2026 පාපන්දු ලෝක කුසලානයේ 31ක් වැනි දිනයට නියමිත තරගය අද (15) උදෑසන ක්‍රියාත්මක වුනා.
මෙවර ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී වත්මන් ලෝක අනුශූර ප්‍රංශය සහ ස්පාඤ්ඤය තරග වැදුණා.
මීට පෙර ප්‍රධාන මට්ටමේ තරගාවලියක් ලෙස සැලකිය හැකි 2024 Euro පාපන්දු ශූරතාවයේ දී ස්පාඤ්ඤය සහ ප්‍රංශය මේ අයුරින් ම අවසන් පූර්ව වටයක දී මුණ ගැසුණු අතර, එහි දී ස්පාඤ්ඤය විසින් එම තරගය ජය ගැනීමට සමත් වුනා.
එමෙන්ම පසුගිය වසර කිහිපය තුළ ස්පාඤ්ඤය බොහෝ විට ප්‍රංශයට වඩා ඉදිරියෙන් රැඳී සිටියත්, මෙවර ලෝක කුසලානය තුළ වඩාත් කැපී පෙනුණු කණ්ඩායම ප්‍රංශය වූ බව අවිවාදිතයි.
කෙසේ වෙතත් අද පැවැත්වුණු තරගයේ දී ප්‍රංශය මීට පෙර ප්‍රදර්ශනය කළ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය ඉතා පහසුවෙන් සමනය කර දැමීමට ස්පාඤ්ඤයට හැකියාව ලැබුණා.
විශේෂයෙන්ම ස්පාඤ්ඤය සතු ශක්තිමත් මැද පෙළ සහ ආරක්ෂක පෙළ සමඟ ප්‍රංශයට සිය බලාපොරොත්තු ඉටු කර ගැනීම අතිශය අසීරු වූ බව දක්නට ලැබුණා.
තරගයේ 22 වැනි මිනිත්තුවේ දී Lamin Yamal විසින් ස්පාඤ්ඤය වෙනුවෙන් දඬුවම් පහරක් දිනා දීමට සමත් වූ අතර, Mikel Oyarzabal විසින් එම දඬුවම් පහර සාර්ථක කර ගනිමින් මෙවර ලෝක කුසලානයේ සිය 05 වැනි ගෝලය වාර්තා කර ගැනීමට සමත් වුනා.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
ඉන් අනතුරුව තරගයේ පළමු අර්ධය නිමා වන තෙක් තරගය 1-0ක් ලෙස ස්පාඤ්ඤය ඉදිරියේ රැඳෙමින් ක්‍රියාත්මක වූ අතර, තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව, තරගයේ 58 මිනිත්තුවේ දී ස්පාඤ්ඤ ක්‍රීඩක Pedro Porro විසින් තරගයේ දෙවැනි ගෝලය ද වාර්තා කරමින් 2-0ක් ලෙස ලකුණු තත්වය වෙනස් කිරීමට සමත් වුනා.
මේ අතර තුර Kylian Mbappe ප්‍රමුඛ ප්‍රංශය තරගය නැවත සියතට ගැනීමට අවශ්‍ය උත්සාහය දැරූ නමුත්, එය සාර්ථක කර ගැනීමට ඉඩ ලැබුණේ නැහැ. මෙහි දී Mbappe එකදු පහරක් හෝ දැල ඉලක්ක කර ගනිමින් එල්ල කිරීමට සමත් නොවීමත් විශේෂත්වයක්.
ඒ අනුව තරගයෙන් ස්පාඤ්ඤය 2-0ක ජයක් ලබමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූ අතර, ප්‍රංශයට නොකඩවා තෙවැනි වරටත් ලෝක කුසලාන අවසන් තරගයක් ක්‍රීඩා කිරීමට තිබූ ඓතිහාසික අවස්ථාව අහිමි වී ගියා. එමෙන්ම ප්‍රංශය ලෝක කුසලාන තරගාවලිවල තරග 10ක් තිස්සේ එක දිගට ගෝල වාර්තා කරමින් පැමිණි ගමන ද මෙතෙකින් නතර වන අතර, Kylian Mbappe මෙවර ලෝක කුසලානය තුළ ගෝල 08ක් ලබමින් සිය ගමන ද නතර කරනවා.
එමෙන්ම මෙය 1986 ලෝක කුසලානයේ දී බටහිර ජර්මනිය හමුවේ ගෝල 2-0ක් ලෙස පරාජය වීමෙන් අනතුරුව ගෝල පරතරය අනුව ප්‍රංශය ලැබූ විශාලතම පරාජය (පිළිමළුන් පිටුදැකීමේ තරග වට වල දී) ලෙසත් සටහන් වුනා.
මේත් සමඟම ස්පාඤ්ඤ කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි වරට අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, ඔවුන් සිය ප්‍රථම අවස්ථාව වූ 2010 දී ලෝක ශූරතාව ජය ගැනීමට ද සමත් වීම විශේෂත්වයක්.
මේ අතර ස්පාඤ්ඤය සමඟ අවසන් මහා තරගයේ දී ක්‍රීඩා කරන අනෙක් රට තෝරා ගැනීම සඳහා තරගය හෙට (16) අලුයම ආජන්ටිනාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතයි.
2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>






















