ලෝක කුසලානයේ විස්තර විචාරක කණ්ඩායම නම් කරයි

ICC Men's T20 World Cup 2024

115
ICC Men's T20 World Cup 2024

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ විස්තර විචාරක කටයුතු සඳහා සම්බන්ධ වීමට නියමිත පිරිස අතරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රසල් ආනෝල්ඩ් තෝරා ගෙන  තිබෙනවා.

එළඹෙන ජුනි මස 02 දා සිට ආරම්භ වීමට නියමිත මෙවර ලෝක කුසලානයේ විස්තර විචාරක කටයුතු සඳහා අත්දැකීම් බහුල සහ ලෝ පතල Ravi Shastri, Nasser Hussain, Ian Smith, Mel Jones, Harsha Bhogle සහ Ian Bishop යන අයගේ නම් ඇතුළත් වී ඇති අතර, කාන්තා සහ පිරිමි විස්සයි විස්ස ලෝක ශූරතාව හිමි කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස Dinesh Karthik, Ebony Rainford-Brent, Samuel Badree, Carlos Brathwaite, Steve Smith, Aaron Finch සහ Lisa Sthalekar යන අය ද මෙවර තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට සූදානමින් පසු වනවා.

මේ අතර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමට සමත් වූ Ricky Ponting, Sunil Gavaskar, Matthew Hayden, Ramiz Raja, Eoin Morgan, Tom Moody සහ Wasim Akram යන හිටපු ක්‍රීඩකයින් ද සිය විශේෂඥ දැනුම මෙවර ලෝක කුසලානයේ දී ඔබට බෙදා දීමට සූදානම්.

මීට අමතරව ශ්‍රී ලංකාවේ එකම නියෝජනය වන රසල් ආනෝල්ඩ් සහ Dale Steyn, Graeme Smith, Michael Atherton, Waqar Younis, Simon Doull, Shaun Pollock and Katey Martin, Mpumelelo Mbangwa, Natalie Germanos, Danny Morrison, Alison Mitchell, Alan Wilkins, Brian Murgatroyd, Mike Haysman, Ian Ward, Athar Ali Khan, Niall O’Brien, Kass Naidoo සහ Daren Ganga හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මෙවර තරගාවලියේ විස්තර විචාරක කුටියේ අසුන් ගෙන සිටිනු ඔබට දක්නට ලැබෙනු ඇති.

2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<