලුම් ට කඩුලු 5යි: තරගය විසඳුමක් නෑ
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වසර 24කට පසුව පාකිස්තානය පරාජය කරයි
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තේ විවේකයට ක්‍රීඩාගාරයට යන්නේ කඩුලු 5ක් දැවී ලකුණු 364ක් ලෙසින් ඉන්දීය ලකුණු පුවරුව දැක් වෙද්දී. ඒ වෙද්දී එතෙක් ඉන්දීය ඉනිමට වැඩිම ලකුණු ප්‍රමාණයක් එක් කළ Devdutt Padikkal ද ප්‍රතිවාදී ක්‍රීඩාගාරයේ අසුන් ගන්වා තිබුණා. ඒ වෙද්දී ඔහු පන්දු 230කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 167ක් ලබා සිටියා. එය ඔහුගේ තරග 3ක් වන ටෙස්ට් තරග පිටියේ හොඳම ඉනිමයි.
තේ විවේකයෙන් පසුව තවත් කඩුලු 4ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. එම කාලයේ දී Dhruv Jurel පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 2 වැනි අර්ධ ශතකයයි.
ඔහුට අමතර ව Manav Suthar පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 109කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව කේශර නුවන්ත ලකුණු 175කට කඩුලු 3ක් ද සහ අසිත ප්‍රනාන්දු කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඉන්දියාව – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 460 (116.0) Yashasvi Jaiswal 32, KL Rahul 82, Devdutt Padikkal 167, Rishabh Pant 39, Dhruv Jurel 51, Manav Suthar 24, කේශර නුවන්ත 3/175, ප්‍රභාත් ජයසූරිය 4/109
හෙට (17) තරගය 3 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Yashasvi Jaiswal | run out (Prabath Jayasuriya) | 32 | 37 | 5 | 0 | 86.49 |
| KL Rahul | c Nishan Fernando b Keshara Nuwantha | 82 | 175 | 10 | 1 | 46.86 |
| Devdutt Padikkal | st Dickwella b Prabath Jayasuriya | 167 | 230 | 15 | 1 | 72.61 |
| Shubman Gill | c Lahiru Igalagamage b Prabath Jayasuriya | 16 | 28 | 2 | 0 | 57.14 |
| Rishabh Pant | c Sonal Dinusha b Keshara Nuwantha | 39 | 62 | 4 | 1 | 62.90 |
| Dhruv Jurel | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 51 | 68 | 4 | 1 | 75.00 |
| Ravindra Jadeja | lbw b Keshara Nuwantha | 13 | 25 | 1 | 0 | 52.00 |
| Manav Suthar | c Lahiru Igalagamage b Prabath Jayasuriya | 24 | 43 | 2 | 0 | 55.81 |
| Mohammed Siraj | c Dhananjaya de Silva b Asitha Fernando | 11 | 15 | 0 | 1 | 73.33 |
| Kuldeep Yadav | not out | 13 | 14 | 2 | 0 | 92.86 |
| Prasidh krishna | c Niroshan Dickwella b Asitha Fernando | 2 | 7 | 0 | 0 | 28.57 |
| Extras | 12 (b 4 , lb 3 , nb 4, w 1, pen 0) |
| Total | 462/10 (116.4 Overs, RR: 3.96) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Asitha Fernando | 17.4 | 1 | 63 | 2 | 3.62 | |
| Lahiru Kumara | 13 | 1 | 76 | 0 | 5.85 | |
| Keshara Nuwantha | 39 | 1 | 175 | 3 | 4.49 | |
| Prabath Jayasuriya | 39 | 6 | 109 | 4 | 2.79 | |
| Dhananjaya de Silva | 4 | 0 | 15 | 0 | 3.75 | |
| Sonal Dinusha | 4 | 0 | 17 | 0 | 4.25 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Nishan Fernando | c Devdutt Padikkal b Mohammed Siraj | 0 | 2 | 0 | 0 | 0.00 |
| Lahiru Igalagamage | c Yashasvi Jaiswal b Manav Suthar | 27 | 44 | 6 | 0 | 61.36 |
| Dinesh Chandimal | c Rishab Pant b Manav Suthar | 4 | 16 | 0 | 0 | 25.00 |
| Kamindu Mendis | c Shubman Gill b Kuldeep Yadav | 14 | 25 | 1 | 1 | 56.00 |
| Dhananjaya de Silva | c KL Rahul b Ravindra Jadeja | 21 | 41 | 4 | 0 | 51.22 |
| Sonal Dinusha | lbw b Ravindra Jadeja | 100 | 168 | 4 | 2 | 59.52 |
| Niroshan Dickwella | c Rishab Pant b Prasidh krishna | 80 | 115 | 7 | 0 | 69.57 |
| Keshara Nuwantha | c Shubman Gill b Ravindra Jadeja | 2 | 18 | 0 | 0 | 11.11 |
| Prabath Jayasuriya | c Dhruv Jurel b Manav Suthar | 10 | 43 | 2 | 0 | 23.26 |
| Lahiru Kumara | st Rishab Pant b Manav Suthar | 10 | 5 | 1 | 1 | 200.00 |
| Asitha Fernando | not out | 0 | 5 | 0 | 0 | 0.00 |
| Extras | 16 (b 8 , lb 2 , nb 4, w 2, pen 0) |
| Total | 284/10 (79.4 Overs, RR: 3.56) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Mohammed Siraj | 9 | 3 | 29 | 1 | 3.22 | |
| Prasidh krishna | 14 | 0 | 47 | 1 | 3.36 | |
| Manav Suthar | 21.4 | 1 | 76 | 4 | 3.55 | |
| Kuldeep Yadav | 14 | 0 | 65 | 1 | 4.64 | |
| Ravindra Jadeja | 21 | 5 | 57 | 3 | 2.71 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Yashasvi Jaiswal | c Niroshan Dickwella b Asitha Fernando | 0 | 3 | 0 | 0 | 0.00 |
| KL Rahul | c Milan Rathnayake b Prabath Jayasuriya | 35 | 47 | 2 | 2 | 74.47 |
| Devdutt Padikkal | lbw b Keshara Nuwantha | 44 | 75 | 6 | 0 | 58.67 |
| Shubman Gill | lbw b Prabath Jayasuriya | 8 | 20 | 1 | 0 | 40.00 |
| Rishab Pant | c Niroshan Dickwella b Lahiru Kumara | 66 | 69 | 8 | 2 | 95.65 |
| Dhruv Jurel | c Niroshan Dickwella b Asitha Fernando | 7 | 15 | 1 | 0 | 46.67 |
| Ravindra Jadeja | c sooriya bandara b Lahiru Kumara | 8 | 19 | 0 | 0 | 42.11 |
| Manav Suthar | c Niroshan Dickwella b Asitha Fernando | 9 | 25 | 1 | 0 | 36.00 |
| Kuldeep Yadav | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 5 | 10 | 0 | 0 | 50.00 |
| Mohammed Siraj | not out | 2 | 6 | 0 | 0 | 33.33 |
| Prasidh krishna | c Lahiru Kumara b Asitha Fernando | 2 | 7 | 0 | 0 | 28.57 |
| Extras | 7 (b 1 , lb 1 , nb 3, w 2, pen 0) |
| Total | 193/10 (48.5 Overs, RR: 3.95) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Asitha Fernando | 8.5 | 0 | 31 | 4 | 3.65 | |
| Keshara Nuwantha | 23 | 3 | 86 | 1 | 3.74 | |
| Prabath Jayasuriya | 11 | 0 | 43 | 3 | 3.91 | |
| Dhananjaya de Silva | 1 | 0 | 4 | 0 | 4.00 | |
| Lahiru Kumara | 5 | 0 | 27 | 2 | 5.40 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Nishan Madushka | c Prasidh krishna b Mohammed Siraj | 6 | 27 | 0 | 0 | 22.22 |
| Lahiru Igalagamage | c Dhruv Jurel b Manav Suthar | 16 | 58 | 1 | 0 | 27.59 |
| sooriya bandara | lbw b Manav Suthar | 0 | 1 | 0 | 0 | 0.00 |
| Kamindu Mendis | c KL Rahul b Prasidh krishna | 2 | 12 | 0 | 0 | 16.67 |
| Dhananjaya de Silva | c Manav Suthar b Ravindra Jadeja | 59 | 151 | 7 | 0 | 39.07 |
| Sonal Dinusha | c Dhruv Jurel b Manav Suthar | 84 | 128 | 8 | 1 | 65.62 |
| Niroshan Dickwella | c Rishab Pant b Prasidh krishna | 10 | 17 | 1 | 0 | 58.82 |
| Keshara Nuwantha | b Manav Suthar | 20 | 69 | 2 | 0 | 28.99 |
| Prabath Jayasuriya | b Manav Suthar | 0 | 1 | 0 | 0 | 0.00 |
| Lahiru Kumara | c Rishab Pant b Manav Suthar | 0 | 4 | 0 | 0 | 0.00 |
| Asitha Fernando | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
| Extras | 9 (b 5 , lb 1 , nb 3, w 0, pen 0) |
| Total | 206/10 (77.4 Overs, RR: 2.65) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Mohammed Siraj | 9 | 2 | 15 | 1 | 1.67 | |
| Manav Suthar | 23.4 | 2 | 55 | 6 | 2.35 | |
| Prasidh krishna | 10 | 3 | 16 | 2 | 1.60 | |
| Ravindra Jadeja | 23 | 3 | 71 | 1 | 3.09 | |
| Kuldeep Yadav | 11 | 0 | 38 | 0 | 3.45 | |
| Devdutt Padikkal | 1 | 0 | 5 | 0 | 5.00 | |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















