ඇත්ත කෙනා ලෙඩ ඇඳේ; Fake Neymar ග්‍රවුන්ඩ් එකේ!

FIFA world cup 2022

467

මෙවර පාපන්දු ලෝක කුසලානයේ බ්‍රසීලය සහ සර්බියාව අතර තරගයේ දී බ්‍රසීල පාපන්දු තරුව Neymar වළලුකරේ ආබාධයකට ලක් වූ අතර, ඔහුට ඒ නිසා ස්විස්ටර්ලන්තය සමඟ තරගය මග හැරුණා.

ඇති වූ ආබාධය නිසා ඔහුට ස්විස්ටර්ලන්තය සමඟ තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයට හෝ පැමිණිය නොහැකි වූ නමුත්, එදා ඔහුගේ අඩුව පුරවන්නට තවත් Neymar කෙනෙක් 974 ක්‍රීඩාංගණය වෙත පැමිණ තිබුණා.

මේ වන විට ලෝකයේ මෙන්ම, ශ්‍රී ලංකාවේ පාපන්දු ලෝලීන් අතර ද සමාජ මාධ්‍ය ජාලා තුල වැඩියෙන්ම කතාබහට ලක්වන සිදුවීමක් වන්නේ මේ ඇත්ත Neymar වගේම ඉන්න ඩුප්ලිකේට් Neymar ගැනයි.

ස්විස්ටර්ලන්තය සමඟ තරගය අතරතුර දී ප්‍රේක්ෂකාගාරයෙන් මතු වූ මෙම ව්‍යාජ Neymar විසින් ප්‍රේක්ෂකයින් සමඟ ඡායාරූප ගනිමින්, ඔවුන් සමඟ කතාබහ කරමින් සිටින අයුරු මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා.

එමෙන්ම එම සිදුවීම් වලට අදාල වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ උපහාසාත්මක ස්වරූපයෙන් ප්‍රචාරය කෙරුණා.

මෙම ව්‍යාජ පුද්ගලයාට සාමාන්‍ය ජනතාව පමණකුත් නොවී, පිළිගත් ඡායාරූප ආයතන පවා රැවටී ඔහුගේ ඡායාරූප සමාජ ගත කර තිබුණු බව ද විදෙස් මාධ්‍ය මගින් වාර්තා කරනවා.

එදා ස්විස්ටර්ලන්තය සමඟ තරගයට පෙර දිනක ඔහු (ව්‍යාජ Neymar) දෝහා නගරයේ සංචාරය කරමින් සිටිය දී ද සාමාන්‍ය ජනයා මෙන්ම මාධ්‍ය මගින් ද එයට දැඩි අවධානයක් ලබා දුන්නා.

නමුත් හාස්‍යයට කරුණ නම් ඒ මොහොතේ දීත් හරි හැටි ඇවිද ගැනීමට නොහැකිව සිටි බ්‍රසීල සුපිරි තරුව සිය ආබාධයට අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටීමයි.

Neymar ලෙස වැරදිය වටහා ගන්නා මෙම පුද්ගලයාගේ සැබෑ නම Eigon Oliveira වන අතර සමාජ මාධ්‍ය වල ඔහුට මිලියන බාගයකට අධික රසිකයින් පිරිසක් ද සිටිනා බවයි දැන ගන්නට ලැබෙන්නේ.

එමෙන්ම ඔහු සැබෑ Neymarගේ ශරීරය පුරා කොටා ඇති ටැටූ පවා ඒ අයුරින්ම අනුකරණය කිරීමට වග බලාගෙන තිබෙනවා.

මේ අතර ලෝක මෙවර පාපන්දු කුසලානයේ කණ්ඩායම් 16 තරග වටයේ සිට නැවතත් බ්‍රසීල කණ්ඩායම සමඟ එකතු වීමට “සැබෑ Neymar” හට අවකාශය උදා වනු ඇති බවත් මාධ්‍ය මගින් වාර්තා කරනවා.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

The Indian Express ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<