ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය ඊයේ (21) ආරම්භ වූ අතර එහි දී Negombo CC සහ Kandy Customs SC අතර පැවැති තරගයේ දී Kandy Customs SC ක්‍රීඩකයෝ ලකුණු 33කට දැවි යෑම සුවිශේෂී සිදුවීමක් වුණා. ඔවුන් එලෙසින් දැවී යන්නේ Negombo CC කණ්ඩායම ලබා ගත් ලකුණු 83ක පිළිතුරු ඉනිමේ දී යි.
මේ අතර පැවැති පළමු දිනයේ ම ශතක ත්‍රිත්වයක් වාර්තා වන අතර ඒ අතුරින් වැඩිම ලකුණුලාභියා වෙන්නේ Colts CC කණ්ඩායමේ ආරම්භක දකුණත් පිතිකරු හිරුන් ජයසුන්දර. ඔහු Ace Capital CC කණ්ඩායමට එරෙහි ව පන්දු 233කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 139ක් ලබා ගත්තා.
ඊට අමතර ව Army SC කණ්ඩායමේ දිමන්ත අරූශ Police SC කණ්ඩායමට එරෙහි ව පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් නොදැවී ලකුණු 138ක් ද සහ BRC කණ්ඩායමේ කුසල් විජේතුංග Kurunegala Youth CC කණ්ඩායමට එරෙහි ව පන්දු 201කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 106ක් ද ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව Baduraliya CC කණ්ඩායමේ හිරුන් ගාල්ලගේ (55) සහ ශෙහාන් මදුසංක (58), Chilaw Marians CC කණ්ඩායමේ කෙවින් සැමුවෙල් (72) සහ සසංක නිර්මාල් (නොදැවි 56) ද අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
දිනයේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළේ Negombo CC කණ්ඩායමේ අමිත පෙරේරා. ඔහු Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 12කට කඩුලු 6ක් දවා ගත්තා. ඊට අමතර ව Kandy Customs SC කණ්ඩායමේ කවීෂ ඉඳුවර Negombo CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 34කට කඩුලු 5ක් දවා ගත්තා.
- දිමන්ත ශතකයක් සමඟින් යොවුන් කුසලානයත් දිනා ගනී
- දකුණු අප්‍රිකාව සහ කොදෙව්වෝ ජය වාර්තා කරයි
- ශ්‍රී ලංකාව T20 තරගාවලිය සම කරමින් විශිෂ්ට ජයක් ලබයි!
NCC සහ Bloomfield C & AC අතර තරගය, කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
- Bloomfield C & AC– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 245 (73.0) මිනෙත් ප්‍රේමරත්න 84, අමීෂ රසාංජන 41, දිනෙත් පැහැසර 33, ශානික්‍ය දේශප්‍රිය නොදැවී 41, රනුක මලවිආරච්චි 2/37, ශක්ති උදාර 2/89
Baduraliya CC සහ Tamil Union C & AC අතර තරගය, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- BaduraliyaCC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 232 (81.0) හිරුන් කපුරුබණ්ඩාර 39, හිරුන් ගාල්ලගේ 55, ශෙහාන් මදුසංක 58, රුසද සිල්වා නොදැවී 43, විශ්ව තෙව්මික 4/66
Ragama CC සහ United Southern SC අතර තරගය, කොස්ගම සාලාව යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- RagamaCC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 87 (28.0) දෙනුර දිමන්සිත් 20, ලහිරු අබේසිංහ නොදැවී 37
Chilaw Marians CC සහ Moratuwa SC අතර තරගය, වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- ChilawMarians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 209 (54.2) යසිරු ලක්ෂාන් 26, කෙවින් සැමුවෙල් 72, සසංක නිර්මාල් නොදැවි 56, ප්‍රභාෂ් වටවල 4/70, මයුර මල්ශාන් 2/40, මනුජ චන්තුක 3/53
- MoratuwaSC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 47 (11.1) ලෙස්ටර් ජයවීර නොදැවී 32
Moratuwa SC කණ්ඩායම ලකුණු 162ක් පිටුපසින්.
- ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ ඉනිමකින් කොදෙව්වෝ පරාජය කරයි
- පුලිඳු පෙරේරා පළමු පෙළ හොඳම ඉනිම ක්‍රීඩා කරයි
- රන් සටනේ විස්සයි විස්ස ජය සේනානායකවරුන්ට
Kurunegala Youth CC සහ BRC අතර තරගය, කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- BRC –පළමු ඉනිම කඩුලු 3ක් දැවී 219 (73.2) කවීෂ පෙරේරා 49, කුසල් විජේතුංග නොදැවී 106, යසිරු රොද්‍රිගෝ නොදැවී 26, ශෙෂාන් මාරසිංහ 2/33
Colts CC සහ Ace Capital CC අතර තරගය, කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.
- ColtsCC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 304 (86.0) හිරුන් ජයසුන්දර නොදැවී 139, ආරොන් කොඩිතුවක්කු 45, රිශ්ම අමරසිංහ 60, රචින්ත ද සිල්වා 3/33
Negombo CC සහ Kandy Customs SC අතර තරගය, දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- NegomboCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 83 (32.1) වෙන්කට් රාජේන්ද්‍රන් 2/32, කවීෂ ඉඳුවර 5/34
- Kandy Customs SC –පළමු ඉනිම සියලුම දෙනා දැවී 33 (21.3) ශෙහාන් ප්‍රමෝද් 4/19, අමිත (සංදීප) පෙරේරා 6/12
- NegomboCC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 43 (15.0) නදුන් සිල්වා 2/07
Negombo CC කණ්ඩායම ලකුණු 93ක් ඉදිරියෙන්.
Police SC සහ Army SC අතර තරගය, කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.
- Army SC- පළමු ඉනිම කඩුලු 9ක් දැවී 286 (73.0) අශාන් සුදර්ශන 42, සුකිත දෙව්තිළිණ 27, දිමන්ත අරූශ නොදැවී 138, ශෙනෙල් සමරතුංග 27, චතුම් කුලසේකර 2/50, පූර්ණ සුලක්ෂණ 2/74, විහඟ මලිත් 215
මෙම තරග සියල්ල අද (22) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.
වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















