Home Sinhala නෙදර්ලන්තය පරාජය කළ ශ්‍රී ලංකාව සුපිරි 12ට

නෙදර්ලන්තය පරාජය කළ ශ්‍රී ලංකාව සුපිරි 12ට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

359

2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (20) නෙදර්ලන්තය සමඟ Geelong හිදී නිමාවට පත්වුනා. එම තරගයෙන් ලකුණු 16ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසීමට වරම් දිනා ගත්තා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් අද තරගයට අවතීර්ණ වුනා.

ඒ අනුව පසුගිය 18 වැනිදා පැවැත්වුණු තරගයේ දී ආබාධවලට ලක්වූ චමීර (ලෝක කුසලාන තරගාවලියෙන්ම ඉවතට) සහ ප්‍රමෝද් මදුශාන් වෙනුවට, ලහිරු කුමාර සහ වමතින් වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබුණා.

මේ තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම නිසැක වශයෙන්ම සුපිරි 12 වටයේ සිය අසුන වෙන් කරගන්නා නිසා තරගයේ ජය කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත් වුනා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Sri Lanka: Kusal Mendis (wk), Pathum Nissanka, Dhananjaya de Silva, Charith Asalanka, Bhanuka Rajapaksa, Dasun Shanaka ©, Wanindu Hasaranga, Chamika Karunaratne, Maheesh Theekshana, Lahiru Kumara, Binura Fernando

Netherlands: Max O’Dowd, Vikram Singh, Bas de Leede, Tom Cooper, Colin Ackermann, Scott Edwards (C) (WK), Roelof van der Merwe, Tim Pringle, Timm van der Gugten, Fred Klaassen, Paul van Meekeren

ශ්‍රී ලංකා ආරම්හක පිතිකරුවන් ලෙස කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනා Powerplay පන්දුවාර 6 තුල සෙමින් සීරුවේ කඩුලු රැකගනිමින් ස්ථාවර ආරම්භයක් ලබා ගත්තේ පන්දු 39ක් තුල ලකුණු 36ක සබඳතාවයක් ගොඩනංවමින්.

ධනංජය ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවාකිරීමේ වරදකට හසුව දැවී ගිය නමුත්, විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ (DRS) අවස්ථාව ලබා ගත්තා නම් එය දැවී නොයාමක් ලෙස සටහන් වන දැවී යාමක් වුනා.

ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු සටහන 36/2ක් (පන්දුවාර 6කුත් පන්දු 4ක් අවසානයේ) ලෙස සටහන් වුනා. කෙසේ නමුත් ඉන් අනතුරුව අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි අසලංක මෙන්ඩිස් සමඟ එක්වෙමින් තෙවැනි කඩුල්ල සඳහා සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනේ පන්දු 45ක දී ලකුණු 60ක සබඳතාවයක් ගොඩනංවමින්.

නිමා වුන ආසියානු කුසලානයේ දී ද එතරම්ම ලකුණු අතරට පැමිණීමට නොහැකි වුනු අසලංක නැවතත් මේ තරගයේ දී ලකුණු අතරට පිවිසීමට සමත් වීම ලෝක කුසලාන ගමනේ ශ්‍රී ලංකා ඉදිරි ගමන වෙනුවෙන් විශාල සවියක් වනු නිසැකයි.

එහි දී අසලංක පන්දු 30ක දී ලකුණු 31ක් ලබා ගත්තේ 4 පහර 3ක් එල්ල කරමින්. ඒ හැරෙන්නට රාජපක්ෂ ලකුණු 19ක් ලබාගෙන ශ්‍රී ලංකා මැදපෙළ සවිමත් කළා.

පන්දු යැවීමේ දී නෙදර්ලන්තය වෙනුවෙන් van Meekeren ලකුණු 25කට කඩුලු 2ක් දවා ගන්නා විට, de Leede ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත්තා.

අවසන් පන්දුවාර 10 තුල කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 102ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනු අතර ඒ නිසාවෙන් Powerplay අවස්ථාව තුල සෙමින් සීරුවේ ලබා ගත් ආරම්භය ශ්‍රී ලංකාවට හානියක් වුනේ නැහැ.

අවසානයේ දී ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 162ක් ලබා ගැනීමට සමත් වුනු අතර මෙන්ඩිස් පන්දුවාර 19ක් පුරාවට කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා නැංගුරම බවට පත්වුණේ සිය 9 වැනි විස්සයි විස්ස අර්ධ ශතකය ද ලබා ගෙනයි. ඔහු 4 පහර 5ක් සහ 6 පහර 5ක් එල්ල කරමින් පන්දු 44ක දී ලකුණු 79ක් ලබා ගත්තා.

ලකුණු 163ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 2 Powerplay අවස්ථාව තුල දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

කෙසේ නමුත් 7-15 පන්දුවාර තුල 8 තුල නෙදර්ලන්තය කඩුලු 3ක් දැවී ලබා ගත්තේ ලකුණු 62ක් පමණයි. පන්දු යැවීමේ දී එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල සාධකයක් වුනු අතර අවසන් පන්දුවාර 4 තුල කඩුලු 4ක් දැවී ලකුණු 44ක් ලබාගෙන Max O’Dowd ඇතුළු නෙදර්ලන්ත මැදපෙළ පිතිකරුවන් යම් ප්‍රහාරයක් දියත් කළා.

Cooper සහ ආරම්භක පිතිකරු O’Dowd 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සබඳතාවය හැරෙන්නට ඔවුන්ට ලකුණු 25 ඉක්මවා ගිය එකඳු හෝ සබඳතාවයක් ගොඩනැංවීමට හැකියාවක් ලැබුණේ නැහැ.

සිය විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලබා ගත් 10 වැනි අර්ධ ශතකය ලබා ගත් O’Dowd පන්දු 53ක දී නොදැවී ලකුණු 71*ක් ලබා ගත්තේ 4 පහර 6ක් සහ 6 පහර 3ක් එල්ල කරමින්. ඔහු පන්දුවාර 20 පුරාවට කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකාවට තර්ජනයක් වුවත්, අවසානයේ දී එම අභියෝගය සාර්ථකව අවශ්‍ය පරිදි පාලනය කරගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

පන්දු යැවීමේ දී හසරංග නැවතත් ලකුණු 28කට කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වීමට සමත් වුනු අතර තීක්ෂණ කඩුලු 2ක් දවා ගත්තා.

Result


Netherland
146/9 (20)

Sri Lanka
162/6 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Paul van Meekeren 14 21 0 1 66.67
Kusal Mendis c Logan van Beek b Timm van der Gugten 79 44 5 5 179.55
Dhananjaya de Silva lbw b Paul van Meekeren 0 1 0 0 0.00
Charith Asalanka c Scott Edwards b Bas de Leede 31 30 3 0 103.33
Bhanuka Rajapaksa c Tim Pringle b Bas de Leede 19 13 2 0 146.15
Dasun Shanaka c Colin Ackermann b Fred Klaassen 8 5 0 1 160.00
Wanidu Hasaranga not out 5 4 0 0 125.00
Chamika Karunaratne not out 2 2 0 0 100.00


Extras 4 (b 3 , lb 0 , nb 0, w 1, pen 0)
Total 162/6 (20 Overs, RR: 8.1)
Bowling O M R W Econ
Fred Klaassen 4 0 34 1 8.50
Tim Pringle 3 0 22 0 7.33
Roelof van der Merwe 3 0 15 0 5.00
Paul van Meekeren 4 0 25 2 6.25
Bas de Leede 3 0 31 2 10.33
Timm van der Gugten 3 0 31 1 10.33


Batsmen R B 4s 6s SR
Max O’Dowd not out 71 53 6 3 133.96
Vikramjit Singh c Dasun Shanaka b Maheesh Theekshana 7 14 0 0 50.00
Bas de Leede c Kusal Mendis b Lahiru Kumara 14 10 1 1 140.00
Colin Ackermann c & b Wanidu Hasaranga 0 1 0 0 0.00
Tom Cooper b Maheesh Theekshana 16 19 2 0 84.21
Scott Edwards b Binura Fernando 21 15 3 0 140.00
Tim Pringle run out (Dhananjaya de Silva) 2 4 0 0 50.00
Timm van der Gugten b Wanidu Hasaranga 0 1 0 0 0.00
Fred Klaassen b Wanidu Hasaranga 3 3 0 0 100.00
Paul van Meekeren run out (Dasun Shanaka) 0 0 0 0 0.00
Roelof van der Merwe not out 0 1 0 0 0.00


Extras 12 (b 1 , lb 1 , nb 1, w 9, pen 0)
Total 146/9 (20 Overs, RR: 7.3)
Bowling O M R W Econ
Dhananjaya de Silva 1 0 5 0 5.00
Lahiru Kumara 4 0 28 1 7.00
Binura Fernando 4 0 32 1 8.00
Maheesh Theekshana 4 0 32 2 8.00
Wanidu Hasaranga 4 0 28 3 7.00
Chamika Karunaratne 2 0 11 0 5.50
Dasun Shanaka 1 0 7 0 7.00



ඒ අනුව ශ්‍රී ලංකාව ලබා ගත් මේ ජයග්‍රහණයත් සමඟ සුපිරි 12 වටයේ සිය ස්ථානය දිනා ගැනීමට සමත් වුවත්, සුපිරි 12 වටයේ තරග වදිනු ලබන කාණ්ඩය කුමක්ද යන්න තීරණය වන්නේ අද සවස පැවැත්වෙන UAE – නැමීබියා තරගයෙන් අනතුරුවයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<