දේශීය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස ලීග් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය සඳහා නව ලාංඡනයක් (logo) හඳුන්වා දීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.
තරගාවලිය සඳහා නව ලාංඡනයක් නිර්මාණය කිරීම සඳහා තරගයක් සංවිධායකයින් විසින් පැවැත්වූ අතර එහි දී තරුණයෙකු කළ නිර්මාණයකින් මෙම නව ලාංඡනය තෝරා ගැනීමට කටයුතු කර තිබුණා.
මෙම නව ලාංඡනය සුපුරුදු පරිදි සිංහ සංකේතය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය කර ඇති අතර එයින් ජාතියේ ධෛර්යය, අධිෂ්ඨානය, නිර්භීතකම සහ ශක්තිය නිරූපණය කරයි.
එහි ඇති බහුවර්ණ ක්‍රිකට් මංගල්‍යයක ආරම්භය නිවේදනය කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ රසිකයන්ට පමණක් නොව ලොව පුරා රසිකයන්ට විනෝදාස්වාදය, ප්‍රබෝධය සහ වින්දනය ගෙන එන බවයි.
- නෙදර්ලන්තය පරාජය කළ ශ්‍රී ලංකාව සුපිරි 12ට
- ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු පවසන ලෝක කුසලාන සැලසුම්
- චමීර ලෝක කුසලානයෙන් ඉවතට!
- ඉන්දියාව පාකිස්තානයට යන්න බැහැ කියයි
- අද දිනන්න අපිට අවශ්‍ය ආකල්ප වෙනසක් විතරයි – චාමික
මෙම නව වෙනස්කම පිළිබඳව අදහස් දක්වමින් 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා ප්‍රකාශ කළේ,
“ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වර්ධනය වෙමින් ඉදිරියට යන බැවින් රසිකයින්ට විනෝදාස්වාදය ලබා දෙන අතරතුර ක්‍රීඩාවට සම්පූර්ණ වටිනාකමක් සහ පාර්ශව කරුවන්ට වටිනාකමක් ලබා දෙන දෙයක් විදියට මම මේ ලාංඡනය සලකනවා. එහි ඇති සරල සහ පැහැදිලි බව එම ක්‍රියාවලියට ගොඩක් උපකාරී වෙයි.”
මෙම නව ලාංඡනය නුවර පදිංචි 24 හැවිරිදි මියුලික වීරමන්ත්‍රී විසින් නිර්මාණය කර ඇති අතර තරගයෙන් ජයග්‍රහණය කිරීම නිසා ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 1,000ක ත්‍යාගයක් ද ලබා දී තිබෙනවා.
“මෙම නව ලාංඡනය විසින් ක්‍රීඩාවට සහභාගී වන සියලු අංශ නියෝජනය කරනවා. මෙම තරගාවලිය ඉතාමත් වර්ධනය එකක් වන අතර මෙය ලොව හොඳම ලීගයකින් එකක්,” යැයි IPG ආයතනයේ ප්‍රධානී Anil Mohan ප්‍රකාශ කළා.
2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් 06 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර තරගාවලිය කොළඹ, හම්බන්තොට සහ නුවර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇත.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<