ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ 2 වැනි දිනය නිමා වෙද්දී තම පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 114ක් ලබා සිටියා.
ඒ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 434ක් හඹා යන ඉනිමේ දී යි. ඒ අනුව ශ්‍රී ලංකාව සත්කාරකයන්ට වඩා තවත් ලකුණු 320ක් පිටුපසින් පසුවෙන අතර ඔවුන්ට එම ඉලක්කය හඹා යෑමට තවත් කඩුලු 7ක් ඉතිරි ව තිබෙනවා.
ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු ත්‍රිත්වයෙන් කඩුලු ද්විත්වයක ම හිමිකරු වූයේ කෝඩුකාර දකුණතින් මඳ වේග පන්දු යැවූ Saqib Khan. ඔහු තම මංගල ටෙස්ට් කඩුල්ලට දිනේෂ් චන්දිමාල් දවා ගත් අතර ඉන් අනතුරු ව ලහිරු උදාර ද දවා ගැනීමට සමත් වූවා.
පාකිස්තාන ඉනිම වෙනුවෙන් පෙර දිනයේ දී තම මංගල ටෙස්ට් තරගයේ දී ම අර්ධ ශතකලාභීන් අතරට Tayyab Arif සහ Mohammad Taha එක් වූ අතර අද අනෙක් කෝඩුකාර Arafat Minhas ද අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.
>>පාකිස්තාන ඉනිමට කෝඩුකාර අර්ධ ශතක ද්විත්වයක්
Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය අද ආරම්භ වෙන්නේ තම පළමු ඉනිමට ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 281ක් ලබා සිටිය දී යි. ඒ වෙද්දී Saud Shakeel නොදැවී ලකුණු 57ක් ද සහ Ghazi Ghori නොදැවී ලකුණු 7ක් ද ලබා සිටියා.
අද දවසේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පළමු ගොදුර බවට පත් වෙන්නේ Ghazi Ghori. ඔහු දැවී යන විට පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 48ක් ලබා සිටියා. ඒ වෙද්දී Ghazi Ghori සහ Saud Shakeel දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට එක් කර තිබූ ලකුණු සංඛ්‍යාව 96ක්. ඒ සඳහා ඔවුන් ඊට පන්දු 149ක් වැය කර තිබුණා.
Saud Shakeel ඉනිමේ 7 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 199කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 93ක් ලබා සිටියා. එය ඔහුගේ 27ක් වන ටෙස්ට් තරග පිටියේ 12 වැනි අර්ධ ශතකයයි.
ඔහු එම කඩුල්ල වෙනුවෙන් Arafat Minhas හා එක් ව පන්දු 73ක දී ලකුණු 44ක සබඳතාවක් ද එක් කරනවා. කෝඩුකාර Arafat Minhas ශ්‍රී ලංකාවට එරෙහි ව තම මංගල ටෙස්ට් තරගයේ දී මංගල අර්ධ ශතකය වාර්තා කළ තෙවැනි ක්‍රීඩකයා බවට අද පත් වුණා.
ඔහු ඉනිමේ 8 වැනි කඩුල්ලට දැවී යන පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා සිටි අතර Razaullah (10) සමඟ එක් වූ ඔහු එම කඩුල්ලට පන්දු 29ක දී ලකුණු 41ක සබඳතාවක් ද එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මදුශංක කඩුලු 3ක් බැගින් දවා ගන්නා ලද අතර ඊට අමතර ව සොනාල් දිනූෂ, මිලාන් රත්නායක සහ ලහිරු කුමාර කඩුල්ල බැගින් දවා ගත්තා.
- ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරග 59ක පැටිකිරිය
- පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට
- පාකිස්තානුවෝ තමන්ට එරෙහි වසර 51ක වාර්තාවක් සතු කර ගනී
- Major Club සිව් දින තරගාවලියට දින වෙන් කරයි
- පාකිස්තානයට එරෙහි ටෙස්ට් සංචිතය නම් කරයි
පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ ලහිරු උදාර සහ පසිඳු සූරියබණ්ඩාර එක්වයි. ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.
පසිඳු සූරියබණ්ඩාර තමන් මුහුණ දුන් 7 වැනි පන්දුවේ දී ලකුණු නොලබා දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුල්ලක් දැවී ලකුණු 7ක් ලෙසයි. ඔහුගේ දැවී යෑමෙන් පසුව යැවුණ 7 වැනි පන්දුවේ දී දිනේෂ් චන්දිමාල් (1) ද හරවා යැවීමට Saqib Khan සමත් වුණා. Salman Agha රැක ගත් උඩ පන්දුව එම කඩුල්ල දැවී යෑමට හේතු වූවා.
ඉන් අනතුරු ව කඩුල්ලේ දී පන්දු 80ක දී ලකුණු 53ක සබඳතාවක් එක් කිරීමට ලහිරු උදාර සහ කමිඳු මෙන්ඩිස් සමත් වෙනවා. ඔවුන් එම සබඳතාව එක් කරන්නේ තේ විවේකයේ වාසිය ද ලබා ගනිමිනුයි. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 42ක් ව තිබුණා.
තේ විවේකයෙන් පසුව යැවුණ 5 වැනි පන්දුවාරයේ දී ලහිරු උදාර ගේ කඩුල්ල ද දවා ගැනීමට Saqib Khan සමත් වුණා. ලහිරු උදාර ඉනිම හැර යද්දී පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටියා.
තරගය 2 වැනි දිනයට නතර කරන විට කමිඳු මෙන්ඩිස් පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ද සහ ධනංජය ද සිල්වා පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව මේ වෙද්දී සිව් වැනි කඩුල්ලට පන්දු 62ක දී ලකුණු 49ක සබඳතාවක් එක් කර තිබෙනවා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ කෝඩුකාර Saqib Khan ලකුණු 54කට කඩුලු 2ක් දවා ගනිමින් මෙතෙක් ඉනිමේ හොඳම ඉනිම වාර්තා කළා. අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය Mohammad Abbas සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- පාකිස්තානය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 434 (106.3)Azan Awais30, Tayyab Arif 57, Mohammad Taha 51, Babar Azam 50, Saud Shakeel 93, Ghazi Ghori 48, Arafat Minhas 52, අසිත ප්‍රනාන්දු 3/107, ඩිල්ශාන් මදුශංක 3/108
- ශ්‍රී ලංකාව – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 114 (27.1) ලහිරු උදාර 42, කමිඳු මෙන්ඩිස් නොදැවී 40, ධනංජය ද සිල්වා නොදැවී 22, Saqib Khan2/54
මෙම තරගය හෙට (11) 3 වැනි දිනයටත් ක්‍රියාත්මක විමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















