ශ්‍රී ලංකා සිංහයින් නැවතත් ක්‍රීඩා පිටියට

788

Covid-19 වසංගත තත්ත්වය නිසා මාස දෙකහමාරකට ආසන්න කාලයක් තිස්සේ තාවකාලිකව නවතා දැමුණු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නීති රීතිවලට අනුකූලව හෙට (ජුනි 01) සිට යළිත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහානර්ඝ නාමය මහානාම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ප්‍රමුඛ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සිව්දෙනාගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම පළමු පුහුණු වැඩමුළුව දින 12ක නේවාසික පුහුණු සැසියක් ලෙස පැවැත්වෙනු ඇත. මෙම පුහුණු සැසිය සඳහා සුදුසුකම් ලබන ක්‍රීඩකයින් ද නිර්දේශ කරනු ලබන්නේ එකී පුහුණු අංශය විසින් වීම ද විශේෂත්වයකි.

අදාළ පුහුණු වැඩසටහන සඳහා නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් දහතුන් දෙනෙකු සහභාගී වීමට නියමිත වන අතර වැඩ සටහනේ පළමු දිනය වන හෙට (ජුනි 1) දිනයේ දී ඔවුන් නේවාසිකව සිටින, කොළඹ තරු පන්තියේ හෝටලයේ ඇති ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය සහ පිහිනුම් තටාකය උපයෝගී කර ගනිමින් සිදු කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතා සඳහන් කරන පරිදි හෙටින් ඇරඹෙන වැඩමුළුවට පන්දු යැවීම සහ පන්දු රැකීම පමණක් ඇතුළත් වන අතර පන්දුවට පහර දීම සම්බන්ධව කිසිදු ක්‍රියාකාරකමක් මෙම පුහුණු වැඩසටහන සඳහා ඇතුළත් නොවේ.

කණ්ඩායමේ කළමනාකරු ලෙස ද කටයුතු කරනු ලබන ද මෙල් මහතා, කඳවුරට සහභාගි වන ක්‍රීඩකයින් බහුතරයක් වේගපන්දු යවන්නන් බවට පත්ව සිටින්නේ, දීර්ඝ කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීම හේතුවෙන් වැඩියෙන්ම ආබාධවලට ලක්විය හැකි පිරිස බවට ද පත්ව සිටින්නේ ඔවුන් බැවින් ICC නිර්දේශ අනුව යමින් පුහුණුවීම් වලදී ඔවුන්ට වැඩි ප්‍රමුඛතාවක් ලබා දීමට පියවර ගෙන ඇත.

Video – කොරෝනා වලින් පස්සේ ක්‍රිකට් පටන් ගන්නේ මෙහෙමයි

ඒ අනුව මෙම පුහුණු වැඩමුළුව සඳහා වේගපන්දු යවන්නන් හය දෙනෙක්, දඟපන්දු යවන්නන් තිදෙනෙකු සහ තවත් පිතිකරුවන් දෙදෙනකු මූලික සැලසුමට ඇතුළත් කර තිබුණු නමුත් තවත් ක්‍රීඩකයින් දෙදෙනකු වන ධනුෂ්ක ගුණතිලක සහ කුසල් ජනිත් පෙරේරා ඊට කැඳවීමට ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා කටයුතු කළ බව තමන්ට දැනුම් දුන් බව ද මෙල් මහතා කරුණු අනාවරණය කර සිටියේය.

රජයේ පූර්ණ සෞඛ්‍ය රෙගුලාසි සහ කොන්දේසිවලට අනුකූලව ක්‍රියාත්මක වන මෙම නේවාසික පුහුණු කඳවුරෙහි ඇති සුවිශේෂීතාව වන්නේ මෙම වැඩසටහනට සම්බන්ධ වන හෝටල් සේවක පිරිස ද පුහුණු කඳවුර පැවැත්වෙන දින 12ක කාල සීමාව තුළ නොවෙනස්ව පැවතීමයි. 

මේ පිළිබඳව වැඩිදුර කරුණු දක්වා සිටි ද මෙල් මහතා, “එයාලටත් ක්‍රීඩකයින්ට වගේම ගෙවල් වල යෑමේ අවස්ථාව හිමි වන්නේ නෑ. ඔවුන් මේ පුහුණු කඳවුර පැවැත්වෙන දින 12ක කාල සීමාවේ දී කණ්ඩායම සමඟ රැඳී කටයුතු කරනවා” යැයි සඳහන් කළා.

කොළඹ CCC ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහනේ දී බාහිර කිසිම පුද්ගලයකුට ක්‍රීඩාංගණයට ඇතුළු වීමේ අවසර හිමි නොවන බව ද මෙල් මහතා අවධාරණය කර සිටියේය.

එංගලන්ත ක්‍රීඩකයින්ට සමාජ ඇසුර සීමා කෙරේ!

අදියර කිහිපයක් වශයෙන් පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහන් මාලාවේ දෙවැනි අදියරට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ඇතුළු පිතිකරුවන් ද ඇතුළත් වීමට නියමිතව සිටියි. 

කෙසේ වෙතත් තුන් ඉරියව් වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා තවදුරටත් සිය නිවෙස්වලම සිටිමින් සිය පුහුණුවීම් කටයුතු සිදු කරන ලෙස නියම කර ඇති බව මේ පිළිබඳව අදහස් දක්වා සිටි පුහුණුකරු මිකී ආතර් මහතා පැවසීය.

පුහුණු සැසිය සඳහා මුල් කාලසටහනට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, දසුන් ශානක, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, ධනුෂ්ක ගුණතිලක.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<