දරුණු රිය අනතුරකට ලක්වූ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයා ජීවිතක්ෂයට

313
najeeb tarakai died

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ක්‍රීඩක Najeeb Tarakai පසුගිය දා හදිසි රිය අනතුරකට මුහුණ දී බරපතළ තුවාල ලබා රෝහල් ගත තිබුණු අතර අද (06) ඔහු ජීවිතක්ෂයට පත් වූ බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය නිල වශයෙන් වාර්තා කර තිබුණි. ජීවිතක්ෂයට පත්වන විට ඔහු 29 හැවිරිදි වියේ පසු විය. 

Najeeb එක්තරා වෙළඳසැලක සිට පාර මාරුවෙමින් සිටිය දී මේ හදිසි රිය අනතුර සඳහා මුහුණ දී තිබෙන බවත්, ඉන් අනතුරුව ඔහුව වහාම රෝහල් ගත කර ඇති බවත් ඇෆ්ගනිස්තාන මාධ්‍ය වාර්තා කර තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්

“Najeeb පසුගිය දා (3) හදිසි රිය අනතුරකට මුහුණ දුන්නා. ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. දැනට තියෙන විදිහට නම් ඔහුගේ තත්වය ටිකක් බරපතල බවයි පෙනෙන්නේ” යැයි ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අන්තර්කාලීන ප්‍රධාන විධායක නිලධාරි Abdulrahimzai මහතා මාධ්‍ය වෙත පවසා සිටියේය.

2014 වසරේ පැවති ආසියානු කුසලානයේ දී බංග්ලාදේශයට එරෙහිව ජාත්‍යන්තර වරම් ලද Najeeb අන්තර්ජාතික විස්සයි විස්ස තරග 12ක දී ඇෆ්ගනිස්තානය නියෝජනය කර තිබෙනවා.

එසේම පසුගිය දා (3) ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහා ක්‍රිකට් විනිසුරු සේවය ලබා දුන් Bismillah Jan Shinwari විනිසුරුවරයා ඇෆ්ගනිස්තානයේ Nangarhar හිදී මරාගෙන මැරෙන කාර් බෝම්බයකට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<