හතුරුසිංහට හදිසි කැඳවීමක්, පුහුණුකරු තනතුර වෙනත් අයෙක්ට

1467

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන චන්දික හතුරුසිංහ මහතාව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කළ බව වත්මන් ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා අවධාරණය කරයි.

පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා තවත් දරුණු පරාජයක් ශ්‍රී ලංකාවට!

සීමිත පන්දුවාර තරග වලදී ශ්‍රී ලංකා පිළ දක්වන….

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට තවත් විස්සයි විස්ස තරග 3ක් ඉතිරිව තිබිය දී හතුරුසිංහ මහතාව ශ්‍රී ලංකාවට ගෙන්වීමේ දී හිස්වන පුහුණුකරු පුරප්පාඩුව පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කණ්ඩායමට එක්ව සිටින ස්ටීව් රික්සන් මහතා විසින් ඉටු කිරීමට නියමිතව තිබේ.

අදාළ කැඳවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගෙන් ‘ThePapare.com’ විසින් කරන ලද විමසීමක දී, ලබන 16 වැනිදා කේප්ටවුන්හිදී පැවැත්වෙන එක්දින තරගයෙන් අනතුරුව හතුරුසිංහ මහතාට නැවතත් ලංකාවට පැමිණෙන ලෙස උපදෙස් ලබා දී තිබෙන බව සඳහන් කර සිටියේය.

හතුරුසිංහ මහතාගේ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වසර එකහමාරකට අධික කාලයක් තරගවලට සහභාගි වුන ද එහි දී පැහැදිලි ප්‍රගතියක් ලබා දීමට ඒ මහතාට නොහැකි විය. තරගාවලියක් දෙකක් හැරුණු කොට සෙසු සියලු තරගවලින් ශ්‍රී ලංකා කණ්ඩායම දැවැන්ත තරගාවලි පරාජයන් ලබද්දී හතුරුසිංහගේ පුහුණුකාරීත්වය සම්බන්ධව දැඩි විවේචන එල්ල විය. එම විවේචනයන් එල්ල කළ අය අතර හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ද සිටීම කැපී පෙනුණි.

ලණු පැදුරු මතින් ඇරඹි රන් සටන් සංග්‍රාමයේ අභිමානවත් 69 වැන්නට පෙර

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් ….

ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලද අසාර්ථකභාවය හේතු කොට ගෙන හතුරුසිංහ මහතාව මෙරටට ගෙන්වීමට තීරණය කළේ ද යන්න කරන ලද විමසීමේ දී, ලෝක කුසලාන තරගාවලිය තෙක්ම පුහුණුකරු ලෙස කටයුතු කිරීම සඳහා හතුරුසිංහ මහතා කොන්ත්‍රාත් ගතව සිටින බව ශම්මි සිල්වා මහතා මතක් කර සිටියේය. කෙසේ වෙතත් මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, කණ්ඩායමේ ඉදිරි සූදානම පිළිබඳව වූ සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණු කොට ඔහුව ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ද පැවැසීය.

“හතුරුසිංහ මහතාගේ යටතේ අපි අවසන් වරට සහභාගි වූ තරගාවලි ගොඩක් පරාද වුන බව ඇත්ත. ඒත් හදිසියේම එයාව අපි ගෙන්න ගත්තා කියන එකෙන් පුහුණුකමෙන් අයින් කරනවා කියන එක කියවෙන්නේ නෑ. මොකද අපි නිලවරණයෙන් තේරී පත් වුනාට පස්සේ හතුරුසිංහ මහත්මයව තවම මුණ ගැසුණේ නෑ. ඒ වගේම දකුණු අප්‍රිකාව එක්ක තියෙන තරගාවලිය අවසන් වූ වහාම එයා නිවාඩුවට ඕස්ට්‍රේලියාවට යන්න ඉන්නේ. ඊට පස්සේ ලෝක කුසලාන වෙනකම්ම අපිට ක්‍රීඩා කරන්න තරග නෑ. ඒක නිසා ලෝක කුසලාන තරගාවලිය ගැන එයත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මෙහෙම ගෙන්න ගත්තේ නැත්නම් අපිට වෙලාවක් නෑ එයත් එක්ක කතා කරන්න. අනික ඉතුරු වෙලා තියෙන්නේ විස්සයි විස්ස තරග නිසා ලොකු අවුලක් නෑ” යැයි වත්මක් ක්‍රිකට් සභාපතිවරයා  පැවසීය. කෙසේ වෙතත් මේ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාව ද දැනුවත් කළ බව ද සභාපතිවරයා සඳහන් කර සිටියේය.

Video – අපේ පිතිකරුවන් basics හරියට කළේ නැහැ – ඉසුරු උදාන

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන….

2011 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙවණැලි පුහුණුකරු ලෙසින් කටයුතු කළ හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉකුත් 2017 වසරේ දෙසැම්බර් මාසයේ දී වැඩ භාර ගනු ලැබීය. අදාළ ධුරය භාර ගැනීමේ දී ඔහුගේ ප්‍රධානම වගකීම බවට පත්ව තිබුණේ එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම වුවත්, ඔහුගේ ආගමනයෙන් පැහැදිලි වර්ධනයක් ලැබීමට තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම අසමත්ව සිටියි. හතුරුසිංහ මහතා මෙරට පුහුණුකරු ධුරය භාර ගත් දා පටන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 23කට සහභාගි වී ඇති නමුත් ඉන් ජය ගැනීමට සමත්ව ඇත්තේ තරග 6ක් පමණි.

මේ අතර විස්සයි විස්ස තරග සඳහා ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ සුරංග ලක්මාල් යළි දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබෙන අතර ආබාධයක් හේතුවෙන් මෙරටට පැමිණි කුසල් පෙරේරාගේ ස්ථානය සඳහා ලක්මාල්ව ආදේශ කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<