10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අවසන් වූ අතර එහි දී දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූවා.
- 11 වැනි තරගය, 1 වැනි කාණ්ඩය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව, Birmingham හී Edgbaston ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – පාකිස්තානය
මෙම තරගයේ පළමු පන්දුවට පහරදුන් පාකිස්තාන ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 126ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් පමණක් දැවී තවත් පන්දු 19ක් ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්තා.
ජයග්‍රාහී එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ Annerie Dercksen. ඇය පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා. එය ඇයගේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ මංගල අර්ධ ශතකයයි.
ඇයට අමතර ව Nadine de Klerk පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Fatima Sana ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව Sadia Iqbal සහ Tuba Hassan කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 29කට දැවී යනවා. එලෙසින් තිබූ ඉනිමට අර්ධ ශතකයක් එක් කරමින් ගෞරවනීය ලකුණු පුවරුවක් ගොඩ නගන්නේ නායිකා Fatima Sana.
ඇය ඉනිම අවසන් වෙන විට පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා සිටියා. එය ඇයගේ විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ මංගල අර්ධ ශතකයයි.
ඇයට අමතර ව Tuba Hassan පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Marizanne Kapp ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Shabnim Ismail සහ Ayabonga Khaka කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 126 (20.0) Fatima Sana නොදැවී 55, Tuba Hassan 23, Marizanne Kapp 3/23
- දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 127 (16.5) Annerie Dercksen 52, Nadine de Klerk 37, Sadia Iqbal 2/26, Fatima Sana 3/16, Tuba Hassan 2/28
දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 2ක ජයක්.
තරගයේ වීරයා – Annerie Dercksen (දකුණු අප්‍රිකාව)
- ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අපරාජිතයි
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ගියවර ශූරියෝ පරාජය කරයි
- ශ්‍රී ලංකාව T20 තරගාවලිය සම කරමින් විශිෂ්ට ජයක් ලබයි!
- ගියවර ශූරියන් සහ අනුශූරියන් පරාජය වෙයි
- 12 වැනි තරගය, 1 වැනි කාණ්ඩය, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්, Leeds හී Headingley ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – ස්කොට්ලන්තය
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 153ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 146ක් පමණයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ Stafanie Taylor. ඇය ඉනිම අවසන් වන විට පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා.
ඊට අමතර ව Shemaine Campbelle පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Katherine Fraser ලකුණු 34කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව Rachel Slater, Kathryn Bryce සහ Kirstie Gordon කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්ත ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනියන් වූ Darcey Carter සහ Katherine Fraser එක් ව පළමු කඩුල්ලට පන්දු 32ක දී ලකුණු 51ක් ලබා ගන්නවා.
එහි දී Katherine Fraser පන්දු 11ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත් අතර Darcey Carter ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා. එය ඇයගේ විස්සයි විස්ස ලෝක කුසලාන තරග දිවියේ මංගල අර්ධ ශතකයයි.
ඔවුන් දෙදෙනා විසින් එම ඉනිමට එලෙසින් සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද එතැන් සිට ලකුණු 7ක් තුළ තවත් කඩුලු 3ක් දවා ගනිමින් තරගයට අවතීර්ණ වීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නියෝ සමත් වෙනවා.
ඒ අතර වාරයේ දී Darcey Carter සහ Ailsa Lister එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ද එක් කරනවා. ඊට Ailsa Lister පන්දු 25ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් එක් කළා.
ස්කොට්ලන්ත ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 14ක් පමණක් ලබා දෙමින් පන්දු 11ක් තුළ දවා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ තරගය ජයග්‍රහණය කරනවා. එහි දී Aaliyah Alleyne ලකුණු 11කට කඩුලු 3ක් ද, Hayley Matthews ලකුණු 19කට කඩුලු 3ක් ද සහ Afy Fletcher ලකුණු 16කට කඩුලු 2ක් ද දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 153 (20.0) Shemaine Campbelle 36, Stafanie Taylor 47, Katherine Fraser 2/34
- ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 146 (20.0) Darcey Carter 59, Katherine Fraser 20, Ailsa Lister 33, Aaliyah Alleyne 3/11, Hayley Matthews 3/19, Afy Fletcher 2/16
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 7ක ජයක්.
තරගයේ වීරයා – Stafanie Taylor (බටහිර ඉන්දීය කොදෙව්)
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















