Home Sinhala ලහිරු – පැතුම් ශ්‍රී ලංකාවට ශූරතාව දිනා දෙයි!

ලහිරු – පැතුම් ශ්‍රී ලංකාවට ශූරතාව දිනා දෙයි!

9909

සති දෙකක පමණ කාලයක් පුරාවට දකුණු අප්‍රිකාවේ දී තුන්කොන් එක්දින තරගාවලියකට මුහුණ දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද (14) එහි ශූරයින් ලෙස කිරුළු පැළදූහ. ඒ දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට සහ දකුණු අප්‍රිකානු සරසවි ක්‍රීඩා කණ්ඩායමට එරෙහිව ඔවුන්ගේම තණතිලි මත දී සුපිරි දක්ෂතා දක්වමිනි. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් එහි දී තරග 7කට මුහුණ දී ඉන් තරග 5ක් ජය ගැනීමට සමත් විය.

තරග දිනවන ශතකයක් සමඟින් පැතුම් නිශ්ශංක වැඩ අල්ලයි

යොවුන් පිතිකරු පැතුම් නිශ්ශංක වාර්තා කළ අති විශිෂ්ට ශතකය හේතුවෙන් දකුණු අප්‍රිකානු සංචාරයේ සිව්වැනි තරග ජයත්…

අද පැවති අවසන් මහා තරගය සඳහා මූලික වටයේ දස්කම් අනුව ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකා සරසවි ක්‍රීඩා කණ්ඩායම තේරී පත්ව සිටි අතර තරගය ප්‍රිටෝරියා හිදී දිවා තරගයක් ලෙස ආරම්භ විය. එහි දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මෙම තරගාවලියේ බොහෝ තරගවල දී වාසිදායක වූ පරිද්දෙන්ම මුලින් පන්දු යැවීම තෝරා ගත්තේය. ඒ මෙම තරගාවලියේ නිමා වූ බොහෝ තරගවල දී ලකුණු හඹා ගොස් ජය ලැබූ ප්‍රතිශතය ද ඉහළ බැවිනි.

ඒ අනුව සිතූ පරිදීම දකුණු අප්‍රිකානු මුල්පෙළ අන්ත අසරණ කර දමමින් තරගයට ප්‍රබල ලෙස පිවිසීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූයේ තම නායකයාගේ බලාපොරොත්තු 100%ක්ම ඉටු කර දෙමිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් මධ්‍යයේ දකුණු අප්‍රිකානුවන්ට ලකුණු රැස් කිරීම අතිශයින්ම අසීරු වූ අතර ඒ හේතුවෙන්ම ඔවුන් වෙත එල්ල වූ පීඩනය නිසාම ලකුණු 49ක් වෙද්දී ප්‍රතිවාදීන්ගේ මුල්පෙළ කඩුලු 4ක්ම සොරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ අවස්ථාවේ දී ඔවුන්ට යම් තරමක හෝ සැනසීමක් ගෙන ආවේ ඩෙලානෝ පොගීටර් සහ රුබින් හර්මන් අතරේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ලකුණු 75ක සබඳතාවයයි. නමුදු එම ඉනිම පිළිසකර කිරීමේ වෑයම වෙනුවෙන් දකුණු අප්‍රිකානුවන් පන්දු විශාල ප්‍රමාණයක් වැය කිරීම නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන්ගේ ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 7කට ලකුණු 180ක් ලෙසයි. මෙය අවසන් මහා තරගය ජය ගැනීම සඳහා ඔවුන්ට කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය.

උපන්බිමේ ලෝක කුසලාන සිහින බොඳ කළ ප්‍රහාරකයා

1992 ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වයෙන් පැවති බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයේ දකුණු…

මෙම තරගාවලිය පුරා ලකුණු අතර සිටි ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ඩෙලෝනෝ පොගීටර් ලකුණු 52ක් රැස් කිරීමට පන්දු 88ක් වැය කරද්දී, රුබින් හර්මන් පන්දු 93ක දී නොදැවී ලකුණු 63ක් රැස් කළේය. අවසන් මහා තරගයක් වුවද අද දකුණු අප්‍රිකානුවන් පන්දුවට පහර දුන් ආකාරය දෙස බැලීමේ දී ඔවුන්ගේම තණතිලි මත දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ඇති කළ පීඩනය කොතෙක් දැයි වටහා ගත හැකිය.

ඒ අනුව ලකුණු 181ක පහසු ඉලක්කයක් පසුපස හඹාගිය ශ්‍රී ලංකාව පන්දුවාර 37යි පන්දු 4ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන්ම පසු කළේ කඩුලු 2ක් පමණක් දැවී තිබිය දීයි. එහි දී කිසිදු පිතිකරුවෙකු අසාර්ථක නොවූ අතර ඉතාමත් හොඳින් කඩුලු අතර සබඳතා ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයක් කරා පිය නැගූහ. එහි දී කලින් තරගයේ දී ශතකයක් වාර්තා කළ පැතුම් නිස්සංක අද තරගයේත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නියමුවා වූයේ නොදැවී ලකුණු 84ක් රැස් කරමිනි. ඒ අතරතුරේ ඔහු හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් එල්ල කළේය.

මීට අමතරව කමිඳු මෙන්ඩිස් ලකුණු 40ක් රැස් කරද්දී, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව වගකීම අකුරටම ඉටු කළ චරිත් අසලංක පන්දු 21කින් නොදැවී ලකුණු 29ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ජය කණුව කරා මෙහෙයවීය. තරගයේ වීරයා සම්මානය හිමි වූයේ පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට පහසු ජයක් වෙනුවෙන් මූලික පදනම සකසා දුන් තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු මධුශංකටයි. ලහිරු අද තම පන්දුවාර 10 අතරතුරේ ලකුණු 35කට කඩුලු 4ක්ම බිඳ හෙලීය.

විනිසුරු තීරණයට විවාද කළ ජේසන් රෝයිට දඬුවම්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11) එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු එංගලන්ත – ඕස්ට්‍රේලියා දෙවන…

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට දකුණු අප්‍රිකානු සංචාරය නිමා කිරීමට පෙර තවත් එක් අභියෝගයක් ඉතිරිව ඇති අතර එහි දී ඔවුන් තරග දෙකකින් සමන්විත සිව්දින ටෙස්ට් තරගාවලියකට සහභාගි වනු ඇත. ඒ දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට එරෙහිවයි.

මෙම ටෙස්ට් තරග දෙක දෙපිළේ යොවුන් ක්‍රීඩකයින්ගේ හැකියාවන් උරගා බැලෙන ඉතාමත් සාර්ථක මිනුම් දණ්ඩක් ලෙස සැලකිය හැකි අතර ඒ සියලු තරග තොරතුරු ThePapare.com වෙතින් ඉදිරියේ දී ඔබ වෙත ගෙන ඒමට අප සියලු කටයුතු සූදානම් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka Emerging Team
184/2 (37.4)

University Sports South Africa XI
180/7 (50)

Batsmen R B 4s 6s SR
Lesego Senokwane c Sandun Weerakkody b Lahiru Madushanka 19 45 2 0 42.22
Kabelo Sekhukhune b Asitha Fernando 4 8 1 0 50.00
Neil Brand c Sandun Weerakkody b Chamika Karunarathne 8 12 0 0 66.67
Isma-eel Gafieldien c Sandun Weerakkody b Amila Aponso 9 30 0 0 30.00
Delano Potgieter b Lahiru Madushanka 52 88 3 0 59.09
Rubin Hermann not out 63 93 2 0 67.74
Ruan de Swardt c & b Lahiru Madushanka 1 3 0 0 33.33
Beyers Swanepoel c Minod Bhanuka b Lahiru Madushanka 8 10 0 0 80.00
L Philander not out 11 11 0 0 100.00


Extras 5 (b 0 , lb 1 , nb 0, w 4, pen 0)
Total 180/7 (50 Overs, RR: 3.6)
Fall of Wickets 1-5 (2.4) Kabelo Sekhukhune, 2-23 (7.5) Neil Brand, 3-39 (14.1) Lesego Senokwane, 4-49 (17.3) Isma-eel Gafieldien, 5-124 (40.2) Delano Potgieter, 6-126 (40.6) Ruan de Swardt, 7-147 (44.6) Beyers Swanepoel,

Bowling O M R W Econ
Asitha Fernando 10 1 44 1 4.40
Chamika Karunarathne 10 1 45 1 4.50
Lahiru Madushanka 10 0 35 4 3.50
Amila Aponso 10 0 23 1 2.30
Ramesh Mendis 4 0 17 0 4.25
Sammu Ashan 6 0 15 0 2.50


Batsmen R B 4s 6s SR
Pathum Nissanka not out 84 108 7 2 77.78
Sandun Weerakkody lbw b L Philander 26 36 3 0 72.22
Kamindu Mendis c Delano Potgieter b Beyers Swanepoel 40 63 4 0 63.49
Charith Asalanka not out 29 21 0 3 138.10


Extras 5 (b 0 , lb 0 , nb 2, w 3, pen 0)
Total 184/2 (37.4 Overs, RR: 4.88)
Fall of Wickets 1-56 (13.4) Sandun Weerakkody, 2-141 (31.6) Kamindu Mendis,

Bowling O M R W Econ
Beyers Swanepoel 8 1 26 1 3.25
Gideon Peters 6 0 43 0 7.17
L Philander 5.4 0 34 1 6.30
Ruan de Swardt 5 1 16 0 3.20
Delano Potgieter 4 0 21 0 5.25
Siya Simetu 5 0 19 0 3.80
Neil Brand 4 0 25 0 6.25