හිටපු ස්පාඤ්ඤ නායකයාගෙන් විශේෂ තීරණයක්

233
Sergio Ramos Retires

ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ලොව බිහි වූ ප්‍රබලතම ආරක්ෂක ක්‍රීඩකයෙකු වන Sergio Ramos ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඔහු ස්පාඤ්ඤ ජාතික පාපන්දු කණ්ඩායමේ ඉදිරි සැලසුම්වල නොමැති බව ස්පාඤ්ඤ පාපන්දු පුහුණුකරු ප්‍රකාශ කිරීමෙන් පසුවයි ඔහු මේ තීරණය ගෙන ඇත්තේ. එම මතභේදාත්මක සිදුවීමෙන් පසු සිය සමුගැනීම ප්‍රකාශ කරමින් Ramos ප්‍රකාශ කළේ, පාපන්දුව කිසිවිටක ඔහුට සාධාරණ නොවූ බවයි.

වයස අවුරුදු 18 දින 361ක් වන විටම ස්පාඤ්ඤ ජාතික වරම් දිනූ (2005 වසරේ) Ramos අවසන් වරට 2021 මාර්තු මාසයේ දී ස්පාඤ්ඤ කණ්ඩායම නියෝජනය කළා.

2010 පාපන්දු ලෝක කුසලානය දිනූ ස්පාඤ්ඤ කණ්ඩායමේ සාමාජිකයෙකු ද වන ඔහු ජාත්‍යන්තර මෙන්ම ක්‍රීඩා සමාජ පිටියේ දී ඉහළ වටිනාකමක් හිමි වූ ක්‍රීඩකයෙක්.

2016 සිට 2020 දක්වා ස්පාඤ්ඤ ජාතික කණ්ඩායමේ නායකත්වය ද දැරූ ඔහු 2014 සහ 2018 ලෝක කුසලාන සඳහා ද ස්පාඤ්ඤය නියෝජනය කළා.

නමුත් 2022 පාපන්දු ලෝක කුසලානය සඳහා ඔහු ඇතුළත් නොකිරීමට ස්පාඤ්ඤ බලධාරීන් කටයුතු කළ අතර එය බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූ සිදුවීමක් වුනා.

මෙම සිදුවීම්වලින් පසු Ramos ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කර ඇති අතර ඔහු වර්තමානයේ ප්‍රබල පාපන්දු සමාජයක් වන PSG කණ්ඩායම නියෝජනය කරනවා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<