“ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි තමයි ෆයිනල් එන්නේ” – රිකී පොන්ටින්

1473

එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකයින් වශයෙන් ඕස්ට්‍රේලියාව සූදානම් වෙමින් සිටිනවා.

හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් එහි ජයග්‍රාහකයන් කවුදැයි අනුමාන කොට තිබෙනවා.

මං හිතන්නෙ ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි තමයි ෆයිනල් එන්නේ. මට කියන්න වෙනවා ඕස්ට්‍රේලියාව ෆයිනල් එකේ දී ඉන්දියාවට ගහයි කියලා.” පොන්ටින්ගේ අදහස, වත්මන් ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් ඉන්දියාව පරදවා ලෝක කුසලාන ජය ගනු ඇති බවයි. ඔහු මේ අදහස් පල කළේ ICC Review වැඩසටහනට එක්වෙමින්.

දැනට ශූරයන්ට (ඕස්ට්‍රේලියාව) නිජබිමේ වාසිය තියෙනවා. අන්තිම ලෝක කුසලානය ජය ගන්න ඔවුන්ට ඒක එක හේතුවක් වුනා. කැපී පෙනෙන දක්ෂතාවයක් නෙමෙයි තමයි, ඒත් ටිකක් ස්වීට්.” ඔහු පැවසුවා.

පොන්ටින් පවසන්නේ එංගලන්ත කණ්ඩායම ද හොඳ තත්වයක සිටින බවයි.

මං හිතන්නෙ ඔවුන් කැපී පෙනෙන සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමක්. ඒගොල්ලන්ගේ සැකැස්ම කැපී පෙනෙනවා.”

මට හිතෙන්නේ සිරස්තල හැටියට ගන්න පුළුවන් කණ්ඩායම් තුන තමයි ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය.” පොන්ටින් පැවසුවා.

ඔබට අනුව මීළඟ 20-20 ලෝක කුසලාන ශූරයන් වන්නේ කවුරුන්ද?

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<