ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු වගකීම සනත් ජයසූරියට

685
Sanath jayasuriya

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අන්තර් කාලීන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා නායක සනත් ජයසූරියව පත් කර තිබෙනවා.

මෙතෙක් කල් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ Chris Silverwoodගෙන් හිස් වූ ධුරයට තාවකාලික ලෙස සනත් ජයසූරියව පත් කර ඇති නමුත්, තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කණ්ඩායමට නිත්‍ය ප්‍රධාන පුහුණුකරුවකු සොයමින් සිටින බවයි සඳහන් කරන්නේ.

සනත් ජයසූරිය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුරේ පූර්ණකාලීනව කටයුතු කරමින් සිටින අතර, එහි දී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය සමඟ එක්ව ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් වෙනුවෙන් සිය වගකීම් ඉටු කිරීමට වග බලා ගත්තා.

මේ අතර සනත් ජයසූරියගේ ඉල්ලීමක් පරිදි කුමාර් සංගක්කාරගේ නිර්දේශය සහිතව IPL තරගාවලියේ Rajasthan Royals ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක Zubin Bharucha විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හට පිතිකරණ පුහුණු සැසි කිහිපයක් ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන එළඹෙන ජුලි 18 සිට 26 දක්වා පැවැත්වෙනු ඇති.

මෙම වැඩසටහන සහ සනත් ජයසූරියගේ නව වගකීම ඉන්දියාව සමඟ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග සහ එක්දින තරග 3 බැගින් ඇතුළත් ක්‍රිකට් තරගාවලිය ඇතුළු ඉදිරි කාල සීමාවේ ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත ක්‍රිකට් තරගාවලි ඉලක්ක කර ගනිමින් ගත් තීරණ බවයි Newswire සඳහන් කරන්නේ.

දේශීය ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Newswire ඇසුරෙනි

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<