යොවුන් ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

1192

8 වන වරට පැවැත්වෙන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා කණ්ඩායම් 8ක සභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ. 

ICC හි පූර්ණ සාමාජිකත්වය සහිත රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය හා පාකිස්තානය යන කණ්ඩායම් පහ මේ තරගාවලිය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලබා ගත් අතර කුවේට්, නේපාලය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන කණ්ඩායම් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලි ජයග්‍රහණය කොට මෙවර තරගාවලිය සඳහා සුදුසුකම් සපුරාගෙන තිබේ. කුවේට් කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන්නේ පළමු වතාවට වන අතර එය සුවිශේෂී වේ.

  • A කාණ්ඩය – ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, කුවේට්
  • B කාණ්ඩය – ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නේපාලය

මේ තරගාවලියේ මූලික වටයේ දී සෑම කණ්ඩායමක්ම තම කණ්ඩායමේ අනෙකුත් කණ්ඩායම් තුන සමඟ තරග වදිනු ලැබේ. මූලික වටය අවසානයේ ඒ ඒ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

ඉන්දියාව 2018 වසරේ පැවැත්වුණු ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකාව අනුශූරයින් බවට පත් කරමිනි. 2016 වසරේ දී පැවැත්වුණු ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී සත්කාරකත්වය දරනු ලැබුවේ ශ්‍රී ලංකාවයි. 

තරග කාලසටහන 

දිනය තරගය ක්‍රීඩාංගණය 
සැප්තැම්බර් 5 IND U19 vs KUWT U19 CCC
AFG U19 vs PAK U19 පී. සරා 
සැප්තැම්බර් 6 SL U19 vs NEP U19 ආර්. ප්‍රේමදාස 
BND U19 vs UAE U19 කටුනායක මේරියන්ස් 
සැප්තැම්බර් 7 IND U19 vs PAK U19 මොරටුව 
AFG U19 vs KUWT U19 ආර්. ප්‍රේමදාස 
සැප්තැම්බර් 8 SL U19 vs UAE U19 කටුනායක මේරියන්ස්
BND U19 vs NEP U19 පී. සරා 
සැප්තැම්බර් 9 IND U19 vs AFG U19 CCC
PAK U19 vs KUWT U19 මොරටුව 
සැප්තැම්බර් 10 SL U19 vs BND U19 මොරටුව 
UAE U19 vs NEP U19 කටුනායක මේරියන්ස් 
සැප්තැම්බර් 12 Semi Final 1 – A 1 vs B 2 පී. සරා 
Semi Final 2 – A 2 vs B1 NCC
සැප්තැම්බර් 14 අවසන් මහා තරගය  ආර්. ප්‍රේමදාස 

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<