මෙන්ඩිස්ගේ ශතකයෙන් Mohammedan ක්‍රීඩා සමාජයට ජය

Dhaka Premier Division ක්‍රිකට් ලීගය 2022

1787

බංග්ලාදේශයේ පැවැත්වෙන Dhaka Premier Division ක්‍රිකට් ලීග් තරගාවලියේ ඊයේ (15) පැවැති තරගයක දී Mohammedan Sporting Club කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

Legends of Rupganj කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරගයෙන් Mohammedan ජයග්‍රහණය වාර්තා කළේ ලකුණු 80කින්.

Mahmudullahගේ නායකත්වයෙන් Mohammedan කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ඔවුන් පන්දුවාර 47කුත් පන්දු 5ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 307ක් රැස් කළා.

අංක 3 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් Mohammedan ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන දෙවැනි තරගය මෙය වුනු අතර එහි දී පන්දු 91ක් තුල ලකුණු 101ක් ලබාගෙන සිය කණ්ඩායමේ ලකුණු සටහන ශතකයින් සවිමත් කළා.

මෙන්ඩිස්ගේ එම සුපිරි ඉනිමට 6 පහර 4ක් සහ 4 පහර 7ක් ඇතුළත් වුනු අතර එය ඔහුගේ List A ක්‍රිකට් දිවිය තුල ලබා ගත් තුන්වැනි ශතකයයි. නායක Mahmudullah සහ ආරම්භක පිතිකරු Parvez Hossain Emon ලකුණු 70කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Legends of Rupganj කණ්ඩායමේ Mehedi Hasan Rana පන්දුවාර 7කුත් පන්දු 5ක් අවසානයේ ලකුණු 50කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Legends of Rupganj කණ්ඩායමට පන්දුවාර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 227ක් පමණයි. එහි දී Naeem Islam පන්දු 118ක දී ලකුණු 80ක් ලබාගෙන දස්කම් අතරට පැමිණෙන විට, පන්දු යැවීමේ දී Nazmul Islam කඩුලු 5ක් දවාගෙන දස්කම් දැක්වූවා.

මෙන්ඩිස් මේ තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් අතර කණ්ඩායම් 11ක් සහභාගී වුනු මේ තරගාවලියේ මූලික වටය අවසානයේ 7 වැනි ස්ථානය දිනාගෙන තරගාවලිය අවසන් කිරීමට Mohammedan කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ අනුව මෙහි පළමු ස්ථානයන් 6 අතර සිටින Sheikh Jamal Dhanmondi Club, Abahani Limited, Legends of Rupganj, Prime Bank Cricket Club, Rupganj Tigers Cricket Club සහ Gazi Group Cricketers යන කණ්ඩායම් මෙහි සුපර් ලීග් තරග වටය සඳහා සුදුසකම් ලබා ගත්තා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<