ලොව පැරණිතම මැරතන් තරගයේ තරගකරුවන් ගණන සීමා කෙරේ

145

ලොව පැරණිතම මෙන්ම ප්‍රධාන පෙළේ මැරතන් තරගයක් වන සුප්‍රකට Boston Marathon තරගයේ මෙවර අදියර සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20,000ක් පමණක් සහභාගි කර ගැනීමට තීරණය කළ බව එහි සංවිධායකයින් ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව 125 වැනි වරට පැවැත්වීමට නියමිත මෙම වසරේ අදියර සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20,000ක් සහභාගී වීමට නියමිතව ඇති අතර තරගය මෙම වසරේ ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමට නියමිත වේ.

මේ පිළිබඳව දැනුවත් කරමින් තරග සංවිධායක Tom Grilk ප්‍රකාශ කර සිටියේ කොරෝනා වසංගත නීති නිසාවෙන් තරගාවලියේ මෙම වසරේ අදියර පෙර වතාවන්ට වඩා කුඩා ලෙස පැවැත්වීමට සූදානම් බවයි.

“අපට මහජනතාවගේ සහ සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව උදෙසා අමතර නීති රීති අනුගමනය කරන්න වෙනවා. ලොව පැරණිතම මැරතන් තරගය ඔක්තෝබර් මාසයේ දී ආරක්ෂිතව පැවැත්වීමට අපි තහවුරු වෙනවා” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

1987 වසරේ දී ආරම්භ වූ ලොව පැරණිතම මැරතන් තරගය වන Boston මැරතන් තරගය ඉතිහාසයේ මුල්ම වරට පසුගිය වසරේ දී කොරෝනා වසංගතය නිසාවෙන් අවලංගු කිරීමට සිදු වුනා.

තවත් මලල ක්‍රීඩා පුවත්:

පසුගිය වසරේ අදියර සඳහා ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටි අතර එයින් 16,000ක් පමණ virtual මැරතන් තරගය සම්පූර්ණ කර තිබුණා.

ඉතිහාසයේ ප්‍රථම වරට තරගය අවලංගු වූ වසරකින් පසු මෙම වසරේ තරගය ද සාම්ප්‍රදායිකව තරගය පැවැත්වෙන කාලසීමාවෙන් ඉවත් කර ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට තීරණය කර ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<