Home Sinhala දැවැන්ත ජයක් සමඟ ශ්‍රී ලංකාව සුපිරි 12 ගමන අරඹයි

දැවැන්ත ජයක් සමඟ ශ්‍රී ලංකාව සුපිරි 12 ගමන අරඹයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

515

2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු සුපිරි 12 වටයේ තරගය අද (23) අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව Hobart හි Bellerive Oval පිටියේ දී පැවැත්වුණු අතර එම තරගයෙන් කඩුලු 9ක දැවැන්ත ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

සුපිරි 12 පළමු කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වුනු මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත නායක Andy Balbirnie පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. අයර්ලන්ත කණ්ඩායම පළමු වටයේ තරග 3ම ක්‍රීඩා කළේ මේ ක්‍රීඩාංගණයේ වන අතර ඔවුන් කිසිඳු වෙනසක් සිදු නොකරමින් මේ තරගයට අවතීර්ණ වුනා.

ශ්‍රී ලංකාව එක් වෙනසක් සිදු කරමින් ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටින පැතුම් නිස්සංක වෙනුවට අශේන් බණ්ඩාර මේ තරගයට කැඳවා තිබුණු අතර ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – Kusal Mendis(w), Dhananjaya de Silva, Charith Asalanka, Ashen Bandara, Bhanuka Rajapaksa, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Maheesh Theekshana, Binura Fernando, Lahiru Kumara

අයර්ලන්තය – Paul Stirling, Andrew Balbirnie(c), Lorcan Tucker(w), Harry Tector, Curtis Campher, George Dockrell, Gareth Delany, Mark Adair, Simi Singh, Barry McCarthy, Joshua Little

ඉනිම ආරම්භයේ සිටම අයර්ලන්ත පිතිකරුවන් හොඳින් පාලනය කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනු අතර විශේෂයෙන් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් තිදෙනා වුනු හසරංග, තීක්ෂණ සහ ධනංජයගේ පන්දුවාර 10 තුල ලකුණු 57කට කඩුලු 5ක් දවාගත්තා.

අයර්ලන්ත ආරම්භය ස්ථාවර කළ Stirling පන්දු 25කදී ලකුණු 34ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට 4 පහර 4ක් සහ 6 පහරක් ඇතුලත් වුනා. ඔවුන්ගේ පිතිකරණ සබඳතාවයන් සලකා බැලීමේ දී ලකුණු 25 ඉක්මවූ සබඳතාවයන් දෙකක් පමණක් වාර්තා වුනා. එහිදී Tector සහ Stirling තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 29ක සබඳතාවයක් ගොඩනංවන විට, Dockrell සහ Tector එක්කාසු වෙමින් 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 47ක සබඳතාවයක් ගොඩනැංවූයේ පන්දු 41ක් තුලයි.

අයර්ලන්ත ඉනිමේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණු Tector පන්දු 42කදී ලකුණු 45ක් ලබාගත්තේ 4 පහර 2ක් සහ 6 පහරක් එල්ල කරමින් වන අතර ඔහුගේ ඉනිම අයර්ලන්ත ලකුණු සටහන ස්ථාවර කිරීමට විශාල සවියක් වුනා.

පන්දු යැවීමේ දී හසරංග ලකුණු 25කට කඩුලු 2ක් දවාගන්නා විට, තීක්ෂණ ලකුණු 19කට කඩුලු 2ක් දවාගත්තා. ඒ හැරෙන්නට අනෙකුත් පන්දු යවන්නන් සියලුම දෙනාම එක් කඩුල්ලක් බැගින් දවාගනිමින් පන්දුවාර 20 තුල අයර්ලන්ත ඉනිම ලකුණු 128/8කට සීමා කළා.

ලකුණු 129ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා නවක ආරම්භක පිතිකරුවන් යුගලය වුනු මෙන්ඩිස් සහ ධනංජය පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 50කදී ලකුණු 63 ස්ථාවර සහ සාර්ථක ආරම්භකයක් ලබාදුන්නා. පන්දු 25කදී ලකුණු 31ක් ලබාගත් ධනංජය Delanyගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත්ව ගියා.

නිස්සංක මේ තරගයට ක්‍රීඩා නොකරන නිසාවෙන්  නැවතත් අංක 3 පිතිකරණ ස්ථානයෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුණු අසලංක ද නැවතත් සිය සුපුරුදු ලකුණු ලබාගැනීමේ රිද්මයට අවතීර්ණ වීම ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට විශාල සුභ ලකුණක්. ඔහු  පන්දු 22කදී නොදැවී ලකුණු 31*ක් ලබාගත්තේ 4 පහර 2ක් එල්ල කරමින්.

මෙවර ලෝක කුසලාන තරග මාලාව තුල ලබාගත් දෙවැනි අර්ධ ශතකය සහ සිය 10 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර අර්ධ ශතකය ලබාගත් මෙන්ඩිස් නැවත වරක් තරගයේ වීරයා බවට පත්වෙමින් පන්දු 43කදී නොදැවී ලකුණු 48*ක් ලබාගෙන ශ්‍රී ලංකා ලකුණු සටහනේ නැංගුරම බවට පත් වුනා. ඔහුගේ ඉනිම 4 පහර 5කින් සහ 6 පහර 3කින් හැඩගැන්වෙද්දී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ද නොදැවුණු ලකුණු 70*ක සබඳතාවයක් ගොඩනැංවීමට අසලංක සහ මෙන්ඩිස් සමත් වුනා.

පන්දුවාර 15ක් තුල එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 133ක් ලබාගෙන ශ්‍රී ලංකාව මේ තරගයේ ජය තහවුරු කරගත් අතර ඒ අනුව දැනට සුපිරි 12 වටයේ පළමු තරග කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනාගන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුනා.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ සුපිරි 12 වටයේ තරගය මේ මස 25 වැනිදා එනම් අනිද්දා සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙනවා. Perth හිදී පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.30ට ආරම්භ වීමට නියමිතයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලුම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Ireland
128/8 (20)

Sri Lanka
133/1 (15)

Batsmen R B 4s 6s SR
Paul Stirling c Bhanuka Rajapaksa b Dhananjaya de Silva 34 25 4 1 136.00
Andy Balbirnie b Lahiru Kumara 1 5 0 0 20.00
Lorcan Tucker b Maheesh Theekshana 10 11 1 0 90.91
Harry Tector c Dasun Shanaka b Binura Fernando 45 42 2 1 107.14
Curtis Campher c Charith Asalanka b Chamika Karunaratne 2 4 0 0 50.00
George Dockrell b Maheesh Theekshana 14 16 0 0 87.50
Gareth Delany c Chamika Karunaratne b Wanidu Hasaranga 9 6 1 0 150.00
Mark Adair c Chamika Karunaratne b Wanidu Hasaranga 0 1 0 0 0.00
Simi Singh not out 7 8 1 0 87.50
Barry McCarthy not out 2 2 0 0 100.00


Extras 4 (b 3 , lb 0 , nb 0, w 1, pen 0)
Total 128/8 (20 Overs, RR: 6.4)
Bowling O M R W Econ
Binura Fernando 4 0 27 1 6.75
Lahiru Kumara 2 0 12 1 6.00
Maheesh Theekshana 4 0 19 2 4.75
Chamika Karunaratne 4 0 29 1 7.25
Wanidu Hasaranga 4 0 25 2 6.25
Dhananjaya de Silva 2 0 13 1 6.50


Batsmen R B 4s 6s SR
Kusal Mendis not out 68 43 5 3 158.14
Dhananjaya de Silva c Lorcan Tucker b Gareth Delany 31 25 2 1 124.00
Charith Asalanka not out 31 22 2 0 140.91


Extras 3 (b 0 , lb 0 , nb 0, w 3, pen 0)
Total 133/1 (15 Overs, RR: 8.87)
Bowling O M R W Econ
Josh Little 4 0 45 0 11.25
Mark Adair 2 0 16 0 8.00
Barry McCarthy 2 0 16 0 8.00
Gareth Delany 4 0 28 1 7.00
Curtis Campher 1 0 8 0 8.00
Simi Singh 2 0 20 0 10.00