ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද (29) සුදුසුකම් ලබා ගත්තා.
ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩා උළෙලේ මෙම ඉසව්වට පිවිසියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිටයි. ඒ අනුව ඔවුන් Nisshin හී Korogi Athletic Park ක්‍රීඩාංගණයේ දී අද නේපාලය සමඟින් තරග වැදීමට නියමිතව තිබුණා. නමුත් පැවැති අයහපත් කාලගුණ තත්ත්වය යටතේ තරගය පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා.
ඒ සමඟින් තරගාවලියේ නීති-රීති අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල නේපාලය වඩා ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව මෙම ඉසව්වේ තවදුරටත් ඉදිරියට යෑමට සුදුසුකම් ලබා ගත්තා.
- දෙරට ඉතිහාසය අලුතින් ලියමින් එංගලන්තය 2-1ක ජයක් ලබයි
- ශ්‍රී ලංකා කාන්තාවන්ට මෙවරත් රිදී පදක්කම
- ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් සොයන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
- එංගලන්තය 3-0කින් ජයග්‍රහණය සමරයි
- 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන සංචාරයක
මේ අතර අද පැවැත්වීමට තිබූ බංග්ලාදේශය සහ මැලේසියාව අතර තරගය ද ඒ ලෙසින් අතහැර දැමුණ අතර එහි දී ඉදිරියට පැමිණීමට සුදුසුකම් ලබා ගත්තේ බංග්ලාදේශය කණ්ඩායමයි.
පෙර දින (28) පැවැති අනෙක් අර්ධ අවසන් පූර්ව තරග ද්විත්වය ද පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණ අතර එහි දී හොංකොං කණ්ඩායම අභිබවා පාකිස්තාන කණ්ඩායම ද සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අභිබවා ඉන්දීය කණ්ඩායම ද ඉදිරි තරගවලට සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව එළැඹෙන ඔක්තෝබර් 1 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව වටයේ දී බංග්ලාදේශය, පාකිස්තානය සමඟත් සහ ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟත් තරග වැදීමට නියමිතයි.
මෙම තරග ද්විත්වය ද Nisshin හී Korogi Athletic Park ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත අතර මේ අතුරින් ජයග්‍රාහී කණ්ඩායම් රන් පදක්කම සඳහාත් සහ පරාජිත කණ්ඩායම් ලෝකඩ පදක්කම සඳහාත් ඔක්තෝබර් 3 වැනිදා තරග වැදීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>













