මල්ෂ සහ යසිරු දිනය වර්ණවත් කරයි

19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

206
U19 Schools Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක නිමාවත් සමඟින් තවත් තරග කිහිපයක ආරම්භයත් මේ සති අන්තයේ දී සිදු වුනා.

ඒ අතරින් මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර මාතර දී පැවති තරගයෙන් ලකුණු 152ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් වුනා.

මේ අතර පළමු දිනය අවසන් වූ තරගවල දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ මල්ෂ තරුපති සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ යසිරු සමරකෝන් පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක්වීම කැපී පෙනුණා.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කුරණෑගල මලියදේව විද්‍යාලය

  • ක්‍රීඩාංගණය – යුද හමුදා ක්‍රීඩාංගණය, දොඹගොඩ
  • කාසියේ වාසිය – මලියදේව විද්‍යාලය

මෙම තරගයේ දී මල්ෂ තරුපති පන්දු 59ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 75ක් ලබා ගනිද්දී, මහීෂ ද සිල්වා පන්දු 65කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ද ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

  • රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 249 (55.2) හේලිත් එදිරිසිංහ 30, කවිඳු නිර්මාණ 20, මල්ෂ තරුපති 75, මහීෂ ද සිල්වා 65, චාරුක හේරත් 5/96, දිමත් අබේසිංහ 2/33, එම්. එස්. ජී. එම්. ද සිල්වා 2/63
  • මලියදේව විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 121 (38) ජයමින් මුතුකුමාරණ 42, සී. එන්. කේ. බී හෙට්ටිආරච්චි නොදැවී 22, මල්ෂ තරුපති 2/34, තරින්ද නිර්මාල් 2/21

තරගය දෙවැනි දිනයටත් ක්‍රියාත්මකයි.

කොළඹ නාලන්දා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය

  • ක්‍රීඩාංගණය – නාලන්දා විද්‍යාලය, කොළඹ
  • කාසියේ වාසිය – වේල්ස් කුමාර විද්‍යාලය

නාලන්දා විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් වූ රුසිරි විලෝචන සහ යසිරු සමරකෝන් එක් ව පළමු කඩුල්ලට ලකුණු 103ක සබඳතාවක් එක් කිරීම කැපී පෙනුණා.

ඔවුන් අතරින් යසිරු සමරකෝන් පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 85ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 77ක් ලබා ගනිද්දී රුසිරු විලෝචන පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තා.

ඊට අමතරව ප්‍රතිවාදී වේල්ස් කුමරුවන්ගේ ආරම්භක පිතිකරු තරිඳු අමරසිංහ ද අර්ධ ශතකයක් ලබා ගැනීම කැපී පෙනුණා. ඔහු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තා.

  • නාලන්දා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 208 (57.1) රුසිරු විලෝචන 54, හසිරු සමරකෝන් 77, චනුල් අතුකෝරල 22, මශිත් ද සිල්වා 3/36, ප්‍රින්ස් ප්‍රනාන්දු 4/51, අචල පෙරේරා 3/11
  • වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 123 (39) තරිඳු අමරසිංහ නොදැවී 52, සුමල්ක ප්‍රනාන්දු නොදැවී 39, සදෙව් සමරසිංහ 2/07

තරගය දෙවැනි දිනයටත් ක්‍රියාත්මකයි.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

ක්‍රීඩාංගණය – උයන්වත්ත ක්‍රීඩා පිටිය, මාතර

කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 169 (53.1) රයන් දිසානායක 21, විමත් දින්සර 41, නදීශ ප්‍රනාන්දු 29, භානුක ඉන්සමාල් 3/45, මනුග යොනාල් 3/49
  • සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 74 (36.5) පෙසඳු සංජන 23, යශින් ප්‍රනාන්දු 2/21, මනුජ චන්තුක 3/11, මහේන් සිල්වා 4/06
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 184 (51) රයන් දිසානායක 28, සනේශ් ප්‍රනාන්දු නොදැවී 100, විමත් දින්සර නොදැවී 51
  • සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 127 (51) අබ්දුල් මජීඩ් 33, ලෝෂිත දික්සිත 39, මනුජ චන්තුක 3/29, මහේන් සිල්වා 2/28, රයන් දිසානායක 2/12, නදීශ ප්‍රනාන්දු 2/06

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 152ක ජයක්.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

කාසියේ වාසිය – සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

ක්‍රීඩාංගණය – සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩා පිටිය, වත්තල

  • සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 157 (52.4) කන්ක වික්‍රමසිංහ 20, ඩියෝන් ප්‍රනාන්දු 42, චාරුක අයේශාන් 23, නිමේෂ සිල්වා 23, පැතුම් විහඟ 5/45, ශාන් සමරදිවාකර 2/41
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 107 (51) විශ්මිත නිරෝධ 32, නිමේෂ සිල්වා 2/12, කවිශ්ක ඉමේෂ් 3/28, අකිල වික්‍රමසිංහ 4/38
  • සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 133 (43.2) යෝෂිත ඉසුරංග 20, කවිශ්ක ඉමේෂ් 43, පැතුම් විහඟ 3/54, අමිත සංදීප 4/41
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 86 (19) ටිශාන් ද සිල්වා 21, හර්ෂ වීරසූරිය 35, නිමේෂ සිල්වා 4/32

තරගයේ විසඳුමක් නෑ.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය

ක්‍රීඩාංගණය – ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩා පිටිය කොළඹ 7

කාසියේ වාසිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය

  • ඩි. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 261 (62.3) සෙනුර සිල්වා 87, ශනාල් බිනුක 29, මනුර පීරිස් 98, ඕ. එම්. බී. පෙරේරා 20, කේ. ඒ. ටී. දිල්සර 2/63, නාරද කාංචන 3/39, මොහොමඩ් මුර්සාඩ් 2/28
  • ගුරුකුල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 220 (61) තත්සර ඒශාන් 49, දෙනුර දිමන්සිත් 36, ජනිත් ෂෙහාන් 55, වගීෂ අමන්ත 22, අදීශ බණ්ඩාරනායක 2/42, පූර්ණ සුලක්ෂණ 5/77, සෙනුර සිල්වා 2/21
  • ඩි. එස්. සේනානායක විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 143 (40.1) සෙනුර සිල්වා 32, දේශාන් හෙට්ටිගේ 33, චෙනුල් පින්සර නොදැවී 40, මොහොමඩ් මුර්සාඩ් 5/36, තත්සර ඒශාන් 3/22
  • ඩි. එස්. සේනානායක විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 81 (24) මොහොමඩ් මුර්සාඩ් 20

තරගයේ විසඳුමක් නෑ.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය

ක්‍රීඩාංගණය – අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණය

කාසියේ වාසිය – රාහුල විද්‍යාලය

  • රාහුල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 304 (92.2) දිල්මිත් ලක්තරණ 34, තත්සර ඩිල්ශාන් 39, ගිනුක රූපසිංහ 20, සදෙව් ගමගේ 151, ගෙවිඳු ඉමෙත් 32, ජිතිර සංසික 2/69, අමිල් අගස්ති 4/50, සෙනුර සඳයුරු 4/33
  • ධර්මාශෝක විද්‍යාලය – පළමු ඉනිම 242 (62.1) ආකාශ් මෙන්ඩිස් 20, චානුක ජනාන්ග 135, ඉෂාන් අනුරාධ 31, සසිනු බැට්ටගේ 3/57, නදිල් සංදේශ් 4/54
  • රාහුල විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 121 (49) තත්සර ඩිල්ශාන් 37, මිනුග ලක්විඳු 25, පැතුම් මලිත 3/25, ඉෂාන් අනුරාධ 3/20, අමිල් අගස්ති 2/36

තරගයේ විසඳුමක් නෑ.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<