Mumbai Indians හා Rohit Sharma කබලෙන් ලිපට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

4512
Wion

අඛණ්ඩව සිය පස්වැනි තරගයත් පරාජය වුනු Mumbai Indians කණ්ඩායමට දඩ මුදලක් ද නියම කිරීමට IPL තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ Punjab Kings කණ්ඩායමට එරෙහිව අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම නිසයි.

Mumbai නායක Rohit Sharma හට ඉන්දීය රුපියල් ලක්ෂ 24ක දඩයක් නියම කර ඇති අතර කණ්ඩායමේ අනෙක් සාමාජිකයින්ට ලක්ෂ 6ක් හෝ තරග ගාස්තුවෙන් තරග 25%ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

“2022 TATA ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Punjab Kings සමඟ MCA ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දී අඩු පන්දුවාර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් Mumbai Indians කණ්ඩායමට දඩ මුදලක් නියම කෙරෙනවා”, යනුවෙන් IPL මාධ්‍ය නිවේදනයක සඳහන් වුනා.

“මෙම කණ්ඩායම මේ තරග වාරයේ මේ වරද කළ දෙවැනි අවස්ථාව මෙයයි. IPL චර්යාධර්ම සංග්‍රහයට අනුව Mumbai Indians කණ්ඩායමේ නායක Rohit Sharma හට ලක්ෂ 24ක දඩයක් නියම කෙරෙන අතර කණ්ඩායමේ ක්‍රීඩා කළ අනෙක් ක්‍රීඩකයින් 10 දෙනාට ලක්ෂ 6ක දඩයක් හෝ තරග ගාස්තුවෙන් 25%ක දඩයක් නියම කෙරෙනවා.”

Punjab Kings පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 5කට ලකුණු 198ක් රැස් කළ අතර නායක Mayank Agarwal පන්දු 32ක දී ලකුණු 52ක් රැස් කරගත්තා. ජ්‍යේෂ්ඨ ආරම්භක පිතිකරු Shikhar Dhawan ලකුණු 70ක් රැස් කරගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනා.

18 හැවිරිදි දකුණු අප්‍රිකානු පිතිකරු Dewald Brevis පන්දු 25ක දී ලකුණු 49ක් රැස් කළා. කෙසේ වෙතත් Mumbai කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී රැස් කරගත හැකි වූයේ ලකුණු 186ක් පමණයි.

ක්‍රිකට් ලොව උණුසුම් පුවත් දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<