2026 LPL තරගාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින්ගෙන් ඉහළ තරගයක්

LPL 2026

3

එළඹෙන 2026 LPL තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 650කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව වාර්තා වනවා. 

මෙම ක්‍රීඩකයින් අතර ICC පූර්ණ සාමාජිකත්වය ලබා ඇති රටවල ක්‍රීඩකයින් මෙන්ම අර්ධ සාමාජික රටවල ක්‍රීඩකයින් ද ලියාපදිංචි වී ඇති අතර, වැඩිම ක්‍රීඩකයින් පිරිසක් ලියාපදිංචි වී ඇති රට වන්නේ පාකිස්තානයයිපාකිස්තාන ක්‍රීඩකයින් 102ක් මේ සඳහා ලියාපදිංචි වන අතර, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් ක්‍රීඩකයින් 75ක්, දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් 66ක්, බංග්ලාදේශයෙන් ක්‍රීඩකයින් 48ක්, නවසීලන්තයෙන් ක්‍රීඩකයින් 41ක්, ඕස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයින් 24ක්, එංගලන්තයෙන් ක්‍රීඩකයින් 15ක් සහ ඉන්දියාවෙන් ක්‍රීඩකයින් 12 දෙනෙකු මේ සඳහා ලියාපදිංචි වී තිබීම විශේෂත්වයක්. 

මේ අතර ICC අර්ධ සාමාජික රටවල් නියෝජනය කරමින් ද ක්‍රීඩකයින් රැසක් මේ සඳහා ලියාපදිංචි වී ඇති අතර, ඉන් වැඩිම ක්‍රීඩක නියෝජනයක් ලද රටවල් ලෙස ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අයර්ලන්තය සැලකිය හැකි. 

මෙහි දී රටවල් 21කින් මෙවර තරගාවලියට සහභාගී වීම වෙනුවෙන් ලියාපදිංචි වී තිබෙනවා. කෙසේ වෙතත් මේ අතුරින් ක්‍රීඩකයින් 310ක් පමණක් ක්‍රීඩක කෙටුම්පත් කරණය (Player Draft අවස්ථාව) වෙනුවෙන් තෝරා ගැනීමට නියමිතයි. 

මෙවර IPL තරගාවලිය වෙනුවෙන් Player Draft ක්‍රියාවලිය එළඹෙන ජුනි 01 දා පැවැත්වීමට නියමිතයි. 

2026 LPL තරගාවලිය එළඹෙන ජුලි 17 සිට අගෝස්තු මස 08 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<