ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක පිපිරීමක්

636

ඇෆ්ගනිස්තානයේ පැවැත්වෙන Shpageeza ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය අතරතුර  කාබුල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිපිරීමක් සිදුව තිබෙනවා.

ප්‍රේක්ෂකාගාරය තුල සිදුව තිබෙන මෙම පිපිරීම නිසාවෙන් තුවාල ලැබූ ප්‍රේක්ෂකයින් සිව් දෙනෙකු රෝහල් ගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ප්‍රේක්ෂකයින් සිව්දෙනා රෝහල් ගත කිරීමෙන් පසුව පොලිසිය විසින් තරගය යළි ආරම්භ කිරීම සඳහා සුදුසු වාතාවරණයක් සකස් කර දී තිබූ බව වාර්තා වෙනවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් Pamir Zalmi කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තා.

Band-e-Amir Dragons කණ්ඩායමේ පිළිතුරු ඉනිම අදාළ පිපිරීම හේතුවෙන් ප්‍රමාද වීමත් සමඟ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඔවුන්ට පන්දුවාර 10ක දී ලකුණු 94ක ඉලක්කයක් හිමි වුනා. එය පන්දුවාර 7.1ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී සපුරා ගැනීමට Band-e-Amir Dragons කණ්ඩායම සමත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<