කණිෂ්ඨ ජෝන් ටාබට් මලල ක්‍රීඩා දෙවන දිනයේ වාර්තා වැස්සක්

770
කනිශ්ඨ ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනයේදී වාර්තාවක් පිහිට වූ මිලින්ද පෙරේරා (479) සමස්ත ලංකා පාසල් මලල ක්රීඩා උළෙල නියෝජනය කරමින් ©ThePapare.com

47 වන ශ්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල ඊයේ (23) දෙවන දිනටත් පැවැත්වූයේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදීයි. ඊයේ දිනය මෙරට මලල ක්‍රීඩාවේ අනාගතය පිලිබඳ යම්තාක් දුරකට සුබ පෙර නිමිත්තක් පෙන්වූ දිනයක් බවට පත් වී තිබුණි.

පසුගිය ලිපිය: ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලියේ පළමු දිනයේදීම වාර්තා සමකිරීමක්

ඊයේ (23) දිනය තුලදී නව තරග වාර්තා 6ක් බිහිවූ අතර වයස අවුරුදු 14න් පහළ බාලිකා මීටර් 80 කඩුලු ඉසව්වෙන් තරග වාර්තා සම කිරීමක්ද සනිටුහන් විය. මේ අතර වයස අවුරුදු 14න් පහළ බාලිකා යගුලිය දැමීමේ ඉසව්වේ පැවති තරග වාර්තාව මීටරයකට වඩා වැඩි දක්ෂතාවකින් අලුත්වීම මෙන්ම එම ඉසව්වේ 4 වන ස්ථානයට පත්වූ ක්‍රීඩිකාවත් පැරණි වාර්තාව අභිබවා යාමට සමත් වීමත් කැපී පෙනුනි.

බලපිටිය සිද්ධාර්ථ මාධ්‍ය මහා විද්‍යාලයේ 14 හැවිරිදි ක්‍රීඩක මෙන්ඩිස් අබේසේකර බාලක මීටර් 200 සහ දුර පැනීමේ ඉසව් දෙකේම තරග වාර්තා අලුත් කරමින් ඊයේ දිනයේ වඩාත්ම අවධානය දිනාගත් ක්‍රීඩකයා බවට පත්විය. ඔහුගේ දුර පැනීමේ දක්ෂතාව මීටර් 6.21 ක් ලෙස සටහන් වීම විශේෂත්වයකි. පළමු දිනයේදී තරග වාර්තාවක් සම කල ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සුදීපා හෙන්ඩර්සන් ද තම දෙවන රන් පදක්කම දිනා ගන්නට ඊයේ සමත් විය.

කෙසේ වෙතත් ඊයේ දිනය තුලදීද ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වය හේතුවෙන් සංවිධායකයන් මහත් අසීරුතාවකට පත්ව සිටින අයුරු දක්නට ලැබුණි. විවිධ අපහසුතා මධ්‍යයේ පැවැත්වුණු ඉසව් කිහිපයක ප්‍රතිඵල පහත දැක්වේ.

වයස අවුරුදු 14න් පහළ – බාලක – මීටර් 200

  1. මෙන්ඩිස් අබේසේකර – බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය – තත්පර 23.8 (නව තරග වාර්තාවකි)
  2. දුලන්ජන් පෙරේරා – කොළඹ කේරි විද්‍යාලය – තත්පර 24.0
  3. එඩ්. එස්. මල්වැන්න – ගාල්ල මහින්ද විද්‍යාලය – තත්ත්පර 24.1

වයස අවුරුදු 14න් පහළ – බාලක – දුර පැනීම

  1. මෙන්ඩිස් අබේසේකර – බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය – මීටර් 6.21 (නව තරග වාර්තාවකි)
  2. පී. ආර්. රණවීර – ධීරානන්ද මහා විද්‍යාලය – මීටර් 5.47
  3. අංජන ප්‍රනාන්දු – ජෙනින්ස් ජාත්‍යන්තර පාසල – නයිනමඩම – මීටර් 5.42

වයස අවුරුදු 15න් පහළ – බාලක – මීටර් 200

  1. මිලින්ද පෙරේරා – හලාවත ශාන්ත මරියා විද්‍යාලය – තත්පර 22.8 (නව තරග වාර්තාවකි)
  2. ටී. ඩී. කුලසිංහ – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය – තත්පර 23.2
  3. සනත් පෙරේරා – මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය – තත්පර 23.5

වයස අවුරුදු 14න් පහළ – බාලක – මීටර් 80 කඩුලු

  1. තරුෂ කරුණාරත්න – පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය – තත්පර 11.7 (නව තරග වාර්තාවකි)
  2. විසල් බුද්ධික – මීගමුව ශාන්ත ජෝසප් විද්‍යාලය – තත්පර 12.2
  3. කවීන් කෞහස් – මාතර රාහුල විද්‍යාලය – තත්පර 12.3

වයස අවුරුදු 15න් පහළ – බාලක – උස පැනීම

  1. ශාන් ආමන්ත – දික්වැල්ල විජිත මධ්‍ය විද්‍යාලය – මීටර් 1.83
  2. දිනුර ජයත් – ගම්පහ ගෝතමී කනිෂ්ඨ විද්‍යාලය – මීටර් 1.77
  3. රොෂේන් දුල්මින් – හලාවත ශාන්ත මරියා විද්‍යාලය – මීටර් 1.77

වයස අවුරුදු 14න් පහළ – බාලිකා – යගුලිය දැමීම

1. සරීෂා ගුණසේකර – කොළඹ කාන්තා විද්‍යාලය – මීටර් 11.31 (නව තරග වාර්තාවකි)
2. එම්. ටී අරුනිකා – වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය මීටර් 10.47 (පැරණි වාර්තාව අභිබවා යාමකි)
3.රෙහානා ඩේවිඩ් කොළඹ කාන්තා විද්‍යාලය – මීටර් 10.28 (පැරණි වාර්තාව අභිබවා යාමකි)
3. ඈශ්ලින් කොඩිප්පිලි – කොළඹ ශාන්ත බ්‍රිජට් කන්යාරාමය – මීටර් 10.28 (පැරණි වාර්තාව අභිබවා යාමකි)

වයස අවුරුදු 14න් පහළ – බාලිකා – කවපෙත්ත විසි කිරීම

  1. හෙශානි මහේෂිකා – කඳාන ශාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලය – මීටර්  29.98 (නව තරග වාර්තාවකි)
  2. එච්. එම්. මුණසිංහ – ඕපනායක විද්‍යාකර ඉසුරු මහා විද්‍යාලය – මීටර් 21.18
  3. අයෝමි රසාංජලි – ජෙනින්ස් ජාත්‍යන්තර පාසල – මීටර් 19.27

වයස අවුරුදු 14න් පහළ – බාලිකා – මීටර් 80 කඩුලු

  1. යුවේන්ද්‍රි වික්‍රමසිංහ – මීගමුව නිවුස්ටඩ් බාලිකා විද්‍යාලය – තත්පර 13.6 (තරග වාර්තා සම කිරීමකි)
  2. බී. එස්. දිසානායක – මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය – තත්පර 13.7

වයස අවුරුදු 15න් පහළ – බාලිකා – මීටර් 200

  1. සදීපා හෙන්ඩර්සන් – කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල – තත්පර 26.7
  2. ධනුෂා දහනායක – කොළඹ යශෝධරා විද්‍යාලය  – තත්පර 26.9
  3. හිමාෂා ප්‍රනාන්දු – වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – තත්පර 27.4

වයස අවුරුදු 14න් පහළ – බාලිකා – මීටර් 200

  1. කාවින්ද්‍යා විමලරත්න – කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය – තත්පර 27.8
  2. චතුරි මධුෂිකා – හේනේගම මධ්‍ය විද්‍යාලය – තත්පර 28.0
  3. චමෝද්‍යා මහලියන – කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය – තත්පර 28.3

තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට