ශ්‍රී ලංකා කණ්ඩායමට අනතුරු ඇඟවීමක්!

115

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයට පෙර කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත සොයා බැලීමක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට රජයෙන් ඉල්ලා තිබේ. 

ප්‍රබලයින් රැසක් නොයන පාකිස්තානයට යන නිල ශ්‍රී ලංකා සංචිත

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි….

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත කරන ලද අනතුරු ඇඟවීමකට අනුවය. 

එම අනතුරු ඇඟවීම මඟින් පාකිස්තාන තරග සංචාරය අතරතුර දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල විය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇත. ඒ පිළිබඳව සනාථ වූ ආරංචි මාර්ගවලට අනුව මෙම දැනුම්දීම සිදු කර ඇත. 

මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නැවතත් සොයා බලන ලෙස රජයෙන් ඉල්ලා ඇත. ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතිවුවහොත් මෙම තරග සංචාරය පිළිබඳව සලකා බැලීමට සිදු වනු ඇත. 

එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත පාකිස්තාන තරග සංචාරය මෙම මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණි. එම තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කල අතර ප්‍රබල ක්‍රීඩකයන් කීපදෙනෙකුම මෙම සංචාරය සඳහා එක්වීම ප්‍රතික්ෂේප කර තිබීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<