මෙරට උස පැනීමේ ශූරයාට ඇමරිකාවෙන් සම්මානයක්

234
A&M-Commerce Lion Athletics

ඇමරිකානු ජවන/පිටිය සහ රට හරහා දිවීමේ පුහුණුකරුවන්ගේ සංගමය විසින් පිරිනමන දෙවන කාණ්ඩයේ ගෘහස්ථ පිටිය ක්‍රීඩකයා (Division II Indoor National Men’s Field Athlete of the Year) සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා සමත් වුනා.

ඇමරිකානු විශ්වවිද්‍යාල ගෘහස්ථ ක්‍රීඩා පිටියේ මෑත කාලයේ දී දැක්වූ ඉහළ දස්කම් නිසාවෙන් ඔහුට මෙම සම්මානය හිමිව ඇති අතර ඇමරිකාවේ දී මෙවැනි සම්මානයකින් පිදුම් ලැබූ මුල්ම ලාංකික ක්‍රීඩකයා ද ඔහුයි.

පෙබරවාරි මාසයේ පැවති Lone Star Conference ගෘහස්ථ තරගාවලියේ දී මීටර් 2.25ක දස්කමක් දක්වමින් මංජුල කුමාර විසින් පිහිටුවා තිබූ පිරිමි ගෘහස්ථ උස පැනීමේ ජාතික වාර්තාව බිඳ හෙළීමට උෂාන් සමත් වුනා.

පසුව මේ මාසයේ දී (මාර්තු) පැවති NCAA දෙවන කාණ්ඩයේ ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 2.26ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ඔහුගේම ජාතික වාර්තාව බිඳ හෙළමින් එය ජයග්‍රහණය ලබා ගන්නට ඔහු සමත් වුනා.

තවත් මලල ක්‍රීඩා පුවත්:

එමෙන්ම ඔහුගේ එම දස්කම NCAA දෙවන කාණ්ඩයේ උස පැනීම ඉසව්වක දී මෙතෙක් වාර්තා වූ සිව්වැනි හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වුනා.

උස පැනීම ඉසව්වේ ලෝක වර්ගීකරණයේ මුල් ක්‍රීඩකයන් 20 දෙනා අතර රැඳී සිටීමට සමත්ව ඇති උෂාන් එම ඉසව්වේ ආසියානු වර්ගීකරණයේ මුල් ස්ථානයේ පසු වෙනවා.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන උෂාන් වර්තමානයේ දී ඇමරිකාවේ ටෙක්සාස් නුවර පිහිටි Texas A&M University-Commerce හී උසස් අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටිනවා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<