දසුන් සුභදායී ආරම්භයක් සමඟ PSL හී වැඩ අල්ලයි!

PSL 2023

3945
Dasun shanka played his first match

PSL තරගාවලියේ 9 වැනි තරගය ඊයේ (20) Quetta Gladiators සහ Peshawar Zalmi කණ්ඩායම් අතර පැවැත්වුණු අතර, එහි දී Gladiators කඩුලු 4කින් පරාජය කරමින් මෙවර තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට Peshawar Zalmi සමත් වුනා.

Peshawar Zalmi මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ තෙවැනි තරගය මෙය වූ අතර මීට පෙර තරග ද්විත්වයේම Zalmi වෙනුවෙන් මැදපෙළ පිතිකරණයේ යෙදුණු භානුක රාජපක්ෂ හට ඊයේ තරගය අහිමි වී තිබුණා. ඒ වෙනුවට Sherfane Rutherfordගේ ආදේශකය ලෙස මෙවර තරගාවලියට එක් වූ දසුන් ශානක ඊයේ තරගයට සහභාගී වුනා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Quetta Gladiators නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 154ක් රැස් කළ අතර එහි දී Gladiators ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වීමට Iftikhar Ahmed විසින් සමත් වුනේ වේගවත් ලකුණු 50ක් වාර්තා කරමිනුයි.

මේ අතර Zalmi වෙනුවෙන් පන්දු යැවීමේ දී Usman Qadir ලකුණු 26කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම දසුන් ශානක ද Zalmi වෙනුවෙන් පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කළ නමුත් ඔහු එහි දී Gladiatorsට ලකුණු 22ක් ලබා දුන්නා.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසි Peshawar Zalmi කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 67ක් වන විට දැවී ගිය අතර පසුව පිටියේ එක් වූ Rovman Powell සහ James Neesham පිළිවෙළින් ලකුණු 36ක් සහ ලකුණු 38ක් ලබා ගනිමින් Zalmi ඉනිම ශක්තිමත් කළා.

කෙසේ වෙතත් Gladiators කණ්ඩායමේ Naseem Shah සහ Mohammad Hasnain විසින් යැවූ පන්දුවාර 8 තුල ලකුණු 32ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් බිඳ හෙළීමට ඔවුන් සමත් වීම නිසා Zalmi ඉනිම එක් මොහොතක කඩුලු 6ක් දැවී ලකුණු 134ක් ලෙස දිස් වුනා.

ඒ මොහොතේ පිටියේ එකතු වූ දසුන් ශානක සහ Wahab Riaz විසින් Zalmi ඉනිම ජයග්‍රහණය කරා ඉවසීමෙන් යුතුව රැගෙන ගිය අතර ඒ අනුව පන්දුවාර 18 පන්දු 3ක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 157ක් ලබා ගනිමින් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Peshawar Zalmi සමත් වුනා.

ඒ වන විට නොදැවී පිටියේ රැඳී සිටි දසුන් ශානක පන්දු 16කින් ලකුණු 16ක් ලබා සිටියා.

තරගාවලියේ 10 වැනි තරගය අද (21) Quetta Gladiators සහ Lahore Qalandars කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

PSL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<