HomePhotosපූර්ණ ප්‍රභාත් පන්දු 14කින් ලකුණු 50ක් වාර්තා කරයි

පූර්ණ ප්‍රභාත් පන්දු 14කින් ලකුණු 50ක් වාර්තා කරයි

Published on

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 6ක් අද අවසන් වූ අතර එහි දී Moratuwa SC කණ්ඩායමේ පූර්ණ ප්‍රභාත් පන්දු 14කින් අර්ධ ශතයක් වාර්තා කළා.

Kurunegala SC කණ්ඩායමට එරෙහි ව වාර්තා කළ මෙම ඉනිමේ දී ඔහු එක් පන්දුවාරයක දී එල්ල කරන ලද හයේ පහර 4ක් සමඟින් හයේ පහර 5ක් ද සහ සහ හතරේ පහර 4ක් ද සමඟින් තම අර්ධ ශතක ඉනිම වාර්තා කරනවා. ඔහු දැවී යන විට පන්දු 16ක දී ලකුණු 52ක් ලබා සිටියා.

වනුර මයන්ත, යශෝධ මෙන්ඩිස්, උශේන් සිල්වා සහ පූර්ණ ප්‍රභාත් අර්ධ ශතක ඉනිම් වාර්තා කළා. එම ඉනිමේ දී ඔහු ප්‍රමේෂ් මධුභාෂණ හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 30ක දී ලකුණු 85ක සබඳතාවක් ද එක් කරනවා.

ඔහුට අමතර ව Navy SC කණ්ඩායමේ නායක වනුර මයන්ත (57), Kandy Customs SC කණ්ඩායමේ නායක යශෝධ මෙන්ඩිස් (61) Moratuwa SC කණ්ඩායමේ උශේන් සිල්වා (51) සහ Moratuwa SC කණ්ඩායමේ උශේන් සිල්වා (52) ද අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

මේ අතර අද කළුතර, පූජිත උඩුවන ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Chilaw Marians CC සහ Negombo CC කණ්ඩායම් අතර තරගයත් සහ කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Army SC සහ Sebastianites C & AC අතර තරගයත් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අතහැර දැමුවා.

අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු

Leo CC සහ United Southern CC අතර තරගය, මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • United Southern CC – කඩුලු 9ක් දැවී 160 (20.0)දමේශ් මතිසාන් 47, අසන්ත බස්නායක 38, කවීෂ කල්පන 24, ගයාන් ද සිල්වා 2/31, සුදාර දක්ෂිණ 2/49, රොමේෂ් සුරංග 2/26
  • Leo CC – කඩුලු 4ක් දැවී 37 (8.2)රොමේෂ් සුරංග නොදැවී 19, ධනෝශ් ද සිල්වා 2/03

United Southern CC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 36ක ජයක්.

Navy SC සහ Kandy Customs SC අතර තරගය, කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Navy SC – සියලුම දෙනා දැවී 163 (20.0)ආදිත්‍ය සිරිවර්ධන 26, වනුර මයන්ත 57, තිමිර මල්ශාන් 22, චරිත් රාජපක්ෂ 2/20, නිර්මල රත්නායක 4/34
  • Kandy Customs SC– සියලුම දෙනා දැවී 114 (18.1) යශෝධ මෙන්ඩිස් 61, කොශාන් ජයවික්‍රම 2/35, අවිඳු තීක්ෂණ 3/26, ඩිලංක අවර්ඩ්ට් 3/19

Navy SC කණ්ඩායමට ලකුණු 49ක ජයක්.

Moratuwa SC සහ Kurunegala SC අතර තරගය, කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Moratuwa SC – සියලුම දෙනා දැවී 192(20.0)උශේන් සිල්වා 51, චාමර ප්‍රනාන්දු 22, ප්‍රමේශ් මදුභාෂණ නොදැවී 42, පූර්ණ ප්‍රභාත් 52, සනුජ නිඳුවර 2/41, නිසංජය හෙට්ටිආරච්චි 2/27
  • Kurunegala SC – සියලුම දෙනා දැවී 126(18.3)රජිත රත්නායක 24, විනෝද් පෙරේරා 21, මනුජ චංතුක 2/23, මදුසංක ප්‍රේමරත්න 4/25

Moratuwa SC කණ්ඩායමට ලකුණු 66ක ජයක්.

Ragama CC සහ Galle CC අතර තරගය, මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Ragama CC සියලුම දෙනා දැවී 133(18.1) ලහිරු අබේසිංහ 39, දසිත් ගුණතිලක 24, කවිඳු නිර්මාන 2/30, සඳුන් මදුසංක 3/20
  • Galle CC – කඩුලු සියලුම දෙනා දැවී 126 (19.1) දුල්සිත් දර්ශන 29, තේජාන් ප්‍රසංජන 21, කවිඳු ඉශ්වර 2/09, අමිත කෞශල්‍ය 3/44, මලීෂ සිල්වා 2/13

Ragama CC කණ්ඩායමට ලකුණු 7ක ජයක්.

Tier B එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Latest articles

Photos – SLSRFA Under 16 Elite Ten-a-Side Rugby Tournament 2026 – Day 1

ThePapare.com | Chamara Senarath | 15/08/2026 | Editing and re-using images without permission of ThePapare.com...

LIVE – Under 16 Elite Ten-a-Side Rugby Tournament 2026 – St. Peter’s College Grounds 

SLSRFA Under-16 Elite Ten-a-Side Rugby Tournament will be held on 15th & 16th August...

LIVE – Under 16 Elite Ten-a-Side Rugby Tournament 2026 – Ananda College Grounds

Day 01 of the SLSRFA Under-16 Elite Ten-a-Side Rugby Tournament will be held on...

LIVE – Red Star SC vs Renown SC – Super League 2026

Red Star SC will take on Renown SC in Week 5 of the Super...

More like this

Photos – SLSRFA Under 16 Elite Ten-a-Side Rugby Tournament 2026 – Day 1

ThePapare.com | Chamara Senarath | 15/08/2026 | Editing and re-using images without permission of ThePapare.com...

LIVE – Under 16 Elite Ten-a-Side Rugby Tournament 2026 – St. Peter’s College Grounds 

SLSRFA Under-16 Elite Ten-a-Side Rugby Tournament will be held on 15th & 16th August...

LIVE – Under 16 Elite Ten-a-Side Rugby Tournament 2026 – Ananda College Grounds

Day 01 of the SLSRFA Under-16 Elite Ten-a-Side Rugby Tournament will be held on...