හිමාෂ, අමාෂා, ඩිල්ෂි සහ කාලිංග සිය ආධිපත්‍ය රැකගනියි

ශාරීරික යෝග්‍යතා මැනීම තේරීම් තරගාවලිය

157
Elite pool & National Pool Fitness

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ජාතික සහ සුපිරි සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාව මැනීම සඳහා පැවැත්වෙන දෙදින තේරීම් තරගාවලියක් අද (17) දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. 

අද දිනයේ පැවති කාන්තා මීටර 60 ඉසව්ව තත්පර 7.44ක කාලයක් වාර්තා කරමින් පළමුවැන්නා ලෙස අවසන් කිරීමට යොවුන් ක්‍රීඩිකා අමාශා ද සිල්වා සමත් වුනා. Safiya Yamic (තත් 7.63) දෙවැන්නා ලෙසත්, මේධානි ජයමාන්න (තත් 7.75) තෙවැන්නා ලෙසත් තරගය අවසන් කළා. 

පිරිමි මීටර 60 ඉසව්ව තත්පර 6.76ක කාලයක් වාර්තා කරමින් පළමුවැන්නා ලෙස අවසන් කිරීමට ජාතික ශූර හිමාෂ ඒෂාන් සමත් වුනා. චානුක සංදීප් (තත් 6.82) දෙවැන්නා ලෙසත්, මොහොමඩ් සෆාන් (තත් 6.88) තෙවැන්නා ලෙසත් තරගය අවසන් කළා. 

ක්‍රීඩකයන් 7 දෙනෙකු සහභාගී වූ පිරිමි මීටර් 300 තරගය තත්පර 33.20කින් පළමු වැන්නා ලෙස අවසන් කිරීමට කාලිංග කුමාරගේ සමත් වුනා. අරුණ දර්ශන (තත් 33.57) දෙවැන්නා ලෙසත්, ඉසුරු ලක්ෂාන් (තත් 33.72) තෙවැන්නා ලෙසත් තරගය අවසන් කළා. 

එමෙන්ම තමන් පමණක් සහභාගී වූ කාන්තා මීටර් 300 තරගය තත්පර 38.76ක කාලයකින් අවසන් කිරීමට නදීෂා රාමනායක සමත් වුනා. 

කාන්තා මීටර් 600 තරගය මිනිත්තු 1.30.14ක කාලයකින් පළමුවැන්නා ලෙස ඩිල්ෂි කුමාරසිංහ අවසන් කළ අතර නිමාලි ලියනආරච්චි මිනිත්තු 1:30.73ක කාලයකින් තරගය අවසන් කළා. 

පිරිමි මීටර් 600 තරගය මිනිත්තු 1.20.36කින් අවසන් කිරීමට රුසිරු චතුරංග සමත් වුනා. 

කාන්තා දුර පැනීම ඉසව්වෙහි (10 Strides) මීටර් 5.98ක දක්ෂතාවයක් දැක්වීමට අංජානි පුලවංශ සමත් වූ අතර පිරිමි ඉසව්වෙහිදී මහේෂ් කුමාර මීටර් 6.84ක දක්ෂතාවයක් දැක්වූවා. 

තවත් මලල ක්‍රීඩා පුවත් කියවන්න

කාන්තා මීටර් 60 කඩුලු පැනීම ඉසව්ව තත්පර 8.45කින් පළමුවැන්නා ලෙස අවසන් කිරීමට ලක්ෂිකා සුගන්ධි සමත් වූ අතර ඉරේෂානි රාජසිංග තත්පර 8.56ක කාලයකින් තරගය අවසන් කළා. 

කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වෙහි (5 Strides) මීටර් 52.29ක දස්කමක් දැක්වීමට එම ඉසව්වේ ජාතික ශූරී නදීකා ලක්මාලි සමත් වුනා. 

පිරිමි මීටර් 300 කඩුලු පැනීම ඉසව්ව තත්පර 38.04ක කාලයකින් අවසන් කිරීමට අසිත රත්නසේන සමත් වුනා. 

පිරිමි මීටර් 1000 ඉසව්ව මිනිත්තු 2.30.30ක කාලයකින් අවසන් කිරීමට සංජීව ලක්මාල් සමත් වූ අතර හේමන්ත කුමාර මිනිත්තු 2.30.39ක කාලයකින් තරගය අවසන් කළා. 

පිරිමි මීටර් 2000 බාධක දිවීමේ තරගය මිනිත්තු 5.51.94ක කාලයකින් අවසන් කිරීමට යූ. බී. හේරත් සමත් වුනා. 

තරගාවලියේ දෙවන සහ අවසන් දිනය හෙටයි (18). 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්නමලල ක්‍රීඩා පිටුවට <<