ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ඉතිහාසගත තරගාවලි කාලසටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය 2022

957

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග කාලසටහන අද (14) පාකිස්තානු ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් මාධ්‍යට නිකුත් කළා.

එහි සඳහන් ආකාරයට මැයි 24 වැනිදා සිට ජුනි 5 වැනිදා දක්වා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරග සියල්ලම පාකිස්තානයේ Karachi’s Southend ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මෙහි එක්දින තරගාවලිය 2022-25 ICC කාන්තා (එක්දින) ක්‍රිකට් ශූරතාවලියට (ICC Women’s Championship) ඇතුළත්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය පසුගිය වසරට යෙදී තිබුණ ද, පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ පරිපාලනයේ සිදු වෙමින් පැවති වෙනස්කම් හේතුවෙන් අදාළ සංචාරය මෙම වසරට කල් දැමුණා.

එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල (Birmingham) සහ ආසියානු ක්‍රීඩා උළෙල (Hangzhou, Zhejiang, China) සඳහා පෙර සූදානම් වීම සඳහා කණ්ඩායම් දෙකටම මේ තරගාවලිය ඉතාමත් වැදගත් තරගාවලියක් වනු නිසැකයි.

1998 වසරේ සිට ශ්‍රී ලංකා – පාකිස්තානු කාන්තා කණ්ඩායම් අතර තරගාවලි පවත්වා තිබෙන නමුත්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසය තුල කණ්ඩායමක් ද්විපාර්ශ්වික තරගාවලියක් සඳහා පාකිස්තානයේ සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙයයි.

කෙසේ නමුත්, 2005/06 තරග වාරයේ දී ආසියානු කුසලාන කාන්තා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව පාකිස්තානයේ තරග  සංචාරයක නිරත වී තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරයේ තරග කාලසටහන,

පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගය – මැයි 24

දෙවැනි විස්සයි ජාත්‍යන්තර ක්‍රිකට් විස්ස තරගය – මැයි 26

තෙවැනි විස්සයි ජාත්‍යන්තර ක්‍රිකට් විස්ස තරගය – මැයි 28

2022-25 ICC කාන්තා (එක්දින) ක්‍රිකට් ශූරතාවලියට අයත් තරගාවලිය,

පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය – ජුනි 1

දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය – ජුනි 3

තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය – ජුනි 5

තරග සියල්ලම පාකිස්තානයේ Karachi’s Southend ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<