ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවය 2023

210
Four Athlete will Participate International Para Athletics Championship 2023

ඩුබායි හී පැවැත්වෙන ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් හතර දෙනෙකු පිටත්ව තිබෙනවා.

පැරා මලල ක්‍රීඩා පිටියේ අවධානය දිනා ගත් තරගාවලියක් වන මෙම තරගාවලිය පෙබරවාරි 22 වැනිදා සිට මාර්තු 03 වැනිදා දක්වා Dubai Grand Prix ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මෙම තරගාවලිය සඳහා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට පැරාලිම්පික් උළෙල නියෝජනය කළ මදුරංග සුබසිංහ ඇතුළත් වන අතර ඔහු T47 කාණ්ඩයේ මීටර් 100 සහ 400 ඉසව් නියෝජනය කරනවා.

T42 කාණ්ඩයේ මීටර් 100 සහ දුර පැනීමේ ඉසව් නියෝජනය කරමින් අනිල් ප්‍රසන්න ජයලත් කණ්ඩායමට එක්වෙන අතර නුවන් ඉන්දික තරගාවලියේ T44 කාණ්ඩයේ මීටර් 100 සහ දුර පැනීම නියෝජනය කරනවා.

ප්‍රදීප් සෝමසිරි මෙම කණ්ඩායමට ඇතුළත් අනෙක් ක්‍රීඩකයා වන අතර ඔහු T46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව් නියෝජනය කිරීමට නියමිතයි.

තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම,

  • සමන් මදුරංග සුබසිංහ – මීටර් 100 සහ දුර පැනීම (T47)
  • අනිල් ප්‍රසන්න – මීටර් 100 සහ දුර පැනීම (T42)
  • නුවන් ඉන්දික – මීටර් 100 සහ දුර පැනීම (T44)
  • ප්‍රදීප් සෝමසිරි – මීටර් 1500 (T46)

ඩුබායි හී පැවැත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතාවයේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>  තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<