ලංකන් කණ්ඩායම නූලෙන් පළමු ඉනිම ගොඩ යයි

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය 2019/20

103

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (18) දින කොළඹ දී පැවැත්විනි. ලංකන් ක්‍රිකට් සමාජය සහ ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය අතර පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. 

තරංගගේ උත්සාහය අපතේ යයි ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ තවත් තරග…………

Tier A කොටසේ B කාණ්ඩය යටතේ කොළඹ සී. සී. සී. පිටියේ දී පසුගිය 16 වනදා ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ටැමිල් යුනියන් කණ්ඩායමට එරෙහිව ලංකන් ක්‍රීඩකයෝ රැස්කර ගත් ලකුණු 271ට පිළිතුරු ලෙසින් දෙවැනි දිනයට තරගය නතර කරන විට ටැමිල් යුනියන් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 250ක් රැස්කර ගෙන සිටියහ. 

එම ඉනිම වෙනුවෙන් නායක තරංග පරණවිතාන පන්දු 216කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 92ක් රැස්කර ගත්තේය. ඊට අමතරව යොහාන් මෙන්ඩිස්, මනෝජ් සරත්චන්ද්‍ර සහ මධුක ලියනපතිරණ ලකුණු අතරට පිවිසෙමින් ටැමිල් යුනියන් කණ්ඩායමේ පළමු ඉනිමේ ජය තහවුරු කිරීමට වෙර දැරූ නමුත් එය අසාර්ථක විය. 

පන්දු යැවීමේ දී ලංකන් පළමු ඉනිමේ ජය තහවුරු කළ වමතින් දඟපන්දු යවන ගීත් කුමාර සිය තුන් ඉරියව් දක්වමින් ලකුණු 30කට කඩුලු 4ක් ද දවාලන ලද්දේ පළමු ඉනිමේ රැස්කර ගත් ලකුණු 69ට අමතරවයි. 

ලකුණු 2ක පළමු ඉනිමේ වාසියක් සමඟින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ලංකන් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නැවත වතාවක් පිත්ත ක්‍රියාත්මක කිරීමට වමතින් පිතිකරණයේ නිරත වන ගීත් කුමාර සමත් විය. ඒ ඔහු විසින් මෙම තරගයේ දෙවන අර්ධ ශතකය ද වාර්තා කර ගෙනයි. 

හතරේ පහර 8ක් සමඟින් පන්දු 148ක දී නොදැවී රැස්කර ගත් එම ලකුණු 70* ඉනිම සඳහා අනෙක් අන්තයෙන් සවියක් වූ රිෂිත උපමාල් ඔහුට අනගි සහයක් ලබා දෙමින් නොදැවී ලකුණු 59*ක් රැස්කර ගන්නා ලදි. අවසානයේ තරගය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ලංකන් ක්‍රිකට් සමාජය පන්දුවාර 64ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 224ක් රැස්කර ගෙන සිටියහ. 

Photos: Lankan Cricket Club Team Previews 2019/20

ThePapare.com | Sithija De Silva | 13/01/2020 Editing and re-using images without……….

ලංකන් ක්‍රිකට් සමාජය : 271 (93.2) ගීත් කුමාර 69, ප්‍රිමෝෂ් පෙරේරා 64, චානක රුවන්සිරි 43, දමිත සිල්වා 26, කේශාන් විජේරත්න 25, සුරංග ලක්මාල් 4/50, ජීවන් මෙන්ඩිස් 4/91. සහ 224/4 (64) ගීත් කුමාර 70*, රිෂිත උපමාල් 59*, ප්‍රිමෝෂ් පෙරේරා 29, කසුන් අබේරත්න 28, චානක රුවන්සිරි 23, ජීවන් මෙන්ඩිස් 2/63. 

ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය : 269 (92.5) තරංග පරණවිතාන 92, යොහාන් මෙන්ඩිස් 48, මධුක ලියනපතිරණගේ 25, මනෝජ් සරත්චන්ද්‍ර 25, ගීත් කුමාර 4/30, සහන් නානායක්කාර 2/76.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (ලංකන් ක්‍රිකට් සමාජයට පළමු ඉනිමේ ජය) 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<