ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් නව තේරීම් කමිටුවක්

1
Sri lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කපිල විජේගුණවර්ධන මහතා නම් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ තවත් එක් කොටසක් ලෙස නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුත් මෙම තේරීම් කමිටුවට අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව විජේගුණවර්ධන මහතා සමඟ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනේසා ද සිල්වා යන අය අනෙක් කමිටු සාමාජිකයින් ලෙස නම් කර තිබෙනවා.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<