වසර 27ක් පැරණි ලෝක වාර්තාවකට නව හිමිකරුවෙක්

135

ස්පාඤ්ඤයේ පැවති ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වෙමින් මීටර් 60 ගෘහස්ථ කඩුලු මතින් දිවීමේ ලෝක වාර්තාව බිඳ හෙළීමට ඇමරිකානු මලල ක්‍රීඩක Grant Holloway සමත් වුනා.

මැඩ්රීඩ් නුවර දී පැවති “World Indoor Tour meeting” තරගාවලියේ මීටර් 60 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 7.29ක කාලයකින් අවසන් කිරීමට ඔහු සමත් වූ අතර එහි දී ඔහු විසින් 1994 වසරේ දී Colin Jackson විසින් පිහිටුවා තිබූ වසර 27ක් පැරණි ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා.

Holloway එම තරගය නිමා කළ කාලය ප්‍රථමයෙන් තත්පර 7.32ක් ලෙස දැක්වූ අතර පසුව එය 7.29ක් දක්වා වෙනස් කිරීමෙන් පසු තරගාවලිය සඳහා එක්වූ ඡායාරූප ශිල්පියෙකු විසින් මෙම වාර්තාගත ජයග්‍රහණය පිළිබඳව ඔහුට දැනුවත් කර සිටියා.

තවත් මලල ක්‍රීඩා පුවත්:

තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු ස්පාඤ්ඤ රූපවාහිනියකට අදහස් දක්වමින් Grant Holloway ප්‍රකාශ කර සිටියේ තරගයේ සංවිධායකයින් ඔහු හට බොරු කළ බවත්, ඔවුන් ප්‍රථමයෙන් තරග කාලය තත්පර 7.32ක් ලෙස පවසා සිටි බවයි.

එය අංගසම්පූර්ණ තරගයක් කියලා මම කියන්නේ නැහැ, මම තේරීම් තරගවල දී මගේ හොඳම කාලය සම කළා. ඉතින් එකේ අදහස මම අවසන් තරගයේ තවත් වේගයෙන් දුවනවා කියලයි. ඉතින් මම එතනට ගිහින් තරගය ක්‍රියාත්මක කළා.

මට මුලින්ම මේ සියල්ල එකතු කර ගැනීමට අවශ්‍යයි, එයින් පස්සේ මගේ ප්‍රමුඛතාවය ඔලිම්පික් තේරීම් තරග සහ ඔලිම්පික් රන් පදක්කම පිළිබඳවයි” යැයි ඔහු ප්‍රකාශ කර සිටියා.

මේ වන විට 23 වියේ පසුවන Grant Holloway මෑත කාලයේ ඇමරිකාවෙන් බිහි වූ සාර්ථකම කෙටිදුර කඩුලු පැනීමේ ශූරයා ලෙස හැදින්විය හැකි අතර ඔහු 2019 වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 110 කඩුලු පැනීමේ ලෝක කිරුළ දිනා ගැනීමට ද සමත් වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<