ග්‍රේෂන් සහ සාරංගි කටාර් හිදී දස්කම් දක්වයි

332

කටාර් හී පුහුණුවීම් කටයුතුවල නිරත වෙමින් සිටින ශ්‍රී ලාංකික මලල ක්‍රීඩිකා සාරංගි ද සිල්වා සහ මලල ක්‍රීඩක ග්‍රේෂාන් ධනංජය පසුගිය සඳුදා (15) පැවති තේරීම් තරගාවලියක දී දුර පැනීම ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

එහි කාන්තා ඉසව්වේ මීටර් 6.27ක දක්ෂතාවක් දැක්වීමට සාරංගි සමත්ව ඇති අතර ඇය විසින් එහි දී ඩයමන්ඩ් ලීග් වැනි ප්‍රධාන පෙළේ තරගාවලි නියෝජනය කළ නෙදර්ලන්ත දුර පැනීමේ ශූරියක් වන ඉවා බැස්මියර් පරාජය කිරීමට ද සමත්ව ඇත.

එතරම් ප්‍රබල ක්‍රීඩකයන් සහභාගී නොවූ පිරිමි දුර පැනීමේ ඉසව්වේ මීටර් 7.70ක දස්කමක් දක්වමින් එහි රන් පදක්කම දිනා ගැනීමට මෙරට දුර පැනීම ඉසව්වේ ජාතික ශූර ග්‍රේෂන් ධනංජය සමත්ව ඇත.

තවත් මලල ක්‍රීඩා පුවත්:

එමෙන්ම තරගය පැවති දිනයේ දී කටාර්හී පැවති තරමක ශීත කාලගුණ තත්වය නිසාවෙන් ඔවුන්ට තරග වැදීමේ දී යම් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වූ බව ද වාර්තා වේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී පැවති 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී දුර පැනීම ඉසව්වේ කාන්තා සහ පිරිමි කිරුළ දිනා ගැනීමට සාරංගි සහ ග්‍රේෂන් සමත් වූ අතර එම නිසාවෙන් ඔවුන් දෙදෙනාට කටාර් හී විශේෂ පුහුණු ක්‍රීඩා ශිෂ්‍යත්ව හිමි වුනා.

“අරුණ පුවත්පත ඇසුරෙනි”

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<