කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ICC Women's T20 World Cup 2026

2

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

එංගලන්තයේ සහ වෙල්ස් හිදි පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට සහභාගී වීම සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු හට හිමි වී තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචිතය; 

චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ශිතා සමරවික්‍රම, ඉමේෂා දුලානි, නිලක්ෂිකා ද සිල්වා, කවීශා දිල්හාරි, හන්සිමා කරුණාරත්න, කෞශිනී නුත්‍යාංගනා, සුගන්දිකා දසනායක, නිමාශා මදුශානි, ශෂිනි ගිම්හානි, කාව්‍යා කාවින්දි, මල්කි මදාරා, මිතලි අයෝධ්‍යා 

මීට වසර දෙකකට පෙර පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ ක්‍රීඩිකාවන් රැසක් මෙවර ද ලෝක කුසලානය නියෝජනය කිරීමට අවස්ථාව ලබා ඇති අතර, ඉමේශා දුලානි, හන්සිමා කරුණාරත්න, කෞශිනී නුත්‍යාංගනා, සුගන්දිකා දසනායක, නිමාශා මදුශානි, කාව්‍යා කාවින්දි, මල්කි මදාරා සහ මිතලි අයෝධ්‍යා මෙවර සිය මංගල විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමට සූදානමින් පසු වනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ මූලික වටයේ දී 2 කාණ්ඩය නියෝජනය කිරීමට නියමිත අතර, එහි දී ඔවුන් සමඟ සත්කාරක එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ වත්මන් ශූරියන් වන නවසීලන්තය තරග වැදීමට නියමිතයි. 

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ජුනි මස 12 වැනි දා පැවැත්වෙනු ඇති. 

ශ්‍රී ලංකාවේ තරග කාලසටහන; 

  • ජුනි 12 – එංගලන්තය සමඟ 
  • ජුනි 16 – නවසීලන්තය සමඟ  
  • ජුනි 21 – බටහිර ඉන්දීය කොදෙව් සමඟ 
  • ජුනි 23 – අයර්ලන්තය සමඟ  
  • ජුනි 26 – ස්කොට්ලන්තය සමඟ 

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<