කණ්ඩායම් පහක් ජයග්‍රහණ වාර්තා කරයි

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන්දින තරගාවලිය

256
Major Club Emerging 3 day Tournament 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (27) නිමාවට පත්වුනා.

එම තරගවලින් බොහොමයක් ජය-පරාජයෙන් තොරව අවසන් වන විට Colombo Colts Cricket Club, Air Force Sports Club, Galle CC, Sebastianites සහ Moors Sports Club ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා.

දිනයේ වැඩිම ලකුණු ලාභියා වූ Saracens ක්‍රීඩක නවිඳු විතානගේ රැස් කර ගත් ලකුණු 146 නිසාවෙන් සිය තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට Saracens ක්‍රීඩකයින්ට හැකි වුනා. ඊට අමතරව Lankan ක්‍රීඩක රිසිත උපමාල් සහ Nugegoda ක්‍රීඩක කෙවින් පෙරේරා ශතක රැස් කිරීමට සමත් වුනා.

අවසන් මොහොත දක්වා ඇදී ගිය තියුණු සටනකින් පසුව Army ක්‍රීඩකයින් පරදවා ලකුණු 18ක ජයක් හිමි කර ගැනීමට Colombo Colts ක්‍රීඩකයින් සමත් වූ අතර ගාල්ල ක්‍රීඩකයින් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කර ගත්තා.

මොවීන් සුබසිංහගේ පන්දු යැවීම (5/46 & 4/50) සහ පිතිකරුවන්ගේ සටන්කාමී ඉනිම් නිසාවෙන් නාවික හමුදා ක්‍රීඩකයින් පරදවමින් කඩුලු 5ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින්ට හැකි වුනා.

කෙටි ලකුණු සටහන්,

Saracens Sports Club සහ Negombo Cricket Club

  • කාසියේ වාසිය – Negombo CC
  • ක්‍රීඩාංගණය – Bloomfield Ground, Colombo

Saracens Sports Club – 353 (88.4): තවීෂ කහදූවආරච්චි 107, සඳුන් මෙන්ඩිස් 60, සසන්ක නිර්මාල් 45, ඔමාල් පිලපිටිය 35, කවික ඩිල්ෂාන් 35, චමල්ක ප්‍රනාන්දු 21, පසිඳු උස්හෙට්ටිගේ 6/154, රශ්මික මෙවන් 3/61.

Saracens Sports Club – 262/5 (64.3): නවිඳු විතානගේ 146, සඳුන් මෙන්ඩිස් 55, පසිඳු උස්හෙට්ටිගේ 3/97.

Negombo Cricket Club – 322/7 (90): පසිඳු ලක්ශංක 75, උමේෂ් ලක්ෂාන් 71, සඳරුවන් චින්තක 68*, කවික ඩිල්ෂාන් 4/124.

තරගය ජය පරාජයෙන් තොරයි.

Tamil Union C&A සහ Nugegoda Sports & Welfare Club

  • කාසියේ වාසිය – Nugegoda Sports & Welfare Club
  • ක්‍රීඩාංගණය – P Sara Oval, Colombo

Tamil Union C&A – 527/9 (122.1): සුපුන් කාවින්ද 173, රන්මිත් ජයසේන 127, දමිත පෙරේරා 47, මධුෂික සඳරුවන් 3/92, රහල් ගුණසේකර 2/162.

Tamil Union C&A – 201/5 (32): සිතාර හපුහින්න 90, කමේෂ් නිර්මාල් 51, රහල් ගුණසේකර 3/51.

Nugegoda Sports & Welfare Club – 369 (117): කෙවින් පෙරේරා 101, නවීන් ප්‍රනාන්දු 47, කළණ මධුශංක 41, මිරංග වික්‍රමසිංහ 3/72, විජේකාන් වියස්කාන්ත් 3/74.

තරගය ජය පරාජයෙන් තොරයි.

Colombo Colts Cricket Club සහ Army Cricket Club

  • කාසියේ වාසිය – Colts Cricket Club
  • ක්‍රීඩාංගණය – Army Ground, Panagoda

Colombo Colts Cricket Club – 331 (76.5): ශෙරෝන් ෆොන්සේකා 80, හර්ෂ රාජපක්ෂ 85, ජෙහාන් ඩැනියල් 55, කෞමාල් නානයක්කාර 7/111, ශෙහාද සොයිසා 2/96.

Colombo Colts Cricket Club – 104 (46.3): අවිශ්ක පෙරේරා 21, මුදිත ලක්ෂාන් 20, ශෙහාද සොයිසා 7/43.

Army Cricket Club – 221 (44.5): හිමාෂ ලියනගේ 58, අශේන් ඩිල්හාර 53*, රොහාන් සංජය 3/47, ජෙහාන් ඩැනියල් 3/57.

Army Cricket Club – 196 (48.1): බිශාන් මෙන්ඩිස් 64, පැතුම් බොතේජු 38, හිමාෂ ලියනගෙ 34, රුවින් සෙනවිරත්න 5/89, රොහාන් සංජය 3/25.

Colts කණ්ඩායමට ලකුණු 18ක ජයක්.

Sebastianites C & A සහ Lankan Cricket Club

  • කාසියේ වාසිය – Sebastianites C & A
  • ක්‍රීඩාංගණය – De Soysa Cricket Stadium

Sebastianites C & A – 228 (58.4): විශාල් සිල්වා 87, මනෙල්කර් ද සිල්වා 38, සඳුන් ප්‍රනාන්දු 33, විනුද ලියනගේ 3/39, එස්. සංකල්ප 3/47.

Sebastianites C & A – 301 (55.5): විශාල් සිල්වා 68, මනෙල්කර් ද සිල්වා 43, තරූෂ ප්‍රනාන්දු 45, යොහාන් පෙරේරා 31, එස්. සංකල්ප 2/44

Lankan Cricket Club – 179 (55.5): මෙත්සිත් ජයමාන්න 56, ළහිරු ඩිල්ෂාන් 20, තරිඳු රත්නායක 5/95, තරූෂ ප්‍රනාන්දු 4/47.

Lankan Cricket Club – 297 (66.4): රිසිත් උපමාල් 101, රවිඳු රත්නායක 46, එස්. සංකල්ප 38, තරිඳු රත්නායක 5/113.

Sebastianites කණ්ඩායමට ලකුණු 53ක ජයක්.

Navy Sports Club සහ Air Force Sports Club

  • කාසියේ වාසිය – Air Force Sports Club
  • ක්‍රීඩාංගණය – Navy Ground, Welisara

Navy Sports Club – 189 (70.2): සහන් කෝසල 61, පුෂ්පිත ඩිල්ෂාන් 36, ජමිත් ඩිල්ෂාන් 29, මොවීන් සුභසිංහ 5/46, මතීෂ මධුෂාන් 2/35.

Navy Sports Club – 121 (67): සුපුන් නයනජිත් 51, මොවීන් සුභසිංහ 4/50, නදීර ඉශාන් 2/20.

Air Force Sports Club – 153 (45.2): කළිඳු සිරිවර්ධන 54, කෙමිර විජේනායක 39, සුදාර දක්ෂිණ 6/58.

Air Force Sports Club – 159/5 (34.2): උදයවංශ පරාක්‍රම 71, මොවීන් සුබසිංහ 31*, සුදාර දක්ෂිණ 4/47.

Air Force ක්‍රීඩකයින්ට කඩුලු 5ක ජයක්.

Moors Sports Club සහ Sinhalese Sports Club

  • කාසියේ වාසිය – Moors Sports Club
  • ක්‍රීඩාංගණය – Moors Ground, Colombo

Moors Sports Club – 292 (64.5): අදීෂ තිලංචන 128, දිනුක ඩිල්ෂාන් 99, කවිඳු නදීෂාන් 5/75, කවිෂ්ක සේනාධීර 2/50.

Moors Sports Club – 258/4 (48): දිනුක ඩිල්ෂාන් 111, පසිඳු සූරියබණ්ඩාර 50*, කවිශ්ක සේනාධීර 3/66.

Sinhalese Sports Club – 175 (43.5): ශෙවෝන් ඩැනියල් 58, කවිඳු නදීෂාන් 38*, කළණ පෙරේරා 22, ඔමේෂ් මෙන්ඩිස් 20, අයන සිරිවර්ධන 4/60.

Sinhalese Sports Club – 89 (25.1): කළණ පෙරේරා 31, අයන සිරිවර්ධන 5/54.

Moors කණ්ඩායමට ලකුණු 286ක ජයක්.

Kalutara Town Club සහ Kandy Customs Sports Club

  • කාසියේ වාසිය – Kalutara Town Club
  • ක්‍රීඩාංගණය – Panadura Esplanade

Kalutara Town Club – 283 (87.5): කෞෂාන් කුලසූරිය 88, රොමේෂ් නල්ලප්පෙරුම 32, පසන් පෙතන්ගොඩ 3/62, අයේෂ් හර්ෂණ 2/94.

Kalutara Town Club – 227/9 (48.5): තෙවිඳු සෙනරත් 50*, ටී. වීරසිංහ 43, පසන් පෙතන්ගොඩ 3/46.

Kandy Customs Sports Club – 300 (86.4): කවිඳු ලක්ෂාන් 77, රශ්මික මධුශංක 57, සසිත් මධුරංග 48, කනිශ්ක මධුවන්ත 4/58.

Kandy Customs Sports Club – 132/8 (48): තිමිර මල්ෂාන් 58*, සඳරු පතිරණ 29, තේමාල් බණ්ඩාර 6/30.

තරගය ජය පරාජයෙන් තොරයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<