Suryakumar Yadavට මහේලගෙන් පැසසුම්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

5714

Mumbai Indians කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන තම කණ්ඩායමේ Suryakumar Yadav පිළිබඳව අදහස් දක්වා සිටියා.

Yadav මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉහළම දක්ෂතා දක්වා තිබෙනවා. ආබාධයක් හේතුවෙන් ඔහුට Mumbai Indians පළමු තරග දෙක අහිමි වූ අතර කණ්ඩායමට ආපසු පැමිණීමෙන් පසුව දකුණත් පිතිකරුවා ඔහුගේ තරග තුනේ දී ලකුණු 52ක්, නොදැවී 68ක් සහ 43ක් ලබාගෙන තිබෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Yadavගේ ඉනිම් Mumbai Indiansට ඔවුන්ගේ පළමු ජයග්‍රහණය ලබා දීමට ප්‍රමාණවත් වූයේ නැහැ. නමුත් Mumbai Indians ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන පවසා සිටියේ තරග අවසන් කරන්නෙකු ලෙස Yadavගේ ගුණාංග පිළිබඳව තමාට පූර්ණ විශ්වාසයක් ඇති බවයි.

ශ්‍රී ලංකා හිටපු නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ Suryakumar මෙන් තරග අවසන් කළ හැකි අය ක්‍රීඩාවේ සිටින්නේ ඉතා සුළු පිරිසක් බවයි.

අද තරගයේ අපිට ඕනේ වුනේ තරගය ගැඹුරට අරන් යන්න. අපි උත්සාහ කළේ ඒක. අපි පිතිකරුවන් හය දෙනෙකු සමඟ ක්‍රීඩා කළා. තරගයක් අවසන් කිරීමට Yadavට වඩා හොඳ පුද්ගලයෙක් නැහැ”, මහේල ජයවර්ධන පැවසුවේ Mumbai Indians ඔවුන්ගේ පස්වැනි තරගය පරාජයට පත්වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවක දීයි.

පසුගිය බදාදා (13) පූනේහිදී පැවති තරගයේ දී Punjab Kings හමුවේ ලකුණු 12කින් පරාජය වීමට Mumbai Indiansට සිදු වුනා.

Punjab Kings සමඟ පැවති තරගයේ දී Mumbai Indians ලකුණු 199ක ඉලක්කයක් හඹා ගිය අතර Dewald Brevis පන්දු 25ක් තුළ 49ක් ලබා ගනිමින් දැවී යාමෙන් අනතුරුව Yadav අංක 5 පිතිකරුවා ලෙස පිටියට පිවිසියා.

Yadavගේ සෙසු පිතිකරුවන් දෙදෙනෙකු වූ Tilak Varma සහ Kieron Pollard දැවී ගිය නමුත් Yadav Punjab Kings පන්දු යවන්නන්ට එරෙහිව දැඩි පහරවල් එල්ල කරමින් දිගටම සටන් කළා. කෙසේ වෙතත් තරගයේ 19 වැනි පන්දුවාරයේ දී Kagiso Rabada එල්ල කළ low full toss පන්දුවකට හයේ පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීමේ දී Yadav ලකුණු 43කට දැවී ගියා.

පවර්ප්ලේ එකේ දී එයාලා පන්දුව ටිකක් දෝලනය කළා. ඒ නිසා Yadavට එයාගේ ස්වාභාවික ක්‍රීඩාව කරන්න බැරි වෙනවාට මම කැමති වුනේ නැහැ. ඒක උපක්‍රමශීලී දෙයක්.”

මහේල පැවසුවේ Suryakumar සහ Kieron Pollard තරග අවසන් කරන්නන් ලෙස ක්‍රීඩා කරන නිසා තරුණ ක්‍රීඩකයින්ට තරගය තුළ වැඩි නිදහසක් ලබා දීමට හැකියාවක් පවතින බවයි.

තරුණ ක්‍රීඩකයන් දෙන්නා සහ එයාලගේ හැකියාව මොකක්ද කියලා අපි දන්නවා. ඒ නිසා එයාලට ගිහින් ඒ තත්ත්වයේ පාලනයකින් ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දුන්නා “

Jofra Archerගේ නොපැමිණීම නිසා පන්දු යැවීමේ අංශයට පීඩනය දරා ගැනීමට නොහැකි වීම කණ්ඩායමට විශාල හානියක් බව ද මහේල ජයවර්ධන පවසනවා.

පැහැදිලිවම අපි වෙන්දේසියේ දී මිල දී ගත් හොඳම පන්දු යවන්නන්ගෙන් කෙනෙක් තමයි Jofra Archer. ඔහු කණ්ඩායමේ නොමැති වීම මේ වගේ තත්වයක සිටින විට දුෂ්කරයි. නමුත් අපි මේ ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායම කළමනාකරණය කළ හැකි ආකාරය බලන්න උත්සාහ කරනවා.

පසුගිය තරග හතර ගත්තම අපට ඇත්තෙන්ම හොඳ පන්දු යැවීමක් තිබුණා. අපි ටික වේලාවක් දේවල් පාලනය කළා. නමුත් අපට එම පීඩනයේ දිගටම ක්‍රීඩා කරන්න බැහැ. සමහර අවස්ථාවල දී අපි ලකුණු ලබා දෙන්නේ පන්දුවාර දෙකක් හෝ තුනක් පමණයි. ඒත් එය අපිට විශාල බලපෑමක් කරනවා”, මහේල පවසා සිටියා.

Mumbai Indians මේ දක්වා ඔවුන් සහභාගී වූ තරග 5 ම පරාජය වී ඇති අතර ඔවුන් ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්ව සිටිනවා. ඔවුන් සහභාගී වන මීළඟ තරගය Lucknow Super Giants සමඟින් හෙට (16) පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<