MCA T20 පළමු දිනයට අර්ධ ශතක 5ක්

33rd Singer - MCA Super Premier T20 - 2026  

2
33rd Singer - MCA Super Premier T20 - 2026  

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 33 වැනි වරටත් සංවිධානය කරන Singer – MCA Super Premier විස්සයි විස්ස  ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේ දී අර්ධ ශතක 5ක් එක් වූවා.

එහි දී CDB කණ්ඩායමේ විශාද් රන්දික (80) සහ පවන්ත වීරසිංහ (52), HNB A කණ්ඩායමේ සොහාන් ද ලිවේරා (නොදැවී 60), Hayleys Group A කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් (නොදැවී 52) සහ කවිශ්ක අංජුල (නොදැවී 55) අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් දිනය වර්ණවත් කළා.

මේ අතර පැවැති තරගවල දී CDB, Colombo Aces, HNB A සහ Amzet Lanka යන කණ්ඩායම් ජයග්‍රහණය කිරීමට සමත් වූවා.

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

CDB සහ David Pieris Group A අතර තරගය, කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී.

  • CDB – කඩුලු 7ක්දැවී179 (19.0) විශාද් රන්දික 80, පවන්ත වීරසිංහ 52, සංතුශ් ගුණතිලක 2/23, ලහිරු සමරකෝන් 2/30
  • David Pieris Group A – කඩුලු 9ක්දැවී 104(19.0) සනුක ගලගොඩ 47, සචිඳු කොළඹගේ 2/17, මොවින් සුබසිංහ 2/17

CDB කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Fairfirst Insuarance සහ Colombo Aces අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

  • Fairfirst Insuarance – කඩුලු 6ක් දැවි 82(7.0)තනුක දාබරේ 31, ගවිරු සෙන්හස් 33, මල්ශ ප්‍රනාන්දු 3/18
  • Colombo Aces – කඩුලු 3ක්දැවී86 (5.4) සචිත ජයතිලක නොදැවී 46, දිලුම් සුදීර 2/20

Colombo Aces කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Hayleys Group A සහ HNB A අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

  • Hayleys Group A –කඩුලු 6ක්දැවී 194 (20.0) නුවනිඳු ප්‍රනාන්දු 30, මිනෝද් භානුක 29, රමේෂ් මෙන්ඩිස් නොදැවී 52, කවිශ්ක අංජුල නොදැවී 55, මල්ශ තරුපති 2/29
  • HNB A – කඩුල 4ක්දැවී 145(15.0) පවන් සංදේශ් 20, සොහාන් ද ලිවේරා නොදැවී 60, ජනිශ්ක පෙරේරා නොදැවී 31, ඉඳුවර උදේන 2/36

HNB A කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 8ක ජයක්.

 

BBK Partnership සහ Amzet Lanka අතර තරගය, කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී.

  • BBK Partnership – සියලුම දෙනාදැවී89 (17.2) නිපුන් කරුණානායක 23, දුල්නිත් සිගේරා 3/15, විනුශ්ක සිල්වා 3/13, ශාකූර් යූනුස් 3/19
  • Amzet Lanka – කඩුලු 3ක්දැවී 55(10.0) තනුජ රාජපක්ෂ 27

Amzet Lanka කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 13ක ජයක්.

Singer – MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<