Tier B පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයා හර්ෂ විතාත

146
Premier League Tournament Tier B

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය  Premier League Tier B ක්‍රිකට් තරගාවලියේ බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ හර්ෂ විතාන පන්දු 314කට මුහුණ දෙමින් හතරේ පහර 23ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 176ක් ලබා ගනිමින් දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් විය.

ඊට අමතරව  ගුවන් හමුදාව වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට උදයවංශ පරාක්‍රම සමත් විය.

රොෂේන්, උදාර සහ අශේන් ශතකවලින් වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ ආරම්භක සතියේ දී තවත් ශතක දෙකක් අද

පානදුර සහ කැන්ඩි කස්ටම්ස් 

පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

අවසන් දිනයේ දී පානදුර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 359ක් ලබා ගත් අතර කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩකයන්ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 346ක ඉලක්කයක් හිමි විය. ඔවුන්ට තම දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 287ක් පමණි. 

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 177 (50) විශ්ව චතුරංග 42, මින්හාජ් ජලීල් 27, ජයකිශාන් කොල්සාවල 20, හර්ෂ කුරේ 43, උමේෂ් කරුණාරත්න නොදැවී 28, චිරාග් කුරානා 4/57, උමේග චතුරංග 2/35, සචින්ත පෙරේරා 3/51

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 38ක දී කඩුලු 4ක් දැවී 123) සියලුම දෙනා දැවී 191 (54.2) සසිත මනුරංග 27, චානක විජේසිංහ 27, හසිත මධුශාන් 27, සචින්ත පෙරේරා නොදැවී 24, චලන ද සිල්වා 4/62, අසාර් අතාරි 4/51, උමේෂ් කරුණාරත්න 2/39

පානදුර ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම (දෙවැනි දිනය අවසන් වන විට පන්දුවාර 70.1ක් අවසානයේ දී කඩුලු 9ක් දැවී 331) සියලුම දෙනා දැවී 359 (74) විශ්ව චතුරංග 36, මින්හාජ් ජලීල් 45, හර්ෂ කුරේ 28, උමේෂ් කරුණාරත්න 114, රාජු ගයාෂාන් 61, නිපුන් ලක්ෂාන් 43, සම්පත් පෙරේරා 2/16, සචින්ත පෙරේරා 4/120, උමේග චතුරංග 4/124

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 287 (86) චිරාජ් කුරානා 23, චානක විජේසිංහ නොදැවී 107, සසිත මනුරංග 65, සචිත්‍ර පෙරේරා නොදැවී 42, චලන ද සිල්වා 2/93, උමේෂ් කරුණාරත්න 3/46


වරාය සහ බ්ලූම්ෆීල්ඩ් 

බිලුම්ෆිල්ඩ් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩකයෝ සමත් වූහ. 

Photos: Bloomfield C & AC vs SLPA CC | SLC Major League Tier ‘B’ tournament 2019/20

පෙර දිනයේ පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 73ක් ලබා සිටි හර්ෂ විතාන අද තම කණ්ඩායමේ ඉනිම නිමා වෙද්දී නොදැවී ලකුණු 176ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 91ක් අවසානයේ කඩුලු 4ක් දැවී 363) සියලුම දෙනාදැවී 496 (121.5) යොහාන් ද සිල්වා 99, රමේෂ් නිමන්ත 72, සයීඩ් බින් නසීර් 121, අදීශ නානායක්කාර 52, මිතිල අරවින්ද 20, හස්නයින් බොකාරි 57, තිලාන් තුෂාර 2/69, ගයාන් සිරිසෝම 5/156

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 59ක් අවසානයේ කඩුලු6ක් දැවී 221) සියලුම දෙනා දැවී 446 (126.5) ඩිල්හාන් කුරේ 24, සමීන් කඳනාරච්චි 22, හර්ෂ විතාන නොදැවී 176, චාමර සිල්වා 25, මධුශාන් රවිචන්ද්‍රකුමාර් නොදැවී 34, චමින්ද බණ්ඩාර 83/2, චානක කොමසාරු 5/127, හස්නායි බොකාරි 2/123

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 70 (17) රමේෂ් නිමන්ත නොදැවී 51

උමේෂ් කරුණාරත්න ශතකය පසුකර යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Premier League Tier B ක්‍රිකට් තරගාවලියේ පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරන උමේෂ් කරුණාරත්න


ගාල්ල සහ සෙබස්තියනයිට්ස් 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීම සත්කාරක ගාල්ල ක්‍රීඩකයෝ සමත් වූහ.  

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 90ක් අවසානයේ කඩුලු 6ක් දැවී 264) සියලුම දෙනා දැවී  314 (106.2) මන්සූර් අම්ජාඩ් 80, කවිඳු එදිරිවීර 54, ජාකෝබ් සචින් 70, නිමේෂ් පෙරේරා 31, චරිත් රාජපක්ෂ නොදැවී 26, සමන් කුමාර 5/82, රනේෂ් පෙරේරා 3/51

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනය නිමා වෙද්දී පන්දුවාර 71ක් අවසානයේ දී කඩුලු 9ක් දැවී 207) සියලුම දෙනා දැවී 235 (80.5) සචින් ප්‍රනාන්දු 39, තිලංක ද සිල්වා 86, අබිඩ් හසන් 4/54, රවිශ්ක විජේසිරි 3/36

ගාල්ල ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 197 (57.5) මන්සුර් අම්ජාඩ් 88, නිමේෂ් පෙරේරා 30, සමන් කුමාර 3/34, කුමාර් බොරේසා 2/36

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 50 (19) දසුන් සෙනෙවිරත්න 19, සාරංග රාජගුරු 2/32


නාවික හමුදාව සහ පොලිසිය 

වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වූහ.  

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 357  (83.2) ලක්ෂාන් රොද්‍රිගෝ 69, මධුරංග සොයිසා 36, දුලාශ් උදයංග නොදැවී 81, අසේල් සිගේරා 22, සුපුන් මධුශංක 57, නිසාර් අහමඩ් 57, ඩිලන්ක අවර්ඩ් 7/133

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 4ක දී කඩුලු 2ක් දැවී 11) සියලුම දෙනා දැවී 290 (74.4) ශවිඳු දිසානායක 42, ඩබ්ලිව්. මයන්ත 37, ශාලිත් ප්‍රනාන්දු 21, නිලංක සඳකැන් 37, තරුෂ ප්‍රනාන්දු නොදැවී 78, ඩිලංක අවර්ඩ් 20, සතික් නිමල්ෂ 22, නිසාර් අහමඩ් 2/46, අසේල් සිගේරා 3/48, ලහිරු දියන්ත 4/92

පොලිස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම (දෙවැනි දිනය අවසන් වෙන විට පන්දු වාර 16.4ක් අවසානයේ දී කඩුලු 4ක් දැවී 61) සියලුම දෙනා දැවී 294 (67.5) සුජාන් මයුර 27, දුලාශ්  උදයංග 35, ගිටාන්ෂ් කේරා 60, අසේල් සිගේරා 64, සුපුන් මධුශංක නොදැවී 54, සතික් නිමල්ෂ 2/39, ඩිලංක අවර්ඩ් 5/110

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 4ක් දැවී 150 (41) සුපුන් ලීලාරත්න නොදැවී 55, තරුෂාන් ඉද්දමල්ගොඩ 20, ඩබ්ලිව්. මයන්ත 29, ශාලිත ප්‍රනාන්දු නොදැවී 26, නිසාර් අහමඩ් 2/28

කිවියන්ට අන්ත පරාජයක්

තම මව් රටේදී ලැබිය හැකි උපරිම අපකීර්තිය අත් විඳිමින් සත්කාරක නවසීලන්ත පිළ අද (02) ඉන්දියාව


ගුවන් හමුදාව සහ කුරුණෑගල යූත් 

කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට කුරුණෑගල යූත් ක්‍රීඩකයෝ සමත් වූහ

මෙම තරගයේ දී අවසන් දිනයේ දී ශතකයක් වාර්තා කිරීමට උදයවංශ පරාක්‍රම සමත් විය. ඔහු පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 111ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනි. 

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 317 (88.3) රවිඳු සෙම්බකුට්ටිගේ 67, ලක්වින් වීරසූරිය 32, සුමින්ද ලක්ෂාන් 99, මාධව නිමේෂ් 87, ලහිරු ජයරත්න 2/48, විනෝද් පෙරේරා 2/28, ශිවකුමාර් ටිරෝන් 2/72, සමීර සඳමාල් 2/08

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 441 (115.1) මාලිංග මලිගස්පේ 98, ශයින් අබ්බාස් 120, සමීර සඳමාල් 23, ඩිල්ශාන් කොල්ලුරේ 39, විනෝද් පෙරේරා 88, නවින් කවිකාර 33, අරවින්ද ප්‍රේමරත්න 3/ 84, රවිඳු සෙම්බකුට්ටිගේ 3/78, ප්‍රමෝද් කුමාර 2/26

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 282 (64) රවිඳු සෙම්බකුට්ටි 62, ලක්වින් වීරසූරිය 47, උදයවංශ පරාක්‍රම නොදැවී 111, සුමින්ද ලක්ෂාන් 24, නිලූෂාන් නෝනිස් 22, ලහිරු ජයරත්න 3/40, නවින් කවිකාර 4/126, සමීර සඳමාල් 2/40

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<