කොස්ට්යුක්, අසරෙන්කා හට අතට අත දීම ප්‍රතික්ෂේප කරයි

369
detailzero.com

ලෝක දේශපාලනයේ ඇතැම් සිද්ධීන් ක්‍රීඩාවට ද බලපාන නොයෙකුත් අවස්ථා අපි ඉතිහාසයේ සිටම දැක ඇත්තෙමු. පසුගිය දා පැවති එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලියේ තරගයක දී යළි එවැන්නක් දැක ගැනීමට හැකි විය.

යුක්‍රේන ජාතික ක්‍රීඩිකා Marta Kostyuk (මාර්තා කොස්ට්යුක්) සහ බෙලරුසියානු ක්‍රීඩිකා Victoria Azarenka (වික්ටෝරියා අසරෙන්කා) තරගයට ක්‍රීඩා කළෝය. 6-2ක්, 6-3ක් වශයෙන් තරගය පරාජය වුවත් කොස්ට්යුක් තරගයෙන් අනතුරුව අසරෙන්කා හට අතට අත දීම ප්‍රතික්ෂේප කළේ මේ වන විටත් නිමාවක් නොපෙනෙන රුසියානු-යුක්‍රේන යුද්ධය සිහිකරවමිනි.

යුක්‍රේනයට එරෙහි රුසියානු යුධමය ක්‍රියාමාර්ගවල දී අසරෙන්කා නියෝජනය කරන බෙලරුසියාව රුසියාවට සහාය පළකළේය. එබැවින් තරගයෙන් අනතුරුව ඇයට අතට අත දීම ප්‍රතික්ෂේප කරන බව පෙර දා රාත්‍රියේ දී අසරෙන්කාට කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දුන් බව කොස්ට්යුක් කියයි. දෙදෙනා ටෙනිස් පිතිවලින් ආචාර කරගත්තෝය.

කෙසේ වෙතත් විචාරක මතය වන්නේ එය “එසේ සිදු නොවුනා නම් හොඳ” බවය.

හැමෝම බලන්නේ ඒ ගැන සුපිරි රාජ්‍ය තාන්ත්‍රික විදියකට වැඩ කරන්න. මගේ රට දවසින් දවසම මිය යමින් තිබෙනවා,” කෙසේ වෙතත් BBC හමුවේ කොස්ට්යුක් එසේ පැවසුවා ය.

ඒ ගැන ලොකුවට ගණන් ගන්න ඕන කියලා මම විශ්වාස කරන්නේ නෑ. මම හැමවෙලේම මගේ ප්‍රතිවාදීන් එක්ක අතට අත දෙනවා,” අසරෙන්කාගේ පිළිතුර වූයේ එයයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<