ශ්‍රී ලංකාව, කොරියාව හා ස්වීඩනය හමුවේ පරාජය වේ

236
BWF World Juniors – Sri Lanka winless

ලෝක බැඩ්මින්ටන් සංගමය මඟින් සංවිධානය කරනු ලබන “ලෝක ශූරතා බැඩ්මින්ටන් තරඟාවලිය”ට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ස්පාඤ්ඤය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම, දකුණු කොරියාව සහ ස්වීඩනය සමඟ පැවති තරඟ දෙකම 5-0ක් ලෙස පරාජය පත්විය.

පසුගිය ලිපි: නිලූක 15 වැනි වරටත් ජාතික ශූරයා වෙද්දී යුගල සහ මිශ්‍ර යුගල පරදියි

ලොව පුරා විසිරී සිටින බැඩ්මින්ටන් දක්ෂයන් සොයා ඔවුන්ට කිරුළු පළඳන මෙම ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරඟාවලිය පැවැත් වෙන්නේ ලෝක බැඩ්මින්ටන් සංගමයේ පුර්ණ අධීක්ෂණය යටතේ ය.

එම තරඟාවලිය ස්පාඤ්ඤයේ බිල්බාඕ හිදී ඊයේ (2) ආරම්භ වූයේ කණ්ඩායම් 54ක සහභාගීත්වයෙනි.

මිශ්‍ර හා යුගල ඉසව් වශයෙන් පැවැත්වෙන තරඟාවලියේදී සෑම කණ්ඩායමක් විසින්ම පිරිමි යුගල ඉසව්වක්, කාන්තා/පිරිමි ඒකල ඉසව්වක්, කාන්තා යුගල ඉසව්වක් හා මිශ්‍ර යුගල ඉසව්වක් ක්‍රීඩා කරනු ලබයි.

ශාමික හසරංග සහ බුත්මි ගලගමගේ අයගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම කොරියානු සහ ස්වීඩන් කණ්ඩායම් වෙත කිසිදු ආකාරයේ තරඟයක් නොදෙමින්ම ඔවුන්ගේ දක්ෂතා අභියස පරාජය වූයේ එකදු ඉසව්වක හෝ ජය වාර්තා නොකරමිනි.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ප්‍රථම ඉසව්ව වූයේ කසුන් අමරසේන සහ ශාමික හසරංග දකුණු කොරියාවේ මින් හ්යුක් කාන්ග් සහ වොන් හෝ කිම්ට එරෙහිව ක්‍රීඩා කළ තරඟයයි. තරඟය අවසන් වූයේ 21-7ක්, 21-0ක් ලෙස කොරියානුවන්ට ජය හිමිකර දෙමිනි. ඊට නොවෙනස් වූ කාන්තා ඒකල ඉසව්වද 21-4ක් 21-3ක් ලෙස අවසන් වූයේ දකුණු කොරියාවේ යූ ජින් සින් හමුවේ ශ්‍රී ලංකාවේ චතුම්හාරි විජේරත්නට පරාජය හිමිකර දෙමිනි.

අනතුරුව ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූයේ ස්වීඩනයට එරෙහිව දෙවන වටයේ කණ්ඩායම් තරඟයකට වන අතර එහිදී ද 5-0ක් ලෙස ශ්‍රී ලංකාවට හිමිවූයේ පරාජයයි. නමුත් කැපීපෙනෙන සිදුවීම වූයේ පිරිමි ඒකල තරඟයේ දෙවන වටයේදී ශ්‍රී ලංකාවේ මධුක දුලංජන ස්වීඩනයේ ෂෝන් ඊකන්ග්රෙන්ට හොඳ තරඟයක් ලබා දී පරාජය වීමයි. එම තරඟයේ ලකුණු පුවරුව දිස්වූයේ 21-19, 19-21ක් සහ 21-17ක් වශයෙන් ස්වීඩන් ක්‍රීඩකයා පෙරමුණට ගෙන යමිනි.

අනෙකුත් සියළුම ඉසව් ස්වීඩනයට ජය ගෙන එමින් අවසන් විය. ශ්‍රී ලංකාව තරඟාවලියේ දෙවන කාණ්ඩයේ කොරියාවත්, ස්වීඩනයත්, ඇල්ජීරියාවත් අතර ජයග්‍රහණ රහිතව තෙවන ස්ථානයේ පසුවෙයි. ඇල්ජීරියාව සිවුවන ස්ථානයේ පසුවන්නේ කොරියාවටත් ස්වීඩනයටත් එරෙහිව ශ්‍රී ලංකාව ලද ඉරණමම බලාපොරොත්තුවෙනි. ශ්‍රී ලංකාවත් ඇල්ජීරියාවත් අතර තරඟය ස්පාඤ්ඤ වේලාවෙන් අද (03)  දහවල් 12.00ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර තරඟයේ ප්‍රථිඵල සටහන.

ඉසව්ව

දකුණු කොරියාව ශ්‍රී ලංකාව

ලකුණු තත්වය

මිශ්‍ර යුගල හ්යේ ජ්යොන්ග් කිම්

ක්යුන් හුන් පාක්

ඉනුරි කුරුප්පු

රන්තුෂ්ක සසිඳු

21-08,21-15.
පිරිමි ඒකල ස්යොන්ග් හුන් සන් මධුක දුලංජන 21-06,21-12.
කාන්තා ඒකල යු ජින් සිම් සතාරා චතුම්හාරි 21-04,21-03.
පිරිමි යුගල මින් හ්යුක් කාන්ග්

වොන් හෝ කිම්

කසුන් අමරසේන

ශාමික හසරන්ග

21-07,21-07.
කාන්තා යුගල ගා යුන් කිම්

හ්යන් ඉම් කිම්

බුත්මි ගලගමගේ

නයනතාරා ටෙෂානි

21-07,21-13

ශ්‍රී ලංකාව හා ස්වීඩනය අතර තරඟ ප්‍රතිඵල

            ඉසව්ව      දකුණු කොරියාව             ශ්‍රී ලංකාව        ලකුණු තත්වය
මිශ්‍ර යුගල කාල් හර්බඛා

ටිල්ඩා ස්ජෝයි   

ඉනුරි කුරුප්පු

රන්තුෂ්ක සසිඳු

21-08,21-07.
පිරිමි ඒකල ෂෝන් ඉකෙන්ග්රෙන් මධුක දුලංජන 21-19,19-21,21-17.
කාන්තා ඒකල එමා කාල්සන් සතාරා චතුම්හාරි   21-11,21-04.
පිරිමි යුගල ඇඩම් ගොසී

කාල් හර්බඛා

කසුන් අමරසේන

ශාමික හසරන්ග

21-11,21-10.
කාන්තා යුගල එමා කාල්සන්

ජෝආනා මැග්නුස්සන්

බුත්මි ගලගමගේ

නයනතාරා ටෙෂානි  

21-13,21-08.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට