ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මංගල ශතකය වාර්තා කිරීමට NCC කණ්ඩායමේ කවීන් බණ්ඩාර අද (16) සමත් වුණා.
ඔහු Badureliya SC කණ්ඩායමට එරෙහි ව පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 103ක් ලබා ගත්තා. එය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ මංගල ශතකයයි.
ඔහු සහන් ආරච්චිගේ සමඟ 3 වැනි කඩුල්ලට පන්දු 66ක දී නොදැවී ලකුණු 152ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී සහන් ආරච්චිගේ පන්දු 27ක දී හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව CCC කණ්ඩායමේ දුල්නිත් සිගේරා (61), Tamil Union C & AC කණ්ඩායමේ නවෝද් පරණවිතාන (63) සහ Bloomfield C & AC කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු (58) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
- ශෙවෝන් සහ හේෂාන් දක්ෂතා දක්වයි
- පෙසඳු සහ ආදිත්‍ය ශතක ලබා ගනී
- යොවුන් පිටිය බැබළවූ සඳරු, හිරාන්, මල්ෂ සහ තරුශ්ක
- පළමු දිනයේ ම මොවින්ගෙන් මල්වෙඩිවන් ඉනිමක්
අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
Tamil Union C & AC සහ CCC අතර තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- CCC – කඩුලු 7ක් දැවී 139 (18.0)දුල්නිත් සිගේරා 61, පවන් රත්නායක 22, අශේන් බණ්ඩාර 21, ලහිරු සමරකෝන් 3/26, විජයකාන්ත් වියස්කාන්ත් 2/25
- Tamil Union C & AC – කඩුලු 2ක් දැවී 108 (11.5) සිනෙත් ජයවර්ධන 26, නවෝද් පරණවිතාන 63
Tamil Union C & AC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 24ක ජයක්.
Colts CC සහ Ace Capital CC අතර තරගය කොළඹ, පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.
- Colts CC – සියලුම දෙනා දැවී 56 (15.1) රචින්ත ද සිල්වා 3/12, වනුජ සහන් 2/11, ට්‍රවීන් මැතිව් 3/09
- Ace Capital CC – කඩුලු 3ක් දැවී 60 (9.2) කෞෂික කුමාරසිංහ 17, රනේෂ් සිල්වා නොදැවී 14, මුදිත ලක්ෂාන් 2/21
Ace Capital CC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
Kurunegala Youth CC සහ Moors SC අතර තරගය මග්ගොන, Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Kurunegala Youth CC – කඩුලු 9ක් දැවී 143 (20.0) ගයන වීරසිංහ 37, කෙනත් ලියනගේ 20, අමේෂ් තෙන්නකෝන් නොදැවී 44, සංතුශ් ලියනගේ 2/27, ශිරාන් ප්‍රනාන්දු 2/30, මල්ෂ තරුපති 2/11
- Moors SC – කඩුලු 2ක් දැවී 144 (17.3) ඔමේෂ් මෙන්ඩිස් 29, සොහාන් ද ලිවේරා 49, ජනිශ්ක පෙරේරා නොදැවී 32, සිතාර ගිම්හාන් නොදැවී 24
Moors SC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
Panadura SC සහ Bloomfield C & AC අතර තරගය මග්ගොන, Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Bloomfield C & AC – කඩුලු 8ක් දැවී 180 (20.0) චමරිඳු නෙත්සර 33, රවිඳු ප්‍රනාන්ද 58, හංසමාන ද සිල්වා 20, දුලාජ් සමුදිත 28, නවිඳු ප්‍රභාෂ් 2/32, කලන පෙරේරා 3/37, ගිමඳු මැල්කම් 2/42
- Panadura SC – කඩුලු 6ක් දැවී 110 (9.3) තවීෂ අභිශේක් 27, ශාලිත් ප්‍රනාන්දු ප්‍රනාන්දු නොදැවී 49, සුපුන් කාවින්ද 3/12
Panadura SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 4ක ජයක්.
NCC සහ Badureliya SC අතර තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- NCC – කඩුලු 2ක් දැවී 232 (20.0) ජීවක සශින් 32, කවින් බණ්ඩාර නොදැවී 103, සහන් ආරච්චිගේ නොදැවී 61
- Badureliya SC – කඩුලු 7ක් දැවී 138 (20.0) යශෝධ ලංකා 26, අවීෂ සමාශ් 39, අලංකාර අසංක නොදැවී 21, කවිඳු පතිරත්න 3/23
NCC කණ්ඩායමට ලකුණු 94ක ජයක්.
Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















